Ta-Ha

سورة طه

සූරා 20 · මක්කා · 135 පද

20:1ජුස් 16 · පි. 312

طه1

තාහා
20:2ජුස් 16 · පි. 312

مَا أَنْزَلْنَا عَلَيْكَ الْقُرْآنَ لِتَشْقَىٰ2

නුඹ අපහසුතාවට පත් වනු පිණිස අපි නුඹ වෙත කුර්ආනය පහළ නොකළෙමු.
20:3ජුස් 16 · පි. 312

إِلَّا تَذْكِرَةً لِمَنْ يَخْشَىٰ3

(එය) බියෙන් පසු වන අයට උපදෙසක් වශයෙන් මිස
20:4ජුස් 16 · පි. 312

تَنْزِيلًا مِمَّنْ خَلَقَ الْأَرْضَ وَالسَّمَاوَاتِ الْعُلَى4

(මෙය) මහපොළොව හා උස් වූ අහස් මැවූ ඔහුගෙන් පහළ කිරීමකි.
20:5ජුස් 16 · පි. 312

الرَّحْمَٰنُ عَلَى الْعَرْشِ اسْتَوَىٰ5

මහා කරුණාන්විතයාණන් අර්ෂ් මත විය.
20:6ජුස් 16 · පි. 312

لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَمَا بَيْنَهُمَا وَمَا تَحْتَ الثَّرَىٰ6

අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඒ දෙක අතර ඇති දෑ ද පස් යට ඇති දෑ ද ඔහු සතුය.
20:7ජුස් 16 · පි. 312

وَإِنْ تَجْهَرْ بِالْقَوْلِ فَإِنَّهُ يَعْلَمُ السِّرَّ وَأَخْفَى7

ප්‍රකාශය නුඹ හඬ නඟා පැවසුව ද (එහි වෙනසක් නොමැත) හේතුව රහස් දෑ හා සඟවන දෑ නියත වශයෙන්ම ඔහු දනී.
20:8ජුස් 16 · පි. 312

اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ8

අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔහුට අලංකාර නාමයන් ඇත.
20:9ජුස් 16 · පි. 312

وَهَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ9

තවද මූසාගේ පුවත නුඹ වෙත පැමිණියේ ද?
20:10ජුස් 16 · පි. 312

إِذْ رَأَىٰ نَارًا فَقَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَعَلِّي آتِيكُمْ مِنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى النَّارِ هُدًى10

ඔහු ගින්නක් දුටු අවස්ථාවේ ‘නුඹලා රැඳී සිටිනු. නියත වශයෙන්ම මම ගින්නක් දුටුවෙමි. එයින් ගිනි මැලයක් නුඹලා වෙත ගෙන එන්නට මට පුළුවණ. එසේ නැතහොත් ගින්න සඳහා වූ මග පෙන්වීමක් මා ලබන්නට පුළුවණ’ යැයි තම පවුලට ඔහු පැවසුවේය.
20:11ජුස් 16 · පි. 312

فَلَمَّا أَتَاهَا نُودِيَ يَا مُوسَىٰ11

ඔහු ඒ වෙත පැමිණි කල්හි ‘අහෝ ! මූසා,
20:12ජුස් 16 · පි. 312

إِنِّي أَنَا رَبُّكَ فَاخْلَعْ نَعْلَيْكَ ۖ إِنَّكَ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى12

නියත වශයෙන්ම මම නුඹගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹගේ පාවහන් යුගල නුඹ ගලවා දමනු. නියත වශයෙන්ම නුඹ පාරිශුද්ධත්වයට පත් කරනු ලැබූ තුවා නම් මිටියාවතෙහිය’ යැයි අමතනු ලැබීය.
20:13ජුස් 16 · පි. 313

وَأَنَا اخْتَرْتُكَ فَاسْتَمِعْ لِمَا يُوحَىٰ13

තවද මම නුඹ ව (නබිවරයකු වශයෙන්) තෝරා ගත්තෙමි. එහෙයින් හෙළිදරව් කරනු ලබන දෑට නුඹ සවන් දෙනු.
20:14ජුස් 16 · පි. 313

إِنَّنِي أَنَا اللَّهُ لَا إِلَٰهَ إِلَّا أَنَا فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي14

නියත වශයෙන්ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹ මට ගැතිකම් කරනු. තවද මා මෙනෙහි කරනු වස් නුඹ සලාතය විධිමත් ව ඉටු කරනු.
20:15ජුස් 16 · පි. 313

إِنَّ السَّاعَةَ آتِيَةٌ أَكَادُ أُخْفِيهَا لِتُجْزَىٰ كُلُّ نَفْسٍ بِمَا تَسْعَىٰ15

නියත වශයෙන්ම (අවසන්) හෝරාව පැමිණෙන්නකි. සෑම ආත්මයකටම තමන් වෙහෙස වූ දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබනු පිණිස මම එය සඟවා ඇත්තෙමි.
20:16ජුස් 16 · පි. 313

فَلَا يَصُدَّنَّكَ عَنْهَا مَنْ لَا يُؤْمِنُ بِهَا وَاتَّبَعَ هَوَاهُ فَتَرْدَىٰ16

එහෙයින් ඒ පිළිබඳ විශ්වාස නොකරන තම ආශාවන් අනුගමනය කළ අය නුඹ ව එයින් නොවැළැක්විය යුතුය. එවිට නුඹ විනාශ වී යනු ඇත.
20:17ජුස් 16 · පි. 313

وَمَا تِلْكَ بِيَمِينِكَ يَا مُوسَىٰ17

අහෝ ! මූසා, නුඹේ දකුණතෙහි ඇති‍ එය කුමක් ද?
20:18ජුස් 16 · පි. 313

قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَىٰ غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَىٰ18

‘එය මාගේ සැරයටිය වේ. මම ඒ මත බර දී සිටිමි. තවද එමගින් මාගේ එළුවන්ට (අතු කොළ) කඩා බිම දමමි. තවද මට එහි වෙනත් අවශ්‍යතාවන් ද ඇත’ යැයි ඔහු පැවසීය.
20:19ජුස් 16 · පි. 313

قَالَ أَلْقِهَا يَا مُوسَىٰ19

‘අහෝ ! මූසා, නුඹ එය බිම හෙළනු’ යැයි ඔහු පැවසුවේය.
20:20ජුස් 16 · පි. 313

فَأَلْقَاهَا فَإِذَا هِيَ حَيَّةٌ تَسْعَىٰ20

එවිට ඔහු එය බිම හෙළීය. එසැණින් එය උරගා වේගයන් දුවන නාගයකු විය.
20:21ජුස් 16 · පි. 313

قَالَ خُذْهَا وَلَا تَخَفْ ۖ سَنُعِيدُهَا سِيرَتَهَا الْأُولَىٰ21

නුඹ එය අල්ලනු. තවද නුඹ බිය නොවනු. එහි මුල් ක්‍රමයටම අපි එය නැවත පත් කරන්නෙමු යැයි ඔහු පැවසුවේය.
20:22ජුස් 16 · පි. 313

وَاضْمُمْ يَدَكَ إِلَىٰ جَنَاحِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ آيَةً أُخْرَىٰ22

නුඹේ අත නුඹේ කිහිල්ල වෙත එකතු කර තබනු. කිසිදු හානියකින් තොර ව තවත් සංඥාවක් ලෙස සුදුවන් දීප්තියක් එය පිට කරනු ඇත.
20:23ජුස් 16 · පි. 313

