සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:63

قَالُوا إِنْ هَٰذَانِ لَسَاحِرَانِ يُرِيدَانِ أَنْ يُخْرِجَاكُمْ مِنْ أَرْضِكُمْ بِسِحْرِهِمَا وَيَذْهَبَا بِطَرِيقَتِكُمُ الْمُثْلَىٰ

නියත වශයෙන්ම මොවුන් දෙදෙනා හූනියම්කරුවන් දෙදෙනෙකු වෙයි. ඔවුන් දෙදෙනාගේ හූනියම මගින් නුඹලා ව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමටත් නුඹලාගේ ආදර්ශමත් මාර්ගයෙන් ඉවත් කිරීමටත් ඔවුන් දෙදෙනා අපේක්ෂා කරති.

තෆ්සීර්

ඇතැම් හූනියම්කරුවන් ඇතැමුන් දෙස බලා රහසිගතව: "සැබැවින්ම මූසා හා හාරූන් හූනියම් කරුවන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා කවර හූනියමක් ගෙන ආවේ ද එමගින් ඔවුන් දෙදෙනා මිසර දේශයෙන් නුඹලා ව පිටුවල් කරන්නටත් මෙම ජීවිතයේ නුඹලාගේ උසස් පිළිවෙත හා මාර්ගයෙන් නුඹලාව ඉවත් කරන්නටත් අපේක්ෂා කරති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න