සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:97
قَالَ فَاذْهَبْ فَإِنَّ لَكَ فِي الْحَيَاةِ أَنْ تَقُولَ لَا مِسَاسَ ۖ وَإِنَّ لَكَ مَوْعِدًا لَنْ تُخْلَفَهُ ۖ وَانْظُرْ إِلَىٰ إِلَٰهِكَ الَّذِي ظَلْتَ عَلَيْهِ عَاكِفًا ۖ لَنُحَرِّقَنَّهُ ثُمَّ لَنَنْسِفَنَّهُ فِي الْيَمِّ نَسْفًا
එහෙයින් නුඹ පිටත් ව යනු. මුළු ජීවිත කාලයෙහිම ස්පර්ශ නොකරනුයි පැවසීමට නුඹට සිදු වනු ඇත. තවද නුඹ එයින් පසුබැසිය නොහැකි ප්රතිඥත වේලාවක් නුඹ සතු වේ. නුඹ කවර දෙයක් මත රැඳී සිටියේ ද එවන් නුඹගේ දෙවියන් දෙස බලනු. අපි එය පුලුස්සා දමා පසු ව මුහුදෙහි සුළඟට පාවෙන්නට හරින්නෙමු.
තෆ්සීර්
මූසා සාමිරීට, "එසේ නම්, නුඹ පිටව යනු. සැබැවින්ම නුඹ ජීවත්ව සිටින කල්තාක් නුඹට මෙසේ පවසන්නට සිදුවනු ඇත. එනම්, ‘මම ස්පර්ශ නොකරමි. ස්පර්ශ කරනු නොලබමි.’ යැයි පැවසීමය. එවිට නුඹ බැහැර කරනු ලැබූවෙක් ලෙස ජීවිත් විය යුතු ව ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම නුඹ විනිශ්චයට භාජනය කරනු ලබන බවත් දඬුවම් කරනු ලබන බවත් නුඹට ප්රතිඥාවක් දී ඇත්තේය. මෙම ප්රතිඥාව අල්ලාහ් කිසිවිටෙක ඉවත් නොකරන්නේමය. නුඹ නැමදුමට ගත් නුඹේ වසු පැටවා දෙස බලනු. අල්ලාහ්ගෙන් තොරව වන්දනාමානය සඳහා නුඹ එය යොදා ගත්තෙහිය. සැබැවින්ම අපි එය දිය වී යන තෙක් ගින්නෙන් උණු කරන්නෙමු. පසු ව කිසිදු සළකුණක් නොපවතින පරිදි අපි එය මුහුදෙහි පා කර හරින්නෙමු" යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න