සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:128

أَفَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِأُولِي النُّهَىٰ

ඔවුනට ඔහු මග පෙන්වීම් නොකළේ ද? ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමුද? මොවුන් ඔවුන්ගේ වාසස්ථාන වල ගමන් කරමින් සිටිති. නියත වශයෙන්ම එහි බුද්ධිය ඇත්තවුනට සංඥාවන් ඇත.

තෆ්සීර්

ඔවුනට පෙර අපි විනාශ කළ බොහෝ සමූහයන් පිළිබඳ ඔහු දේව ආදේශකයින්හට පැහැදිලි නොකළේ ද? ඔවුහු එම විනාශ කරනු ලැබූ සමූහයන්ගේ වාස්සස්ථාන අතර ගමන් කරති. ඔවුන් ට අත් වූ ඉරණමෙහි සළකුණු ඔවුහු ඔවුන්ගේ දෑසින්ම දකිති. බොහෝ සමූහයන්ට මෙලෙස අත් වූ විනාශය හා ව්යසනය තුළ බුද්ධිමත් ජනයාහට සැබැවින්ම පාඩමක් ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න