සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:70
فَأُلْقِيَ السَّحَرَةُ سُجَّدًا قَالُوا آمَنَّا بِرَبِّ هَارُونَ وَمُوسَىٰ
එවිට හූනියම්කරුවෝ සිරස බිම තබමින් බිම ඇඳ වැටී ‘අපි හාරූන්ගේ හා මූසාගේ පරමාධිපති ව විශ්වාස කළෙමු’ යැයි පැවසූහ.
තෆ්සීර්
එවිට මූසා ඔහුගේ සැරයටිය විසි කළේය. එය සර්පයෙකු බවට පත් විය. හූනියම් කරුවන් මවා පෙන්වූ දෑ ඌ ගිල දැමීය. පසු ව මූසා අබියස ඇති දෑ හූනියමක් නොවන බවත්, සැබැවින්ම එය අල්ලාහ් වෙතින් වූවක් බවත් හූනියම් කරුවන් වටහා ගත් බැවින් ඔවුහු අල්ලාහ්ට සුජූද් කොට, "මූසාගේ හා හාරූන්ගේ පරමාධිපති වූ සියලු මැවීම්හි පරමාධිපති වූ අල්ලාහ්ව විශ්වාස කළෙමු" යැයි පැවසූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න