සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:99
كَذَٰلِكَ نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاءِ مَا قَدْ سَبَقَ ۚ وَقَدْ آتَيْنَاكَ مِنْ لَدُنَّا ذِكْرًا
සැබැවින්ම ඉකුත් වී ගිය දෑහි තොරතුරු අපි නුඹ වෙත පවසනුයේ මෙලෙසය. තවද අප වෙතින් වූ මෙනෙහි කිරීමක් නුඹ වෙත අපි සැබැවින්ම පිරිනමා ඇත්තෙමු.
තෆ්සීර්
අහෝ දූතය! නුඹ වෙත මූසා හා ෆිර්අවුන් පිළිබඳව ද, ඔවුන් දෙදෙනාගේ ජනයා පිළිබඳව ද තොරතුරු පවසා සිටියාක් මෙන්ම, නුඹට සහනයක් වනු පිණිස නුඹට පෙර පැමිණි නබිවරුන් හා සමූහයන් පිළිබඳ තොරතුරු ද නුඹ වෙත අපි පවසා සිටින්නෙමු. සිහිපත් කළ යුතු අය එමගින් මෙනෙහි කරනු ලබන කුර්ආනයක් අප වෙතින් අපි නුඹ වෙත පිරිනමා ඇත්තෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න