සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:39
أَنِ اقْذِفِيهِ فِي التَّابُوتِ فَاقْذِفِيهِ فِي الْيَمِّ فَلْيُلْقِهِ الْيَمُّ بِالسَّاحِلِ يَأْخُذْهُ عَدُوٌّ لِي وَعَدُوٌّ لَهُ ۚ وَأَلْقَيْتُ عَلَيْكَ مَحَبَّةً مِنِّي وَلِتُصْنَعَ عَلَىٰ عَيْنِي
පෙට්ටිය තුළ ඔහු බහාලනු. පසු ව මුහුදෙහි එය දමනු. මුහුද ඔහු වෙරළට ගෙන යයි. මාගේ සතුරා හා ඔහුගේ සතුරා එය ගනු ඇත. තවද මා විසින් සෙනෙහස මම නුඹ වෙත හෙළුවෙමි. තවද මාගේ දෑස් ඉදිරිපිට නුඹ ක්රියා කරනු ලබනු පිණිසය.
තෆ්සීර්
ඇයට අප දේව පණිවිඩ දන්වා සිටි අවස්ථාවේ, ඔහුගේ උපතින් පසු ව ඔහුව පෙට්ටියක දමන මෙන් ද පෙට්ටිය සමුද්රයේ හෙළන මෙන් ද ඇයට අපි නියෝග කළෙමු. එවිට අපගෙන් වූ නියෝගය පරිදි සමුද්රය වෙරළ තීරයකට ඔහු ගෙනැවින් දැමීය. මාගේ මෙන්ම ඔහුගේ සතුරා එය ගත්තේය. ඔහු ෆිර්අවුන්ය. මගෙන් වූ දයාලුබව මම ඔබ වෙත තැබුවෙමි. ජනයා ද ඔබට ප්රිය කරන්නට ගත්තේය. මාගේ දෑස් ඉදිරියේ මෙන්ම මාගේ ආරක්ෂාව හා අධීක්ෂණය යටතේ ඔබ හැදී වැඩුණෙහිය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න