සූරා 20 · ජුස් 16

My Lord, increase me in knowledge · Ta-Ha 20:114

فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۗ وَلَا تَعْجَلْ بِالْقُرْآنِ مِنْ قَبْلِ أَنْ يُقْضَىٰ إِلَيْكَ وَحْيُهُ ۖ وَقُلْ رَبِّ زِدْنِي عِلْمًا

සැබෑ රජු වූ අල්ලාහ් උත්තරීතර විය. නුඹ වෙත ඔහුගේ දේව පණිවිඩ අවසන් කරනු ලබන්නට පෙර කුර්ආනය සම්බන්ධයෙන් නුඹ ඉක්මන් නොවනු. මාගේ පරමාධිපතියාණනි, මට දැනුම වර්ධනය කරනු මැනව ! යි නුඹ පවසනු.

තෆ්සීර්

සියලු දෑ සතු හිමිපාණන් වන අල්ලාහ් උත්තරීතරය. කීර්තිමත්ය. පිවිතුරුය. ඔහු සත්යය. ඔහුගේ ප්රකාශය ද සත්යය. දේව ආදේශකයින් ඔහු ගැන කවර වර්ණනාවක් කරන්නේ ද ඔහු එයින් උත්තරීතරය. ජිබ්රීල් අලයිහිස් සලාම් ඔබට අල් කුර්ආනය දන්වා අවසන් කිරීමට පෙර ඔහු සමග අල් කුර්ආනය කියවීමට නුඹ ඉක්මන් නොවනු. තවද නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණනි! නුඹ මා හට ඉගැන්වූ දෑට වඩා අමතර දැනුමක් වර්ධනය කර දෙනු මැනව!"

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න