لِنُرِيَكَ مِنْ آيَاتِنَا الْكُبْرَى23

(එය) අපගේ මහත් වූ සංඥාවන් අතුරින් අප නුඹට පෙන්වීම පිණිසය.
20:24ජුස් 16 · පි. 313

اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ24

නුඹ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
20:25 · My Lord, expand my chestජුස් 16 · පි. 313

قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي25

(එවිට මූසා) මාගේ පරමාධිපතියාණනි, මාගේ හදවත මා වෙත විවෘත කර දෙනු මැනව ! යැයි ප්‍රාර්ථනා කළේය.
20:26ජුස් 16 · පි. 313

وَيَسِّرْ لِي أَمْرِي26

තවද මාගේ කරුණ මා හට පහසු කර දෙනු මැනව !
20:27ජුස් 16 · පි. 313

وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي27

තවද මාගේ දිවෙහි ගැටය ලිහනු මැනව !
20:28ජුස් 16 · පි. 313

يَفْقَهُوا قَوْلِي28

මාගේ ප්‍රකාශය ඔවුහු වටහා ගන්නා අයුරින්
20:29ජුස් 16 · පි. 313

وَاجْعَلْ لِي وَزِيرًا مِنْ أَهْلِي29

තවද මාහට මාගේ පවුලෙන් උදව්කරුවකු වශයෙන්
20:30ජුස් 16 · පි. 313

هَارُونَ أَخِي30

මාගේ සහෝදර හාරූන් ව පත් කරනු මැනව !
20:31ජුස් 16 · පි. 313

اشْدُدْ بِهِ أَزْرِي31

ඔහු මගින් මාගේ අත ඔබ ශක්තිමත් කරනු මැනව!
20:32ජුස් 16 · පි. 313

وَأَشْرِكْهُ فِي أَمْرِي32

තවද මාගේ කරුණෙහි ඔහු ව ද හවුල් කරවනු මැනව!
20:33ජුස් 16 · පි. 313

كَيْ نُسَبِّحَكَ كَثِيرًا33

අධික ව අපි නුඹ ව පිවිතුරු කිරීම සඳහා
20:34ජුස් 16 · පි. 313

وَنَذْكُرَكَ كَثِيرًا34

තවද අධික ව අපි නුඹ ව මෙනෙහි කිරීම සඳහා.
20:35ජුස් 16 · පි. 313

إِنَّكَ كُنْتَ بِنَا بَصِيرًا35

නියත වශයෙන්ම නුඹ අප ගැන නිරීක්ෂා කරන්නෙකු ව සිටියෙහිය.
20:36ජුස් 16 · පි. 313

قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَىٰ36

අහෝ ! මූසා, නුඹේ ඉල්ලීම සැබැවින් නුඹට දෙනු ලැබුවේ යැයි ඔහු පැවසීය.
20:37ජුස් 16 · පි. 313

وَلَقَدْ مَنَنَّا عَلَيْكَ مَرَّةً أُخْرَىٰ37

තවද (මීට පෙර) තවත් වරක් අපි නුඹ වෙත සැබැවින්ම උපකාර කළෙමු.
20:38ජුස් 16 · පි. 314

إِذْ أَوْحَيْنَا إِلَىٰ أُمِّكَ مَا يُوحَىٰ38

හෙළිදරව් කරනු ලබන දෑ නුඹගේ මව වෙත අපි හෙළිදරව් කළ අවස්ථාව සිහිපත් කරනු.
20:39ජුස් 16 · පි. 314

أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِي وَعَدُوٌّ لَهُ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِنِّي وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِي39

පෙට්ටිය තුළ ඔහු බහාලනු. පසු ව මුහුදෙහි එය දමනු. මුහුද ඔහු වෙරළට ගෙන යයි. මාගේ සතුරා හා ඔහුගේ සතුරා එය ගනු ඇත. තවද මා විසින් සෙනෙහස මම නුඹ වෙත හෙළුවෙමි. තවද මාගේ දෑස් ඉදිරිපිට නුඹ ක්‍රියා කරනු ලබනු පිණිසය.
20:40ජුස් 16 · පි. 314

إِذْ تَمْشِي أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَنْ يَكْفُلُهُ ۖ فَرَجَعْنَاكَ إِلَىٰ أُمِّكَ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُونًا ۚ فَلَبِثْتَ سِنِينَ فِي أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍ يَا مُوسَىٰ40

නුඹගේ සහෝදරිය (ඒ පසුපස) ගමන් කළ අවස්ථාවේ ‘මොහුගේ භාරකාරත්වය උසුලන අයෙකු මම නුඹලාට දන්වා සිටින්නදැයි’ ඇය පැවසුවාය. පසු ව අපි ඇය දුක් නොවනු පිණිස හා ඇයගේ නෙත් පිනවනු පිණිස නුඹ ව නුඹගේ මව වෙත නැවත යොමු කළෙමු. තවද නුඹ ආත්මයක් මරා දැමුවෙහිය. පසු ව එම පීඩනයෙන් අපි නුඹ ව මුදවා ගත්තෙමු. (විවිධ) පරීක්ෂණ මගින් අපි නුඹ පිරික්සුවෙමු. නුඹ මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහිය. පසු ව අහෝ මූසා, නියමිත කාලයෙහි නුඹ පැමිණියෙහිය.
20:41ජුස් 16 · පි. 314

وَاصْطَنَعْتُكَ لِنَفْسِي41

තවද මා(ගේ දූත මෙහෙවර) වෙනුවෙන් මම නුඹ ව සූදානම් කළෙමි.
20:42ජුස් 16 · පි. 314

اذْهَبْ أَنْتَ وَأَخُوكَ بِآيَاتِي وَلَا تَنِيَا فِي ذِكْرِي42

නුඹ හා නුඹගේ සහෝදරයා මාගේ සංඥාවන් සමග පිටත් ව යනු. මා ගැන මෙනෙහි කිරීමෙහි නුඹලා දෙදෙනා අධෛර්යමත් නොවනු.
20:43ජුස් 16 · පි. 314

اذْهَبَا إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ43

නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.
20:44ජුස් 16 · පි. 314

فَقُولَا لَهُ قَوْلًا لَيِّنًا لَعَلَّهُ يَتَذَكَّرُ أَوْ يَخْشَىٰ44

එවිට නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමග කතා කරනු. ඔහු උපදෙස් ලබන්නට හෝ ඔහු බියවන්නට හෝ පුළුවන.
20:45ජුස් 16 · පි. 314

قَالَا رَبَّنَا إِنَّنَا نَخَافُ أَنْ يَفْرُطَ عَلَيْنَا أَوْ أَنْ يَطْغَىٰ45

අපගේ පරමාධිපතියාණනි, ඔහු අප වෙත දඬුවම් කිරීම හෝ සීමාව ඉක්මවා කටයුතු කිරීම ගැන නියත වශයෙන්ම අපි බිය වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය.
20:46ජුස් 16 · පි. 314

قَالَ لَا تَخَافَا ۖ إِنَّنِي مَعَكُمَا أَسْمَعُ وَأَرَىٰ46

නුඹලා දෙදෙනා බිය නොවනු. නියත වශයෙන්ම මම නුඹලා දෙදෙනා සමග සිට සවන් දෙමි. තවද (සියල්ල) දකිමි.
20:47ජුස් 16 · පි. 314

فَأْتِيَاهُ فَقُولَا إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ وَلَا تُعَذِّبْهُمْ ۖ قَدْ جِئْنَاكَ بِآيَةٍ مِنْ رَبِّكَ ۖ وَالسَّلَامُ عَلَىٰ مَنِ اتَّبَعَ الْهُدَىٰ47

