සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:123
قَالَ اهْبِطَا مِنْهَا جَمِيعًا ۖ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ ۖ فَإِمَّا يَأْتِيَنَّكُمْ مِنِّي هُدًى فَمَنِ اتَّبَعَ هُدَايَ فَلَا يَضِلُّ وَلَا يَشْقَىٰ
නුඹලා දෙදෙනා සියල්ල සමග පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරුය. මගෙන් නුඹලා වෙත යහ මග පැමිණෙනු ඇත. එහෙයින් කවරෙකු මාගේ යහ මග පිළිපදින්නේ ද එවිට ඔහු නොමග නොයනු ඇත. තවද අභාග්යවන්ත නොවනු ඇත.
තෆ්සීර්
අල්ලාහ් ආදම් හා හව්වා අමතා මෙසේ පැවැසුවේය. "නුඹලා දෙදෙනා හා ඉබ්ලීස් ස්වර්ගයෙන් පහළට බසිනු. ඔහු නුඹලා දෙදෙනාගේ සතුරාය. නුඹලා දෙදෙනා ඔහුගේ සතුරන් වන්නෙහුය. මා වෙතින් යම් විස්තරයක් නුඹලා වෙත පැමිණියේ නම් එය මාගේ මාර්ගයයි. නුඹලා අතරින් කවරෙකු මාගේ මාර්ගයේ පැහැදිලි කිරීම් අනුගමනය කර, ඒ අනුව ක්රියා කොට එයින් හැරී නොගියේ නම්, ඔහු සත්යයෙන් මුළා වන්නේ නැත. මතුලොවෙහි දඬුවමට ලක් වී අභාග්යවන්තභාවයට පත් නොවනු ඇත. එසේ නම් අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න