සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:121

فَأَكَلَا مِنْهَا فَبَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِنْ وَرَقِ الْجَنَّةِ ۚ وَعَصَىٰ آدَمُ رَبَّهُ فَغَوَىٰ

එවිට ඔවුන් දෙදෙනා එයින් අනුභව කළෝය. එවිට ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළිවිය. (ස්වර්ග) උයනේ කොළ වලින් ඔවුන් දෙදෙනා මත අලවා ගන්නට පටන් ගත්තෝය. ආදම් තම පරමාධිපතිට පිටුපෑවේය. තවද ඔහු නොමග ගියේය.

තෆ්සීර්

අනුභව කිරීමට තහනම් කරන ලද ගසින් ආදම් හා හව්වා යන දෙදෙනා අනුභව කළෝය. ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ආවරණය කර තිබුවායින් පසු, ඒවා ඔවුන් දෙදෙනාට හෙළි විය. ස්වර්ග ගස්වල කොළ කඩා ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ආරවරණය කරන්නට වූහ. ගසින් අනුභව කිරීමෙන් වැළකී සිටින මෙන් අල්ලාහ් කළ නියෝගය පිළි නොපැද ඔහුට සුදුසු නොවන දෙයක් වෙත ඉක්මවා කටයුතු කළ අවස්ථාවේ ඔහු ඔහුගේ පරමාධිපතිට විරුද්ධ විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න