එහෙයින් නුඹලා දෙදෙනා ඔහු වෙත පැමිණ ‘නියත වශයෙන්ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතවරු දෙදෙනෙකි. එහෙයින් අප සමග ඉස්රාඊල් දරුවන් එවනු. තවද නුඹ ඔවුනට දඬුවම් නොකරනු. නුඹගේ පරමාධිපතිගෙන් වූ සාධකයක් සමග සැබැවින්ම අපි නුඹ වෙත පැමිණ ඇත්තෙමු. යහ මග අනුගමනය කළවුන් මත ශාන්තිය අත් වේවා! යැයි පැවසූහ.
20:48ජුස් 16 · පි. 314

إِنَّا قَدْ أُوحِيَ إِلَيْنَا أَنَّ الْعَذَابَ عَلَىٰ مَنْ كَذَّبَ وَتَوَلَّىٰ48

නියත වශයෙන්ම දඬුවම (අපගේ සංඥා) බොරු කොට පිටුපා ගියවුන් කෙරෙහිය යැයි සැබැවින්ම අප වෙත දේව පණිවිඩ දෙන ලදී.
20:49ජුස් 16 · පි. 314

قَالَ فَمَنْ رَبُّكُمَا يَا مُوسَىٰ49

අහෝ මූසා! එසේ නම් නුඹලා දෙදෙනාගේ පරමාධිපති කවුදැයි ඔහු විමසීය.
20:50ජුස් 16 · පි. 314

قَالَ رَبُّنَا الَّذِي أَعْطَىٰ كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَىٰ50

අපගේ පරමාධිපති වනාහි සියලු දෑ ඔහුගේ මැවීම් වලට පිරිනමා පසු ව මග පෙන්වූ අය වේ යැයි ඔහු පැවසීය.
20:51ජුස් 16 · පි. 314

قَالَ فَمَا بَالُ الْقُرُونِ الْأُولَىٰ51

එසේ නම් මුල් පරම්පරාවන්ගේ තත්ත්වය කුමක්දැ?යි ඔහු විමසීය.
20:52ජුස් 16 · පි. 315

قَالَ عِلْمُهَا عِنْدَ رَبِّي فِي كِتَابٍ ۖ لَا يَضِلُّ رَبِّي وَلَا يَنْسَى52

ඒ පිළිබඳ දැනුම මාගේ පරමාධිපති අබියස දේව ග්‍රන්ථයෙහිය. මාගේ පරමාධිපති නොමග නොයවනු ඇත. තවත අමතක නොකරනු ඇතැයි ඔහු පැවසීය.
20:53ජුස් 16 · පි. 315

الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَسَلَكَ لَكُمْ فِيهَا سُبُلًا وَأَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ أَزْوَاجًا مِنْ نَبَاتٍ شَتَّىٰ53

ඔහු වනාහි නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් බවට පත් කළේය. තවද එහි නුඹලාට මාර්ග පහසුකම් සැලසුවේය. තවද අහසින් ජලය පතිත කර එමගින් විවිධ පැළෑටි වර්ග හට ගැන්වීය.
20:54ජුස් 16 · පි. 315

كُلُوا وَارْعَوْا أَنْعَامَكُمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِأُولِي النُّهَىٰ54

නුඹලා අනුභව කරනු. තවද නුඹලාගේ ගොවිපළ සතුන්ට බුදින්නට දෙනු. නියත වශයෙන්ම එහි බුද්ධිය ඇත්තවුන් හට සංඥාවන් ඇත.
20:55ජුස් 16 · පි. 315

۞ مِنْهَا خَلَقْنَاكُمْ وَفِيهَا نُعِيدُكُمْ وَمِنْهَا نُخْرِجُكُمْ تَارَةً أُخْرَىٰ55

අප නුඹලා මැව්වේ එයින්ය. තවද අප නුඹලා නැවත යොමු කරනුයේ ඒ තුළටය. යළිත් වරක් අප නුඹලා බැහැර කරනුයේ ද එයින්ය.
20:56ජුස් 16 · පි. 315

وَلَقَدْ أَرَيْنَاهُ آيَاتِنَا كُلَّهَا فَكَذَّبَ وَأَبَىٰ56

සැබැවින්ම අපි අපගේ ඒ සියලු සාධක ඔහුට පෙන්වූයෙමු. නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.
20:57ජුස් 16 · පි. 315

قَالَ أَجِئْتَنَا لِتُخْرِجَنَا مِنْ أَرْضِنَا بِسِحْرِكَ يَا مُوسَىٰ57

අහෝ, මූසා ! නුඹ නුඹගේ හූනියම මගින් අපගේ භූමියෙන් අප බැහැර කිරීමට නුඹ අප වෙත පැමිණියෙහිදැයි ඔහු පැවසීය.
20:58ජුස් 16 · පි. 315

فَلَنَأْتِيَنَّكَ بِسِحْرٍ مِثْلِهِ فَاجْعَلْ بَيْنَنَا وَبَيْنَكَ مَوْعِدًا لَا نُخْلِفُهُ نَحْنُ وَلَا أَنْتَ مَكَانًا سُوًى58

එසේ නම් අපි ද එවැනිම හූනියමක් ඔබ වෙත ගෙන එන්නෙමු. එහෙයින් අප හෝ ඔබ එයට විරුද්ධ නොවන පොරොන්දු වූ වේලාවක මධ්‍යස්ථ ස්ථානයක් අප අතර හා ඔබ අතර පත් කරනු.
20:59ජුස් 16 · පි. 315

قَالَ مَوْعِدُكُمْ يَوْمُ الزِّينَةِ وَأَنْ يُحْشَرَ النَّاسُ ضُحًى59

නුඹලාට පොරොන්දු වූ වේලාව සැණකෙළි දිනය වේ. තවද (එදින) ජනයා උදෑසන රැස් කරනු ලැබිය යුතුය.
20:60ජුස් 16 · පි. 315

فَتَوَلَّىٰ فِرْعَوْنُ فَجَمَعَ كَيْدَهُ ثُمَّ أَتَىٰ60

එවිට ෆිර්අවුන් පසුපසට ගොස් ඔහුගේ කුමන්ත්‍රණය එක්ලැස් කොට පසු ව පැමිණියේය.
20:61ජුස් 16 · පි. 315

قَالَ لَهُمْ مُوسَىٰ وَيْلَكُمْ لَا تَفْتَرُوا عَلَى اللَّهِ كَذِبًا فَيُسْحِتَكُمْ بِعَذَابٍ ۖ وَقَدْ خَابَ مَنِ افْتَرَىٰ61

නුඹලාට විනාශය වේවා! අල්ලාහ් කෙරෙහි නුඹලා බොරු නොගොතනු. එවිට ඔහු නුඹලා ව දඬුවමකින් විනාශ කරනු ඇත. තවද බොරු ගෙතූවන් සැබැවින්ම පරාජයට පත් ව ඇත යැයි මූසා ඔවුනට පැවසීය.
20:62ජුස් 16 · පි. 315

فَتَنَازَعُوا أَمْرَهُمْ بَيْنَهُمْ وَأَسَرُّوا النَّجْوَىٰ62

පසු ව ඔවුන් අතර වූ ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෝය. තවද ඔවුහු රහස් සාකච්ඡා රහසින් කතා කළෝය.
20:63ජුස් 16 · පි. 315

قَالُوا إِنْ هَٰذَانِ لَسَاحِرَانِ يُرِيدَانِ أَنْ يُخْرِجَاكُمْ مِنْ أَرْضِكُمْ بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ الْمُثْلَىٰ63

