සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:72

قَالُوا لَنْ نُؤْثِرَكَ عَلَىٰ مَا جَاءَنَا مِنَ الْبَيِّنَاتِ وَالَّذِي فَطَرَنَا ۖ فَاقْضِ مَا أَنْتَ قَاضٍ ۖ إِنَّمَا تَقْضِي هَٰذِهِ الْحَيَاةَ الدُّنْيَا

පැහැදිලි සාධක අතුරින් අප වෙත පැමිණි දෑ හා අප මැවූ අයට ඉහළින් නුඹ ව අපි තෝරා නොගන්නෙමු. එහෙයින් නුඹ තීන්දු කරන දෑ තීන්දු කරනු. නුඹ තීන්දු කරනුයේ මෙලොව ජීවිතයේ පමණය.

තෆ්සීර්

හූනියම් කරුවන් ෆිර්අවුන්ට, "අහෝ ෆිර්අවුන්! ඔහු අප වෙත ගෙන ආ පැහැදිළි සාධකය පිළිපැදීමට වඩා ඔබව පිළිපැදීම අපි කිසි විටෙක තෝරා නොගන්නෙමු. අපගේ මැවුම්කරු අල්ලාහ්ට වඩා කිසි විටෙක ඔබව ශ්රේෂ්ඨත්වයට පත් නොකරමු. ඔබ අපට කරන දේ කරනු. අප වෙත නුඹ ආධිපත්යය දරණුයේ විනාශ වී යන මෙලොව ජීවිතයේ පමණය. ඔබේ බලය තුරන් වී යනු ඇත."යැයි පැවසුහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න