සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:113

وَكَذَٰلِكَ أَنْزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا وَصَرَّفْنَا فِيهِ مِنَ الْوَعِيدِ لَعَلَّهُمْ يَتَّقُونَ أَوْ يُحْدِثُ لَهُمْ ذِكْرًا

එලෙසම අපි එය අරාබි බසින් වූ කුර්ආනයක් වශයෙන් පහළ කළෙමු. තවද ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස හෝ ඔවුනට මෙනෙහි කිරීමක් සිදු කළ හැකි වනු පිණිස එහි අපි ප්‍රතිඥාවන් විස්තර කළෙමු.

තෆ්සීර්

පෙර සිටියවුන්ගේ කතා වස්තු අපි පහළ කළාක් මෙන්ම මෙම අල් කුර්ආනය පැහැදිලි අරාබි බසින් පහළ කළෙමු. ඔවුන් අල්ලාහ් ගැන බියවනු ඇතැයි හෝ අල් කුර්ආනය ඔවුනට උපදෙසක් හා පාඩමක් ලබා දෙනු ඇතැයි යන දැහැමි බලාපොරොත්තුවෙන් අපි එහි බිය ගන්වා අවවාද කොට විවිධ අවවාදයන් පැහැදිළි කර ඇත්තෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න