නියත වශයෙන්ම මොවුන් දෙදෙනා හූනියම්කරුවන් දෙදෙනෙකු වෙයි. ඔවුන් දෙදෙනාගේ හූනියම මගින් නුඹලා ව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමටත් නුඹලාගේ ආදර්ශමත් මාර්ගයෙන් ඉවත් කිරීමටත් ඔවුන් දෙදෙනා අපේක්ෂා කරති.
20:64ජුස් 16 · පි. 315

فَأَجْمِعُوا كَيْدَكُمْ ثُمَّ ائْتُوا صَفًّا ۚ وَقَدْ أَفْلَحَ الْيَوْمَ مَنِ اسْتَعْلَىٰ64

එහෙයින් නුඹලාගේ කුමන්ත්‍රණ නුඹලා එක්ලැස් කරනු. පසු ව පෙළ ගැසී පැමිණෙනු. තවද අද දින උසස්කම ලබන්නා සැබැවින්ම ජය ලබනු ඇත.
20:65ජුස් 16 · පි. 316

قَالُوا يَا مُوسَىٰ إِمَّا أَنْ تُلْقِيَ وَإِمَّا أَنْ نَكُونَ أَوَّلَ مَنْ أَلْقَىٰ65

අහෝ ! මූසා, එක්කො නුඹ (මුලින්ම) හෙළිය යුතුය. එසේ නැතහොත් හෙළන්නන්ගෙන් මුල් අය අප වන්න දැයි ඔවුහු පැවසුවෝය.
20:66ජුස් 16 · පි. 316

قَالَ بَلْ أَلْقُوا ۖ فَإِذَا حِبَالُهُمْ وَعِصِيُّهُمْ يُخَيَّلُ إِلَيْهِ مِنْ سِحْرِهِمْ أَنَّهَا تَسْعَىٰ66

‘එසේ නම් නුඹලා හෙළනු’ යැයි ඔහු පැවසුවේය. එවිට ඔවුන්ගේ ලණු හා ඔවුන්ගේ සැරයටි විය. ඔවුන්ගේ හූනියම හේතුවෙන් ඒවා ගමන් කරන මෙන් දිස් විය.
20:67ජුස් 16 · පි. 316

فَأَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً مُوسَىٰ67

එවිට මූසාට, ඔහුගේ සිත තුළ බිය හැඟීමක් එය ඇති කළේය.
20:68ජුස් 16 · පි. 316

قُلْنَا لَا تَخَفْ إِنَّكَ أَنْتَ الْأَعْلَىٰ68

නුඹ බිය නොවනු. නියත වශයෙන්ම උසස් වනුයේ නුඹ ම යැයි අපි පැවසුවෙමු.
20:69ජුස් 16 · පි. 316

وَأَلْقِ مَا فِي يَمِينِكَ تَلْقَفْ مَا صَنَعُوا ۖ إِنَّمَا صَنَعُوا كَيْدُ سَاحِرٍ ۖ وَلَا يُفْلِحُ السَّاحِرُ حَيْثُ أَتَىٰ69

නුඹේ දකුණතෙහි ඇති දෑ නුඹ හෙළනු. ඔවුන් සිදු කළ දෑ එය ගිල දමනු ඇත. එසේ ඔවුන් සිදු කළේ හූනියම්කරුවකුගේ කුමන්ත්‍රණයයි. හූනියම්කරුවා කවර අයුරින් පැමිණිය ද ජය නොලබනු ඇත.
20:70ජුස් 16 · පි. 316

فَأُلْقِيَ السَّحَرَةُ سُجَّدًا قَالُوا آمَنَّا بِرَبِّ هَارُونَ وَمُوسَىٰ70

එවිට හූනියම්කරුවෝ සිරස බිම තබමින් බිම ඇඳ වැටී ‘අපි හාරූන්ගේ හා මූසාගේ පරමාධිපති ව විශ්වාස කළෙමු’ යැයි පැවසූහ.
20:71ජුස් 16 · පි. 316

قَالَ آمَنْتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ ۖ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُمْ مِنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَا أَشَدُّ عَذَابًا وَأَبْقَىٰ71

මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු ව විශ්වාස කළෙහු ද? නියත වශයෙන් නුඹලාට හූනියම් ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් මම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද (පැති) මාරුවෙන් මාරුව කපා දමමි. තවද ඉඳි කඳෙහි නුඹලා බැඳ දමා ඇණ ගසමි. තවද අප අතුරින් දඬුවම් දීමෙහි වඩාත් ප්‍රබල හා වඩාත් ස්ථායී කවරෙකු දැයි නුඹලා දැන ගනු ඇත.
20:72ජුස් 16 · පි. 316

قَالُوا لَنْ نُؤْثِرَكَ عَلَىٰ مَا جَاءَنَا مِنَ الْبَيِّنَاتِ وَالَّذِي فَطَرَنَا ۖ فَاقْضِ مَا أَنْتَ قَاضٍ ۖ إِنَّمَا تَقْضِي هَٰذِهِ الْحَيَاةَ الدُّنْيَا72

පැහැදිලි සාධක අතුරින් අප වෙත පැමිණි දෑ හා අප මැවූ අයට ඉහළින් නුඹ ව අපි තෝරා නොගන්නෙමු. එහෙයින් නුඹ තීන්දු කරන දෑ තීන්දු කරනු. නුඹ තීන්දු කරනුයේ මෙලොව ජීවිතයේ පමණය.
20:73ජුස් 16 · පි. 316

إِنَّا آمَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَايَانَا وَمَا أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ السِّحْرِ ۗ وَاللَّهُ خَيْرٌ وَأَبْقَىٰ73

නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති විශ්වාස කළෙමු. අපගේ වැරදි වලටත් නුඹ කවර දෙයක් වෙත හූනියම් කිරීමට බල කළේද එයටත් ඔහු අපට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. වඩාත් ස්ථායීය.
20:74ජුස් 16 · පි. 316

إِنَّهُ مَنْ يَأْتِ رَبَّهُ مُجْرِمًا فَإِنَّ لَهُ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ74

නියත වශයෙන්ම කරුණ නම්, කවරෙකු තම පරමාධිපති වෙත වැරදිකරුවකු ලෙසින් පැමිණෙන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහුට නිරය සතු වේ. ඔහු එහි මිය නොයන අතර ජීවත් ද නොවෙයි.
20:75ජුස් 16 · පි. 316

وَمَنْ يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ الصَّالِحَاتِ فَأُولَٰئِكَ لَهُمُ الدَّرَجَاتُ الْعُلَىٰ75

කවරෙකු විශ්වාසවන්තයකු ලෙසින් යහකම් සිදු කොට ඔහු වෙත පැමිණෙන්නේ ද ඔවුහු වනාහි, ඔවුනට උසස් තරාතිරම් ඇත්තෝ වෙති.
20:76ජුස් 16 · පි. 316

جَنَّاتُ عَدْنٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ مَنْ تَزَكَّىٰ76

යටින් ගංගා ගලා බස්නා සදාතනික උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින්ය. එය පිවිතුරු කර ගත්තවූවන්ගේ ප්‍රතිඵල වේ.
20:77ජුස් 16 · පි. 317

وَلَقَدْ أَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي فَاضْرِبْ لَهُمْ طَرِيقًا فِي الْبَحْرِ يَبَسًا لَا تَخَافُ دَرَكًا وَلَا تَخْشَىٰ77

