සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:58
فَلَنَأْتِيَنَّكَ بِسِحْرٍ مِثْلِهِ فَاجْعَلْ بَيْنَنَا وَبَيْنَكَ مَوْعِدًا لَا نُخْلِفُهُ نَحْنُ وَلَا أَنْتَ مَكَانًا سُوًى
එසේ නම් අපි ද එවැනිම හූනියමක් ඔබ වෙත ගෙන එන්නෙමු. එහෙයින් අප හෝ ඔබ එයට විරුද්ධ නොවන පොරොන්දු වූ වේලාවක මධ්යස්ථ ස්ථානයක් අප අතර හා ඔබ අතර පත් කරනු.
තෆ්සීර්
"අහෝ මූසා! ඔබේ හූනියම මෙන් හූනියමක් සැබැවින්ම අප ද නුඹ වෙත ගෙන එන්නෙමි. සැබැවින්ම අප අතර හා නුඹ අතර නියමිත ස්ථානයක නියමිත කාලයක ප්රතිඥාවක් අති කරනු. අපි කඩ නොකරන්නෙමු. ඔබ ද එය කඩ නොකළ යුතුය. කණ්ඩායම් දෙක අතර මධ්යස්ත ලෙසින් මැද ස්ථානයක් විය යුතුය."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න