සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:86

فَرَجَعَ مُوسَىٰ إِلَىٰ قَوْمِهِ غَضْبَانَ أَسِفًا ۚ قَالَ يَا قَوْمِ أَلَمْ يَعِدْكُمْ رَبُّكُمْ وَعْدًا حَسَنًا ۚ أَفَطَالَ عَلَيْكُمُ الْعَهْدُ أَمْ أَرَدْتُمْ أَنْ يَحِلَّ عَلَيْكُمْ غَضَبٌ مِنْ رَبِّكُمْ فَأَخْلَفْتُمْ مَوْعِدِي

පසු ව මූසා තම සමූහයා වෙත කෝපයෙන් යුතු ව කනස්සල්ලෙන් නැවත හැරී ආවේය. අහෝ ! මාගේ ජනයිනි, නුඹලාට අලංකාර ප්‍රතිඥාවක් නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා නොකළේ ද? එම ප්‍රතිඥාව නුඹලා වෙත දීර්ඝ වී ද? එසේ නැතහොත් නුඹලාගේ පරමාධිපතිගෙන් වූ කෝපය නුඹලා වෙත පහළ වීමට නුඹලා අපේක්ෂා කළෙහු ද? එහෙයින් නුඹලා මාගේ ප්‍රතිඥාවට විරුද්ධ ව කටයුතු කළෙහුය.

තෆ්සීර්

පසු ව මූසා ඔහුගේ ජනයා වසුපැටවා නැමදීමට ගත් හේතුවෙන් ඔවුන් කෙරෙහි කෝපයෙන් හා ඔවුන් ගැන දුක් වෙමින් ඔහු ඔවුන් අතරට නැවත පැමිණියේය. මූසා, "මාගේ ජනයිනි! නුඹලා වෙත තව්රාතය පහළ කරන බවටත් නුඹලාව ඔහු ස්වර්ගයට ප්රවේශ කරන බවටත් දැහැමි ප්රතිඥාවක් අල්ලාහ් නුඹලාට නොදුන්නේ ද? නුඹලාට දිගු කලක් ගත වී නුඹලා එය අමතක කළෙහිද? එසේ නැතහොත් නුඹලාගේ මෙම ක්රියාව තුළින් නුඹලා වෙත නුඹලාගේ පරමාධිපතිගේ උදහස පහළ වීමත්, නුඹලා වෙත ඔහුගේ දඬුවම පහළ වීමත් නුඹලා අපේක්ෂා කළෙහු ද? මා නුඹලා වෙත නැවත පැමිණෙන තෙක් අවනතභාවය මත ස්ථාවර ව සිටින බවට නුඹලා මට දුන් ප්රතිඥාව නුඹලා කඩ කළේ එබැවින් ද?" යැයි විමසා සිටියේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න