තවද නුඹ මාගේ ගැත්තන් සමග රාත්‍රියෙහි පිටත් ව යනු. තවද ඔවුනට මුහුදෙහි (ජලයෙන් තොර) වියළි මාවතක් පෙන්වනු. සතුරු ප්‍රහාරයට බිය නොවනු. තවද නුඹ (දියෙහි ගිලීම ගැනද) බිය නොවනු යැයි සැබැවින්ම අපි මූසා වෙත දේව පණිවිඩ එව්වෙමු.
20:78ජුස් 16 · පි. 317

فَأَتْبَعَهُمْ فِرْعَوْنُ بِجُنُودِهِ فَغَشِيَهُمْ مِنَ الْيَمِّ مَا غَشِيَهُمْ78

එවිට ෆිර්අවුන් ඔහුගේ සේනාව සමග ඔවුන් ව ලුහු බැන්දේය. මුහුදෙහි ඔවුන් වටලා ගත යුතු දෑ ඔවුන් ව වටලා ගත්තේය.
20:79ජුස් 16 · පි. 317

وَأَضَلَّ فِرْعَوْنُ قَوْمَهُ وَمَا هَدَىٰ79

ෆිර්අවුන් තම සමූහයා නොමග හැරියේය. තවද ඔහු මග පෙන්වූයේ නැත.
20:80ජුස් 16 · පි. 317

يَا بَنِي إِسْرَائِيلَ قَدْ أَنْجَيْنَاكُمْ مِنْ عَدُوِّكُمْ وَوَاعَدْنَاكُمْ جَانِبَ الطُّورِ الْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَىٰ80

අහෝ ! ඉස්රාඊල් දරුවනි, නුඹලාගේ සතුරන්ගෙන් අපි නුඹලා ව මුදවා ගත්තෙමු. තවද දකුණු තූර් කන්ද දෙසින් අපි නුඹලාට ප්‍රතිඥා දුනිමු. තවද නුඹලා වෙත මන්නු හා සල්වා (නමැති ස්වර්ග ආහාර) පහළ කළෙමු.
20:81ජුස් 16 · පි. 317

كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَلَا تَطْغَوْا فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِي ۖ وَمَنْ يَحْلِلْ عَلَيْهِ غَضَبِي فَقَدْ هَوَىٰ81

අපි නුඹලාට පෝෂණය කළ දෑහි පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. එහි නුඹලා සීමාව ඉක්මවා නොයනු. එහෙයින් මාගේ කෝපය නුඹලා වෙත පහළ වනු ඇත. තවද කවරෙකු වෙත මාගේ කෝපය පහළ වන්නේ ද සැබැවින්ම ඔහු විනාශ වනු ඇත.
20:82ජුස් 16 · පි. 317

وَإِنِّي لَغَفَّارٌ لِمَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا ثُمَّ اهْتَدَىٰ82

තවද පසුතැවිලි වී විශ්වාස කොට දැහැමි දෑ සිදු කොට පසු ව යහ මග යොමු වූවන්හට සැබැවින්ම මම අතික්ෂමාශීලී වෙමි.
20:83ජුස් 16 · පි. 317

۞ وَمَا أَعْجَلَكَ عَنْ قَوْمِكَ يَا مُوسَىٰ83

අහෝ ! මූසා, නුඹගේ ජනයාගෙන් වෙන්වීමට නුඹ ව ඉක්මන් කළේ කුමක් ද?
20:84ජුස් 16 · පි. 317

قَالَ هُمْ أُولَاءِ عَلَىٰ أَثَرِي وَعَجِلْتُ إِلَيْكَ رَبِّ لِتَرْضَىٰ84

ඔවුහු මාගේ පියවර මත වෙති. මාගේ පරමාධිපතියාණනි, ඔබ තෘප්තියට පත් වනු පිණිස ඔබ වෙත මම ඉක්මන් වූයෙමි යැයි ඔහු පැවසීය.
20:85ජුස් 16 · පි. 317

قَالَ فَإِنَّا قَدْ فَتَنَّا قَوْمَكَ مِنْ بَعْدِكَ وَأَضَلَّهُمُ السَّامِرِيُّ85

සැබැවින්ම නුඹගෙන් පසු නුඹගේ සමූහයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද සාමිරී ඔවුන් ව නොමග හැරියේය.
20:86ජුස් 16 · පි. 317

فَرَجَعَ مُوسَىٰ إِلَىٰ قَوْمِهِ غَضْبَانَ أَسِفًا ۚ قَالَ يَا قَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا ۚ أَفَطَالَ عَلَيْكُمُ الْعَهْدُ أَمْ أَرَدْتُمْ أَنْ يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِنْ رَبِّكُمْ فَأَخْلَفْتُمْ مَوْعِدِي86

පසු ව මූසා තම සමූහයා වෙත කෝපයෙන් යුතු ව කනස්සල්ලෙන් නැවත හැරී ආවේය. අහෝ ! මාගේ ජනයිනි, නුඹලාට අලංකාර ප්‍රතිඥාවක් නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා නොකළේ ද? එම ප්‍රතිඥාව නුඹලා වෙත දීර්ඝ වී ද? එසේ නැතහොත් නුඹලාගේ පරමාධිපතිගෙන් වූ කෝපය නුඹලා වෙත පහළ වීමට නුඹලා අපේක්ෂා කළෙහු ද? එහෙයින් නුඹලා මාගේ ප්‍රතිඥාවට විරුද්ධ ව කටයුතු කළෙහුය.
20:87ජුස් 16 · පි. 317

قَالُوا مَا أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَٰكِنَّا حُمِّلْنَا أَوْزَارًا مِنْ زِينَةِ الْقَوْمِ فَقَذَفْنَاهَا فَكَذَٰلِكَ أَلْقَى السَّامِرِيُّ87

අපගේ කැමැත්තෙන් නුඹගේ ප්‍රතිඥාවට අපි විරුද්ධ නොවූයෙමු. එනමුත් ජනයාගේ අලංකාරයෙන් පිරුණු (ආභරණ) බර අප මත පටවන ලදී. එහෙයින් අපි එය දැමුවෙමු. එසේම සාමිරීද දැමුවේය.
20:88ජුස් 16 · පි. 318

فَأَخْرَجَ لَهُمْ عِجْلًا جَسَدًا لَهُ خُوَارٌ فَقَالُوا هَٰذَا إِلَٰهُكُمْ وَإِلَٰهُ مُوسَىٰ فَنَسِيَ88

පසු ව හඬක් සහිත වසුපැටවකුගේ ශරීරයක් ඔවුන් වෙනුවෙන් ඔහු මතු කළේය. එවිට ඔවුහු මෙය නුඹලාගේ දෙවියාය. මූසාගේ ද දෙවියයා. නමුත් ඔහුට (එය) අමතක විය යැයි පැවසූහ.
20:89ජුස් 16 · පි. 318

أَفَلَا يَرَوْنَ أَلَّا يَرْجِعُ إِلَيْهِمْ قَوْلًا وَلَا يَمْلِكُ لَهُمْ ضَرًّا وَلَا نَفْعًا89

ඔවුන් වෙත කිසිදු ප්‍රතිචාරයක් එය නොදක්වන බවද ඔවුනට කිසිදු නපුරක් හෝ ප්‍රයෝජනයක් කිරීමට එයට බලය නොමැති බව ද ඔවුහු නොදුටුවෝද?
20:90ජුස් 16 · පි. 318

