සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:116
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ أَبَىٰ
ආදම්ට (නළල බිම තබා) සුජූද් කරනු යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු සියලු දෙනා) සුජූද් කළෝය. ඔහු පිටුපෑවේය.
තෆ්සීර්
අහෝ දූතය! "නුඹලා ආදම්ට ආචාර කිරීමක් වශයෙන් හිස නමනු" යැයි අපි මලක්වරුන්ට පැවසූ අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට ඉබ්ලීස් හැර සෙසු සියලු දෙනාම සිරස නමා ආචාර කළෝය. ඔහු ඔවුන් සමග සිටිය ද ඔවුන්ගෙන් කෙනෙකු නොවීය. අහංකාරකමින් සුජූද් කිරීමෙන් ඔහු වැළකී සිටියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න