සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:124
وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكًا وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَىٰ
මා මෙනෙහි කිරීමට කවරෙකු පිටුපෑවේ ද එවිට නියත වශයෙන්ම ඔහුට පීඩිත ජීවිතයක් ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධයකු ලෙස අපි ඔහු ව නැවත නැගිටුවන්නෙමු.
තෆ්සීර්
කවරෙකු මා මෙනෙහි කිරීමෙන් හැරුණේ ද, එය පිළි නොගත්තේ ද, එයට ප්රතිචාර නොදැක්වූයේ ද, සැබැවින්ම ඔහුට මෙලොවෙහි ද මිණීවල ජීවිතයෙහි ද පීඩිත ජීවිතයක් ඇත. බැල්ම හා සාධක අහිමිවූ අයකු සේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා එක්රැස් කරන ස්ථානයට ඇදගෙන යන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න