සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:71

قَالَ آمَنْتُمْ لَهُ قَبْلَ أَنْ آذَنَ لَكُمْ ۖ إِنَّهُ لَكَبِيرُكُمُ الَّذِي عَلَّمَكُمُ السِّحْرَ ۖ فَلَأُقَطِّعَنَّ أَيْدِيَكُمْ وَأَرْجُلَكُمْ مِنْ خِلَافٍ وَلَأُصَلِّبَنَّكُمْ فِي جُذُوعِ النَّخْلِ وَلَتَعْلَمُنَّ أَيُّنَا أَشَدُّ عَذَابًا وَأَبْقَىٰ

මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු ව විශ්වාස කළෙහු ද? නියත වශයෙන් නුඹලාට හූනියම් ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් මම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද (පැති) මාරුවෙන් මාරුව කපා දමමි. තවද ඉඳි කඳෙහි නුඹලා බැඳ දමා ඇණ ගසමි. තවද අප අතුරින් දඬුවම් දීමෙහි වඩාත් ප්‍රබල හා වඩාත් ස්ථායී කවරෙකු දැයි නුඹලා දැන ගනු ඇත.

තෆ්සීර්

හූනියම් කරුවන් දේව විශ්වාසය ඇති කරගත් හේතුවෙන් ෆිර්අවුන් එය හෙළා දැක, ඔවුනට තර්ජනය කොට මෙසේ පැවසීය. "මම නුඹලාට ඒ ගැන අවසර දීමට පෙර මූසා ව නුඹලා විශ්වාස කළෙහුද? අහෝ හූනියම්කරුවනි! සැබැවින්ම මූසා නුඹලාට හූනියම් ඉගැන්වූ නුඹලාගේ ප්රධානියා වී ඇත. නුඹලා සෑම කෙනෙකුගේම අත් හා පාද මාරුවෙන් මාරුව වෙන් කර දමමි. නුඹලා මිය යන තෙක් ඉඳි කඳේ නුඹලාගේ ශරීර බැඳ තබමි. එවිට නුඹලා සෙසු අයට පාඩමක් වනු ඇත. එවිට දඬුවම් දීමෙහි වඩාත් බලවත් හා දරුණු මා ද එසේ නැතහොත් මූසාගේ පරමාධිපති දැ?යි නුඹලා දැන ගනු ඇත."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න