සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:73
إِنَّا آمَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَايَانَا وَمَا أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ السِّحْرِ ۗ وَاللَّهُ خَيْرٌ وَأَبْقَىٰ
නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති විශ්වාස කළෙමු. අපගේ වැරදි වලටත් නුඹ කවර දෙයක් වෙත හූනියම් කිරීමට බල කළේද එයටත් ඔහු අපට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අති ශ්රේෂ්ඨය. වඩාත් ස්ථායීය.
තෆ්සීර්
දේව ප්රතික්ෂේපය හා අප පෙර කළ පාපකම් සඳහා අපට සමාව දෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් අපගේ පරමාධිපතිව සැබැවින්ම අපි විශ්වාස කළෙමු. ඉගෙන ගන්නා මෙන් ද, පුහුණු වන මෙන්ද මූසාව ජය ගැනීම සඳහා ද නුඹ අපට බලකරමින් සිටි හූනියමේ පාපය ඔහු අපෙන් පහ කරනු ඇත. නුඹ කවර කරුණක් ප්රතිඥා දුන්නෙහිද එයට වඩා ප්රතිඵල ලබා දීමෙන් අල්ලාහ් උතුම්ය. නුඹ කවර දඬුවමක් පිළිබඳ තර්ජනය කළෙහි ද එයට වඩා දඬුවම් දීමෙන් ස්ථායීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න