සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:126
قَالَ كَذَٰلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا ۖ وَكَذَٰلِكَ الْيَوْمَ تُنْسَىٰ
එලෙසය, අපගේ වදන් නුඹ වෙත පැමිණියේ. එවිට නුඹ එය අමතක කළෙහිය. එලෙසම අද දින නුඹ ව අමතක කරනු ලබන්නේ යැයි ඔහු පැවසීය.
තෆ්සීර්
උත්තරීතර අල්ලාහ් ඔහුට ප්රතිචාර දක්වමින්, "නුඹ මෙලොවෙහි කටයුතු කළේ මෙලසය. අපගේ වදන් නුඹ වෙත පැමිණියේය. නමුත් නුඹ ඒවා පිටු දැක අතහැර දැමුවෙහිය. එහෙයින් සැබැවින්ම නුඹ අද දින එලෙසම දඬුවම තුළ අතහැර දමනු ලබන්නෙහිය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න