وَلَقَدْ قَالَ لَهُمْ هَارُونُ مِنْ قَبْلُ يَا قَوْمِ إِنَّمَا فُتِنْتُمْ بِهِ ۖ وَإِنَّ رَبَّكُمُ الرَّحْمَٰنُ فَاتَّبِعُونِي وَأَطِيعُوا أَمْرِي90

මීට පෙර හාරූන් මාගේ ජනයිනි, මෙමගින් නුඹලා අර්බුදයකට පත් ව ඇත. තවද නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති මහා කාරුණිකය. එහෙයින් නුඹලා මා අනුගමනය කරනු. තවද මාගේ අණට කීකරු වනු යැයි ඔවුනට පැවසීය.
20:91ජුස් 16 · පි. 318

قَالُوا لَنْ نَبْرَحَ عَلَيْهِ عَاكِفِينَ حَتَّىٰ يَرْجِعَ إِلَيْنَا مُوسَىٰ91

මූසා අප වෙත නැවත පැමිණෙන තෙක් ඒ මත රැඳී සිටීමෙන් කිසිවිටෙක අපි ඉවත් නොවන්නෙමු යැයි ඔවුහු පැවසූහ.
20:92ජුස් 16 · පි. 318

قَالَ يَا هَارُونُ مَا مَنَعَكَ إِذْ رَأَيْتَهُمْ ضَلُّوا92

අහෝ ! හාරූන්, ඔවුන් නොමග ගිය බව නුඹ ඔවුන් දුටු විට නුඹ ව වැළැක්වූයේ කුමක්දැ?යි ඔහු විමසීය.
20:93ජුස් 16 · පි. 318

أَلَّا تَتَّبِعَنِ ۖ أَفَعَصَيْتَ أَمْرِي93

නුඹ මා අනුගමනය නොකිරීමට (නුඹ ව වැළැක්වූයේ කුමක් ද?) නුඹ මාගේ අණට පිටුපෑවෙහි ද?.
20:94ජුස් 16 · පි. 318

قَالَ يَا ابْنَ أُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِي وَلَا بِرَأْسِي ۖ إِنِّي خَشِيتُ أَنْ تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِي إِسْرَائِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِي94

අහෝ ! මාගේ මවගේ පුතණුවනි, මාගේ රැවුලෙන් හා මාගේ හිසින් නුඹ නොඅල්ලනු. ‘නුඹ ඉස්රාඊල් දරුවන් අතර භේද ඇති කළෙහිය. නුඹ මාගේ වචනය බලා පොරොත්තු නොවූයෙහිය යැයි නුඹ පැවසීම ගැන සැබැවින්ම මම බිය වූයෙමි.
20:95ජුස් 16 · පි. 318

قَالَ فَمَا خَطْبُكَ يَا سَامِرِيُّ95

අහෝ ! සාමිරී, එසේ නම් නුඹේ දෙසුම කුමක්දැයි ඔහු විමසීය.
20:96ජුස් 16 · පි. 318

قَالَ بَصُرْتُ بِمَا لَمْ يَبْصُرُوا بِهِ فَقَبَضْتُ قَبْضَةً مِنْ أَثَرِ الرَّسُولِ فَنَبَذْتُهَا وَكَذَٰلِكَ سَوَّلَتْ لِي نَفْسِي96

ඔවුන් කවර කරුණක් නොදුටුවේ ද එවැන්නක් මම දුටුවෙමි. එවිට මා රසූල්වරයාගේ පා සලකුණින් (වැලි) අහුරක් අහුරා ගෙන පසු ව එය මා (ඒ මත) විසි කළෙමි. එලෙසය මා වෙත මාගේ සිත අලංකාරවත් කළේ යැයි ඔහු පැවසීය.
20:97ජුස් 16 · පි. 318

قَالَ فَاذْهَبْ فَإِنَّ لَكَ فِي الْحَيَاةِ أَنْ تَقُولَ لَا مِسَاسَ ۖ وَإِنَّ لَكَ مَوْعِدًا لَنْ تُخْلَفَهُ ۖ وَانْظُرْ إِلَىٰ إِلَٰهِكَ الَّذِي ظَلْتَ عَلَيْهِ عَاكِفًا ۖ لَنُحَرِّقَنَّهُ ثُمَّ لَنَنْسِفَنَّهُ فِي الْيَمِّ نَسْفًا97

එහෙයින් නුඹ පිටත් ව යනු. මුළු ජීවිත කාලයෙහිම ස්පර්ශ නොකරනුයි පැවසීමට නුඹට සිදු වනු ඇත. තවද නුඹ එයින් පසුබැසිය නොහැකි ප්‍රතිඥත වේලාවක් නුඹ සතු වේ. නුඹ කවර දෙයක් මත රැඳී සිටියේ ද එවන් නුඹගේ දෙවියන් දෙස බලනු. අපි එය පුලුස්සා දමා පසු ව මුහුදෙහි සුළඟට පාවෙන්නට හරින්නෙමු.
20:98ජුස් 16 · පි. 318

إِنَّمَا إِلَٰهُكُمُ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ وَسِعَ كُلَّ شَيْءٍ عِلْمًا98

නුඹලාගේ දෙවියා අල්ලාහ්ය. ඔහු වනාහි ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. සියලු දෑ පිළිබඳ දැනුමෙන් ඔහු ව්‍යාප්තය.
20:99ජුස් 16 · පි. 319

كَذَٰلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاءِ مَا قَدْ سَبَقَ ۚ وَقَدْ آتَيْنَاكَ مِنْ لَدُنَّا ذِكْرًا99

සැබැවින්ම ඉකුත් වී ගිය දෑහි තොරතුරු අපි නුඹ වෙත පවසනුයේ මෙලෙසය. තවද අප වෙතින් වූ මෙනෙහි කිරීමක් නුඹ වෙත අපි සැබැවින්ම පිරිනමා ඇත්තෙමු.
20:100ජුස් 16 · පි. 319

مَنْ أَعْرَضَ عَنْهُ فَإِنَّهُ يَحْمِلُ يَوْمَ الْقِيَامَةِ وِزْرًا100

කවරෙකු එය පිටුපාන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බර උසුලනු ඇත.
20:101ජුස් 16 · පි. 319

خَالِدِينَ فِيهِ ۖ وَسَاءَ لَهُمْ يَوْمَ الْقِيَامَةِ حِمْلًا101

එහි ඔවුන් සදාතනිකයින් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින (එම බර) ඉසිලීම ඔවුනට නපුරු විය.
20:102ජුස් 16 · පි. 319

يَوْمَ يُنْفَخُ فِي الصُّورِ ۚ وَنَحْشُرُ الْمُجْرِمِينَ يَوْمَئِذٍ زُرْقًا102

එදින සූර් නම් හොරණෑවෙහි පිඹිනු ලබනු ඇත. තවද නිල් පැහැ ගැන් වූ ඇස් සහිත ව වැරදිකරුවන් එදින අපි රැස් කරන්නෙමු.
20:103ජුස් 16 · පි. 319

يَتَخَافَتُونَ بَيْنَهُمْ إِنْ لَبِثْتُمْ إِلَّا عَشْرًا103

(එදින) නුඹලා දින දහයක් හැර රැඳී නොසිටියෙහු යැයි ඔවුන් එකිනෙකා අතර කොඳුරති.
20:104ජුස් 16 · පි. 319

نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ إِذْ يَقُولُ أَمْثَلُهُمْ طَرِيقَةً إِنْ لَبِثْتُمْ إِلَّا يَوْمًا104

