සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:47

فَأْتِيَاهُ فَقُولَا إِنَّا رَسُولَا رَبِّكَ فَأَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ وَلَا تُعَذِّبْهُمْ ۖ قَدْ جِئْنَاكَ بِآيَةٍ مِنْ رَبِّكَ ۖ وَالسَّلَامُ عَلَىٰ مَنِ اتَّبَعَ الْهُدَىٰ

එහෙයින් නුඹලා දෙදෙනා ඔහු වෙත පැමිණ ‘නියත වශයෙන්ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතවරු දෙදෙනෙකි. එහෙයින් අප සමග ඉස්රාඊල් දරුවන් එවනු. තවද නුඹ ඔවුනට දඬුවම් නොකරනු. නුඹගේ පරමාධිපතිගෙන් වූ සාධකයක් සමග සැබැවින්ම අපි නුඹ වෙත පැමිණ ඇත්තෙමු. යහ මග අනුගමනය කළවුන් මත ශාන්තිය අත් වේවා! යැයි පැවසූහ.

තෆ්සීර්

එවිට ඔවුන් දෙදෙනා ඔහු වෙත පැමිණ, "අහෝ ෆිර්අවුන්! සැබැවින්ම අපි ඔබේ පරමාධිපතිගේ දූතවරුන් දෙදෙනෙකු වෙමු. එහෙයින් අප සමග ඉස්රාඊල් දරුවන් යවනු. ඔවුන්ගේ පිරිමි දරුවන් මරා දමා, ඔවුන්ගේ ගැහැණු දරුවන්ට ජීවිත දානය දී නුඹ ඔවුන්ට දඬුවම් නොකරනු. අපගේ සත්යභාවය තහවුරු කරනු වස් නුඹේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක සමග පැමිණ ඇත්තෙමු. අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ මග අනුගමනය කළවුන්ට අල්ලාහ්ගේ දඬුවමින් වූ ආරක්ෂාවක් ඇත" යැයි පැවසූහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න