සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:131

وَلَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِنْهُمْ زَهْرَةَ الْحَيَاةِ الدُّنْيَا لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَرِزْقُ رَبِّكَ خَيْرٌ وَأَبْقَىٰ

අපි ඔවුන් එහි පරීක්ෂා කරනු පිණිස මෙලොව ජීවිතයේ චමත්කාරයක් ලෙස ඔවුන් අතුරින් පිරිසකට කවර දෙයක් අපි භුක්ති විඳීම සඳහා ලබා දුන්නේ ද ඒ වෙත නුඹගේ දෑස් දිගු නොකරනු. තවද නුඹගේ පරමාධිපතිගේ පෝෂණය ශ්‍රේෂ්ඨය. තවද වඩාත් ස්ථායීය.

තෆ්සීර්

එම බොරුකාර පිරිස් පරීක්ෂාවට ලක් කරනු පිණිස මෙලොව ජීවිතයේ සතුට විඳීම සඳහා ඔවුනට අපි ඇති කළ භුක්ති විඳීම් දෙස නුඹ නොබලනු. සැබැවින්ම අපි ඔවුනට ඇති කළ දෑ විනාශ වී යන්නකි. නමුත් නුඹේ පරමාධිපති නුඹ තෘප්තියට පත්වන තරමට ප්රතිඥා දී ඇති තිළිණ මෙලොවෙහි ඔවුන් භුක්ති විඳින, විනාශ වී යන දෑට වඩා උතුම්ය. සදාතනිකය. ඊට හේතුව සැබැවින්ම එහි කප්පාදුවක් නොවන බැවිණි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න