සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:130

فَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ غُرُوبِهَا ۖ وَمِنْ آنَاءِ اللَّيْلِ فَسَبِّحْ وَأَطْرَافَ النَّهَارِ لَعَلَّكَ تَرْضَىٰ

එහෙයින් ඔවුන් පවසන දෑ කෙරෙහි නුඹ ඉවසා දරා ගනු. තවද නුඹ තෘප්තියට පත් විය හැකි වනු පිණිස නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් හිරු උදා වීමට පෙර හා එය අවරට යාමට පෙර සුවිශුද්ධ කරනු. තවද රාත්‍රී කාලයේ ද දහවල් කෙළවරවල්හිද සුවිශුද්ධ කරනු.

තෆ්සීර්

අහෝ දූතය! ව්යාජ ගුණාංග ආරූඪ කරමින් නුඹ ගැන බොරුකාරයින් පවසා සිටින දෑ මත නුඹ ඉවසා සිටිනු. හිරු උදාවීමට පෙර ෆජ්ර් සලාතයේදී ද එය අවරට යෑමට පෙර අසර් සලාතයේදී ද රාත්රී කාලවල මග්රිබ් හා ඉෂා සලාතයන්හි ද දහවල් කාලයේ ආරම්භ භාගයේ අවසානයෙන් පසු හිරු අවරට යන අවස්ථාවේ ලුහර් සලාතයේදී ද එහි දෙවන භාගයේ අවසන් වීමෙන් පසු මග්රිබ් සලාතයේදී ද අල්ලාහ් අබියස නුඹ තෘප්තියට පත්වන පරිදි තිළිණ ලබා ගැනීමේ යහපත් අපේක්ෂාවෙන් නුඹ නුඹේ පරමාධිපතිට ප්රශංසා කොට ඔහු ව සුවිශුද්ධ කරනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න