සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:87
قَالُوا مَا أَخْلَفْنَا مَوْعِدَكَ بِمَلْكِنَا وَلَٰكِنَّا حُمِّلْنَا أَوْزَارًا مِنْ زِينَةِ الْقَوْمِ فَقَذَفْنَاهَا فَكَذَٰلِكَ أَلْقَى السَّامِرِيُّ
අපගේ කැමැත්තෙන් නුඹගේ ප්රතිඥාවට අපි විරුද්ධ නොවූයෙමු. එනමුත් ජනයාගේ අලංකාරයෙන් පිරුණු (ආභරණ) බර අප මත පටවන ලදී. එහෙයින් අපි එය දැමුවෙමු. එසේම සාමිරීද දැමුවේය.
තෆ්සීර්
මූසාගේ ජනයා, "අහෝ මූසා! අපි නුඹට කළ පොරොන්දුව අප විසින්ම තෝරා ගෙන කඩ නොකළෙමු. නමුත් එය එසේ සිදු වූයේ බල කිරීමකිනි. ෆිර්අවුන්ගේ ජනයාගේ ආභරණ පොදි බර අපි උසුලා සිටියෙමු. පසුව ඉන් මිදෙනු පිණිස අපි ඒවා වළකට හෙළුවෙමු. අපි එම වළට ඒවා හෙළුවාක් මෙන්ම සාමිරී ද දැමුවේය. ඔහු සමග තිබුණේ පසින් නිර්මාණය කරන ලද ජිබ්රීල්ගේ අශ්ව කුරයකි" යැයි පැවසුවෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න