සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:74
إِنَّهُ مَنْ يَأْتِ رَبَّهُ مُجْرِمًا فَإِنَّ لَهُ جَهَنَّمَ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ
නියත වශයෙන්ම කරුණ නම්, කවරෙකු තම පරමාධිපති වෙත වැරදිකරුවකු ලෙසින් පැමිණෙන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහුට නිරය සතු වේ. ඔහු එහි මිය නොයන අතර ජීවත් ද නොවෙයි.
තෆ්සීර්
සැබැවින්ම කරුණ සහ සංෂිප්තය නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, කවරෙකු තම පරමාධිපති වෙත ඔහුව ප්රතික්ෂේප කරන්නෙකු ලෙස පැමිණෙන්නේ ද, සැබැවින්ම ඔහුට අපා ගින්න හිමි වන්නේය. එහි ඔහු පිවිස සදාකල් වෙසෙයි. එහි ඔහු මිය නොයයි. එහි දඬුවමින් සහනයක් නොලබයි. යහපත් ජීවිතයක් ගත නොකරයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න