සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:90

وَلَقَدْ قَالَ لَهُمْ هَارُونُ مِنْ قَبْلُ يَا قَوْمِ إِنَّمَا فُتِنْتُمْ بِهِ ۖ وَإِنَّ رَبَّكُمُ الرَّحْمَٰنُ فَاتَّبِعُونِي وَأَطِيعُوا أَمْرِي

මීට පෙර හාරූන් මාගේ ජනයිනි, මෙමගින් නුඹලා අර්බුදයකට පත් ව ඇත. තවද නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති මහා කාරුණිකය. එහෙයින් නුඹලා මා අනුගමනය කරනු. තවද මාගේ අණට කීකරු වනු යැයි ඔවුනට පැවසීය.

තෆ්සීර්

මූසා (අලයිහිස් සලාම්) තුමා ඔවුන් වෙත නැවත පැමිණීමට පෙර හාරූන් තුමා ඔවුනට මෙසේ පැවසීය, "රනින් වූ වසුපැටවාගේ ස්වරූපය හා උගේ හඬ තුළ නුඹලාට පරීක්ෂණයක් මිස නැත. එය දේව ප්රතික්ෂේපකයාගෙන් දේව විශ්වාසියා හෙළි කරනු පිණිසය. අහෝ මාගේ ජනයිනි! සැබැවින්ම නුඹලාගේ පරමාධිපති කරුණාව සතු අයෙකි. ඔහු නුඹලාට යම් උවදුරක් කිරීමට හෝ සෙතක් කිරීමට හෝ බලය නොමැත්තෙකු නොවේ. එය නුඹලාට කරුණා දැක්වීමේ අනුග්රහයක් වශයෙනි. එහෙයින් ඔහුට පමණක් නැමදීමෙහි නුඹලා මා අනුගමනය කරනු. වෙනත් අය වන්දනා කිරීම අතහැර දමා මාගේ නියෝගයට අවනත වනු."

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න