සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:40
إِذْ تَمْشِي أُخْتُكَ فَتَقُولُ هَلْ أَدُلُّكُمْ عَلَىٰ مَنْ يَكْفُلُهُ ۖ فَرَجَعْنَاكَ إِلَىٰ أُمِّكَ كَيْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ ۚ وَقَتَلْتَ نَفْسًا فَنَجَّيْنَاكَ مِنَ الْغَمِّ وَفَتَنَّاكَ فُتُونًا ۚ فَلَبِثْتَ سِنِينَ فِي أَهْلِ مَدْيَنَ ثُمَّ جِئْتَ عَلَىٰ قَدَرٍ يَا مُوسَىٰ
නුඹගේ සහෝදරිය (ඒ පසුපස) ගමන් කළ අවස්ථාවේ ‘මොහුගේ භාරකාරත්වය උසුලන අයෙකු මම නුඹලාට දන්වා සිටින්නදැයි’ ඇය පැවසුවාය. පසු ව අපි ඇය දුක් නොවනු පිණිස හා ඇයගේ නෙත් පිනවනු පිණිස නුඹ ව නුඹගේ මව වෙත නැවත යොමු කළෙමු. තවද නුඹ ආත්මයක් මරා දැමුවෙහිය. පසු ව එම පීඩනයෙන් අපි නුඹ ව මුදවා ගත්තෙමු. (විවිධ) පරීක්ෂණ මගින් අපි නුඹ පිරික්සුවෙමු. නුඹ මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහිය. පසු ව අහෝ මූසා, නියමිත කාලයෙහි නුඹ පැමිණියෙහිය.
තෆ්සීර්
එවිට ඔබේ සහෝදරිය ද පිටත් වූවාය. පෙට්ටිය ගමන් කරන සෑම විටෙකම එය පසුපස හඹා ඇය ගමන් ගත්තාය. එය ගත් අයට ඇය, "ඔහුව ආරක්ෂා කරන; ඔහුට කිරි දෙන; ඔහුව හදා වඩාගන්නා කෙනෙකු මා ඔබට පෙන්වා දෙන්නදැ?යි විමසා සිටියාය. පසුව ඔබේ මව ඔබේ පැමිණීමෙන් සතුටට පත්වනු පිණිස ඔබව නැවතත් ඇය වෙත භාර දී ඔබට අපි ආශිර්වාද කළෙමු. තවද ඔබ ගැන ඔබ දුක් නොවනු. ඔබ පහර දුන් අල් කිබ්තී ව ඔබ මරා දැමුවෙහිය. දඬුවමින් ඔබව මුදවාගෙන ඔබ වෙත අපි ආශිර්වාද කළෙමු. ඔබට ඇති වූ සෑම පරීක්ෂණයකින්ම පියවරෙන් පියවර අපි ඔබ මුදවා ගත්තෙමු. පසුව ඔබ එයින් පිටව ගොස් වසර ගණනාවක් මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහිය. පසුව අහෝ මූසා ඔබ සමග කතා කිරීම සඳහා ඔබට නියම කළ කාලයෙහි නුඹ නැවත පැමිණියෙහිය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න