සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:61

قَالَ لَهُمْ مُوسَىٰ وَيْلَكُمْ لَا تَفْتَرُوا عَلَى اللَّهِ كَذِبًا فَيُسْحِتَكُمْ بِعَذَابٍ ۖ وَقَدْ خَابَ مَنِ افْتَرَىٰ

නුඹලාට විනාශය වේවා! අල්ලාහ් කෙරෙහි නුඹලා බොරු නොගොතනු. එවිට ඔහු නුඹලා ව දඬුවමකින් විනාශ කරනු ඇත. තවද බොරු ගෙතූවන් සැබැවින්ම පරාජයට පත් ව ඇත යැයි මූසා ඔවුනට පැවසීය.

තෆ්සීර්

මූසා තුමා ෆිර්අවුන්ගේ හූනියම් කරුවන්ට උපදෙස් දෙමින්, "නුඹලා ප්රවේසම් වනු. හූනියම මගින් නුඹලා කවර වංචාවක් මිනිසුනට සිදු කරන්නේ ද, එමගින් අල්ලාහ්ට බොරු ගොතා නොපවසනු. එවිට ඔහු වෙතින් දඬුවමක් නුඹලා වෙත සේන්දු වනු ඇත. අල්ලාහ් මත බොරු ගෙතූවන්හට විනාශය අත් විය." යැයි පැවසීය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න