සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:45
قَالَا رَبَّنَا إِنَّنَا نَخَافُ أَنْ يَفْرُطَ عَلَيْنَا أَوْ أَنْ يَطْغَىٰ
අපගේ පරමාධිපතියාණනි, ඔහු අප වෙත දඬුවම් කිරීම හෝ සීමාව ඉක්මවා කටයුතු කිරීම ගැන නියත වශයෙන්ම අපි බිය වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය.
තෆ්සීර්
මූසා හා හාරූන් (අලයිහිමස් සලාම්), "සැබැවින්ම ඔහුට ඇරයුම් කිරීමට පෙර ඔහු දඬුවම් කිරීම ඉක්මන් කරනු ඇතැයි හෝ මරා දැමීමෙන් හෝ වෙනත් යම් ආකාරයකින් අපට අපරාධ කිරීමෙහි ඔහු ඉක්මවා කටයුතු කරනු ඇතැයි සැබැවින්ම අපි බියවෙමු" යැයි පවසා සිටියෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න