ඔවුන් පවසන දෑ පිළිබඳ ව අපි මැනවින් දන්නෙමු. එවිට ඔවුන් අතර වූ උදාහරණ පුරුෂයකු එහි මාර්ගයක් වශයෙන් නුඹලා දිනක් හැර රැඳී නොසිටියෙහු යැයි පවසයි.
20:105ජුස් 16 · පි. 319

وَيَسْأَلُونَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنْسِفُهَا رَبِّي نَسْفًا105

කඳු පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. මාගේ පරමාධිපති එය සුනු විසුනු කොට සුළඟේ පාවී යන්නට ඉඩ හරියි.
20:106ජුස් 16 · පි. 319

فَيَذَرُهَا قَاعًا صَفْصَفًا106

පසු ව විහිඳුණු සමතලා භූමියක් ලෙස ඔහු එය අතහැර දමයි.
20:107ජුස් 16 · පි. 319

لَا تَرَىٰ فِيهَا عِوَجًا وَلَا أَمْتًا107

කිසිදු ඇදයක් හෝ නැම්මක් හෝ නුඹ එහි නොදකිනු ඇත.
20:108ජුස් 16 · පි. 319

يَوْمَئِذٍ يَتَّبِعُونَ الدَّاعِيَ لَا عِوَجَ لَهُ ۖ وَخَشَعَتِ الْأَصْوَاتُ لِلرَّحْمَٰنِ فَلَا تَسْمَعُ إِلَّا هَمْسًا108

එදින ඔවුහු නිවේදකයා ව අනුගමනය කරති. (එහි) ඔහුට කිසිදු අඩුවක් නොවේ. සියලු හඬ මහා කරුණාන්විතයාණන් ඉදිරියේ පහත් වෙයි. එවිට පා හඬ හැර (වෙනත් කිසිදු හඬකට) නුඹ සවන් නොදෙනු ඇත.
20:109ජුස් 16 · පි. 319

يَوْمَئِذٍ لَا تَنْفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَرَضِيَ لَهُ قَوْلًا109

මහා කරුණාන්විතයාණන් කවරෙකුට අනුමැතිය දී කතා කිරීම සඳහා ඔහු ව පිළිගත්තේ ද එවැන්නෙකුට හැර එදින මැදිහත් වීම ප්‍රයෝජනවත් නොවනු ඇත.
20:110ජුස් 16 · පි. 319

يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِهِ عِلْمًا110

ඔවුන් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. නමුත් ඒ පිළිබඳ දැනුමෙන් ඔවුහු ග්‍රහණය නොකරති.
20:111ජුස් 16 · පි. 319

۞ وَعَنَتِ الْوُجُوهُ لِلْحَيِّ الْقَيُّومِ ۖ وَقَدْ خَابَ مَنْ حَمَلَ ظُلْمًا111

සදා ජීවමාන සදා පැවැත්මත් ඇත්තාණන් (අල්ලාහ්) හට මුහුණු යටහත් විය. අපරාධකම් ඉසිලූ අය පරාජිත විය.
20:112ජුස් 16 · පි. 319

وَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا يَخَافُ ظُلْمًا وَلَا هَضْمًا112

කවරෙකු විශ්වාසවන්තකු ව සිට යහකම් අතුරින් දැහැමි දෑ කරන්නේ ද එවිට කිසිදු අපරාධයකට හෝ කිසිදු අඩුවකට හෝ ඔහු බිය නොවනු ඇත.
20:113ජුස් 16 · පි. 319

وَكَذَٰلِكَ أَنْزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ الْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا113

එලෙසම අපි එය අරාබි බසින් වූ කුර්ආනයක් වශයෙන් පහළ කළෙමු. තවද ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස හෝ ඔවුනට මෙනෙහි කිරීමක් සිදු කළ හැකි වනු පිණිස එහි අපි ප්‍රතිඥාවන් විස්තර කළෙමු.
20:114 · My Lord, increase me in knowledgeජුස් 16 · පි. 320

فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۗ وَلَا تَعْجَلْ بِالْقُرْآنِ مِنْ قَبْلِ أَنْ يُقْضَىٰ إِلَيْكَ وَحْيُهُ ۖ وَقُلْ رَبِّ زِدْنِي عِلْمًا114

සැබෑ රජු වූ අල්ලාහ් උත්තරීතර විය. නුඹ වෙත ඔහුගේ දේව පණිවිඩ අවසන් කරනු ලබන්නට පෙර කුර්ආනය සම්බන්ධයෙන් නුඹ ඉක්මන් නොවනු. මාගේ පරමාධිපතියාණනි, මට දැනුම වර්ධනය කරනු මැනව ! යි නුඹ පවසනු.
20:115ජුස් 16 · පි. 320

وَلَقَدْ عَهِدْنَا إِلَىٰ آدَمَ مِنْ قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا115

මීට පෙර ද අපි ආදම් වෙත ප්‍රතිඥාවක් දුන්නෙමු. නමුත් ඔහු අමතක කළේය. තවද අපි ඔහු වෙත ස්ථාවරත්වයක් නොදුටුවෙමු.
20:116ජුස් 16 · පි. 320

وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَىٰ116

ආදම්ට (නළල බිම තබා) සුජූද් කරනු යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු සියලු දෙනා) සුජූද් කළෝය. ඔහු පිටුපෑවේය.
20:117ජුස් 16 · පි. 320

فَقُلْنَا يَا آدَمُ إِنَّ هَٰذَا عَدُوٌّ لَكَ وَلِزَوْجِكَ فَلَا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَىٰ117

අහෝ ! ආදම්, නියත වශයෙන්ම මොහු නුඹගේ හා නුඹගේ බිරියගේ සතුරාය. එහෙයින් නුඹලා දෙදෙනා ව ඔහු මෙම (ස්වර්ග) උයනින් පිටුවහල් නොකළ යුතුය. එවිට නුඹ අභාග්‍යවන්ත වනු ඇත.
20:118ජුස් 16 · පි. 320

إِنَّ لَكَ أَلَّا تَجُوعَ فِيهَا وَلَا تَعْرَىٰ118

තවද නියත වශයෙන්ම නුඹ එහි කුසිගින්නෙන් නොපෙළෙන අතර තවද නිරුවත් ද නොවනු ඇත.
20:119ජුස් 16 · පි. 320

وَأَنَّكَ لَا تَظْمَأُ فِيهَا وَلَا تَضْحَىٰ119

තවද නියත වශයෙන්ම එහි නුඹ පිපාසිත නොවන අතර හිරු රශ්මියෙන් නොපෙළෙනු ද ඇත.
20:120ජුස් 16 · පි. 320

فَوَسْوَسَ إِلَيْهِ الشَّيْطَانُ قَالَ يَا آدَمُ هَلْ أَدُلُّكَ عَلَىٰ شَجَرَةِ الْخُلْدِ وَمُلْكٍ لَا يَبْلَىٰ120

ෂෙයිතාන් ඔහු වෙත කුතුහලය ඇති කළේය. අහෝ ! ආදම්, සදා ජීවත් කරවන ගසක් හා විනාශ වී නොයන රාජධානියක් පිළිබඳ ව මම නුඹට දන්වන්නෙම්දැයි විමසීය.
20:121ජුස් 16 · පි. 320

فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِنْ وَرَقِ الْجَنَّةِ ۚ وَعَصَىٰ آدَمُ رَبَّهُ فَغَوَىٰ121

