සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:132

وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا ۖ لَا نَسْأَلُكَ رِزْقًا ۖ نَحْنُ نَرْزُقُكَ ۗ وَالْعَاقِبَةُ لِلتَّقْوَىٰ

තවද සලාතය පිළිබඳ ව නුඹගේ පවුලට නුඹ අණ කරනු. තවද ඒ මත රැඳී සිටිනු. අපි නුඹගෙන් පෝෂණය නොඉල්ලුවෙමු. නුඹට පෝෂණය සපයනුයේ අපමය. තවද අවසාන තීන්දුව බිය බැතිමතුන් හටය.

තෆ්සීර්

අහෝ දූතය! සලාතය ඉටු කරන මෙන් නුඹ නුඹේ පවුලට අණ කරනු. නුඹ ද එය ඉටු කිරීමෙහි රැඳී සිටිනු. නුඹ වෙනුවෙන් හා නුඹ නොවන අය වෙනුවෙන් අපි කිසිදු සම්පතක් නුඹගෙන් නොපතමු. නුඹේ පෝෂණ සම්පත් භාරගෙන ඇත්තේ අපමය. අල්ලාහ්ට බිය වී ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත් වූ ජනයාහට මෙලොවෙහි හා මතුලොවෙහි ප්රශංසනීය අවසානයක් ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න