එවිට ඔවුන් දෙදෙනා එයින් අනුභව කළෝය. එවිට ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළිවිය. (ස්වර්ග) උයනේ කොළ වලින් ඔවුන් දෙදෙනා මත අලවා ගන්නට පටන් ගත්තෝය. ආදම් තම පරමාධිපතිට පිටුපෑවේය. තවද ඔහු නොමග ගියේය.
20:122ජුස් 16 · පි. 320

ثُمَّ اجْتَبَاهُ رَبُّهُ فَتَابَ عَلَيْهِ وَهَدَىٰ122

පසු ව ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගත්තේය. එවිට ඔහු වෙත ඔහු පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. තවද මග පෙන්වීය.
20:123ජුස් 16 · පි. 320

قَالَ اهْبِطَا مِنْهَا جَمِيعًا ۖ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ123

නුඹලා දෙදෙනා සියල්ල සමග පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරුය. මගෙන් නුඹලා වෙත යහ මග පැමිණෙනු ඇත. එහෙයින් කවරෙකු මාගේ යහ මග පිළිපදින්නේ ද එවිට ඔහු නොමග නොයනු ඇත. තවද අභාග්‍යවන්ත නොවනු ඇත.
20:124ජුස් 16 · පි. 320

وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَىٰ124

මා මෙනෙහි කිරීමට කවරෙකු පිටුපෑවේ ද එවිට නියත වශයෙන්ම ඔහුට පීඩිත ජීවිතයක් ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධයකු ලෙස අපි ඔහු ව නැවත නැගිටුවන්නෙමු.
20:125ජුස් 16 · පි. 320

قَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَىٰ وَقَدْ كُنْتُ بَصِيرًا125

මාගේ පරමාධිපතියාණනි, අන්ධයකු ලෙස ඔබ මා අවදි කළේ මන්ද? මම බැල්මත්තෙකු ලෙස සිටියෙමි යැයි ඔහු පැවසුවේය.
20:126ජුස් 16 · පි. 321

قَالَ كَذَٰلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا ۖ وَكَذَٰلِكَ الْيَوْمَ تُنْسَىٰ126

එලෙසය, අපගේ වදන් නුඹ වෙත පැමිණියේ. එවිට නුඹ එය අමතක කළෙහිය. එලෙසම අද දින නුඹ ව අමතක කරනු ලබන්නේ යැයි ඔහු පැවසීය.
20:127ජුස් 16 · පි. 321

وَكَذَٰلِكَ نَجْزِي مَنْ أَسْرَفَ وَلَمْ يُؤْمِنْ بِآيَاتِ رَبِّهِ ۚ وَلَعَذَابُ الْآخِرَةِ أَشَدُّ وَأَبْقَىٰ127

තවද තම පරමාධිපතිගේ වදන් විශ්වාස නොකොට (ඔහුට ආදේශ කිරීමෙන්) සීමාව ඉක්මවා ගියවුන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙසය. මතු ලොව දඬුවම ඉතා දරුණුය. තවද වඩාත් ස්ථායීය.
20:128ජුස් 16 · පි. 321

أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِأُولِي النُّهَىٰ128

ඔවුනට ඔහු මග පෙන්වීම් නොකළේ ද? ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමුද? මොවුන් ඔවුන්ගේ වාසස්ථාන වල ගමන් කරමින් සිටිති. නියත වශයෙන්ම එහි බුද්ධිය ඇත්තවුනට සංඥාවන් ඇත.
20:129ජුස් 16 · පි. 321

وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَكَانَ لِزَامًا وَأَجَلٌ مُسَمًّى129

නුඹගේ පරමාධිපතිගෙන් වූ වදනක් පෙරටු නොවූයේ නම් එය (එකහෙළා) අනිවාර්යය වන්නට තිබුණි. එනමුත් නියමිත කාලයක් ඇත.
20:130ජුස් 16 · පි. 321

فَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ۖ وَمِنْ آنَاءِ اللَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضَىٰ130

එහෙයින් ඔවුන් පවසන දෑ කෙරෙහි නුඹ ඉවසා දරා ගනු. තවද නුඹ තෘප්තියට පත් විය හැකි වනු පිණිස නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් හිරු උදා වීමට පෙර හා එය අවරට යාමට පෙර සුවිශුද්ධ කරනු. තවද රාත්‍රී කාලයේ ද දහවල් කෙළවරවල්හිද සුවිශුද්ධ කරනු.
20:131ජුස් 16 · පි. 321

وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِنْهُمْ زَهْرَةَ الْحَيَاةِ الدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَىٰ131

අපි ඔවුන් එහි පරීක්ෂා කරනු පිණිස මෙලොව ජීවිතයේ චමත්කාරයක් ලෙස ඔවුන් අතුරින් පිරිසකට කවර දෙයක් අපි භුක්ති විඳීම සඳහා ලබා දුන්නේ ද ඒ වෙත නුඹගේ දෑස් දිගු නොකරනු. තවද නුඹගේ පරමාධිපතිගේ පෝෂණය ශ්‍රේෂ්ඨය. තවද වඩාත් ස්ථායීය.
20:132ජුස් 16 · පි. 321

وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا ۖ لَا نَسْأَلُكَ رِزْقًا ۖ نَحْنُ نَرْزُقُكَ ۗ وَالْعَاقِبَةُ لِلتَّقْوَىٰ132

තවද සලාතය පිළිබඳ ව නුඹගේ පවුලට නුඹ අණ කරනු. තවද ඒ මත රැඳී සිටිනු. අපි නුඹගෙන් පෝෂණය නොඉල්ලුවෙමු. නුඹට පෝෂණය සපයනුයේ අපමය. තවද අවසාන තීන්දුව බිය බැතිමතුන් හටය.
20:133ජුස් 16 · පි. 321

وَقَالُوا لَوْلَا يَأْتِينَا بِآيَةٍ مِنْ رَبِّهِ ۚ أَوَلَمْ تَأْتِهِمْ بَيِّنَةُ مَا فِي الصُّحُفِ الْأُولَىٰ133

ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙන ආ යුතු නොවේ දැයි ඔවුහු විමසති. (අල්ලාහ් විසින් පහළ කළ) මුල් පොත්හි ඇති දෑහි පැහැදිළි සංඥා ඔවුන් වෙත නොපැමිණියේද?
20:134ජුස් 16 · පි. 321

وَلَوْ أَنَّا أَهْلَكْنَاهُمْ بِعَذَابٍ مِنْ قَبْلِهِ لَقَالُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ مِنْ قَبْلِ أَنْ نَذِلَّ وَنَخْزَىٰ134

මීට පෙර යම් දඬුවමකින් සැබැවින්ම අපි ඔවුන් විනාශ කළෙමු නම්, අපගේ පරමාධිපතියාණනි, අප වෙත ධර්ම දූතයකු ඔබ එවිය යුතු නොවේ ද? එවිට අප අවමානයට හා අපකීර්තියට පත් වීමට පෙර නුඹගේ වදන් පිළිපදින්නට තිබුණි යැයි ඔවුහු පවසනු ඇත.
20:135ජුස් 16 · පි. 321

قُلْ كُلٌّ مُتَرَبِّصٌ فَتَرَبَّصُوا ۖ فَسَتَعْلَمُونَ مَنْ أَصْحَابُ الصِّرَاطِ السَّوِيِّ وَمَنِ اهْتَدَىٰ135

සියලු දෙනා බලාපොරොත්තු වන්නන්ය. එහෙයින් නුඹලාත් බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට ඍජු මාර්ගයේ සගයින් කවුරුන්දැයි ද යහ මග ගියවුන් කවුරුන්දැයිද නුඹලා මතු දැන ගනු ඇතැයි නුඹ පවසනු.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න