සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:77

وَلَقَدْ أَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ أَنْ أَسْرِ بِعِبَادِي فَاضْرِبْ لَهُمْ طَرِيقًا فِي الْبَحْرِ يَبَسًا لَا تَخَافُ دَرَكًا وَلَا تَخْشَىٰ

තවද නුඹ මාගේ ගැත්තන් සමග රාත්‍රියෙහි පිටත් ව යනු. තවද ඔවුනට මුහුදෙහි (ජලයෙන් තොර) වියළි මාවතක් පෙන්වනු. සතුරු ප්‍රහාරයට බිය නොවනු. තවද නුඹ (දියෙහි ගිලීම ගැනද) බිය නොවනු යැයි සැබැවින්ම අපි මූසා වෙත දේව පණිවිඩ එව්වෙමු.

තෆ්සීර්

"කිසිවකුට නොහැඟෙන සේ මාගේ ගැත්තන් මිසර දේශයෙන් නුඹ කැටුවා ගෙන යනු. සැරයටියෙන් මුහුදට ගැසුවායින් පසු ඔවුන් වෙනුවෙන් මුහුදෙහි මාවතක් පෙන්වා දෙනු. ෆිර්අවුන් හා ඔහුගේ පිරිස නුඹ වෙත ළඟා වීම ගැන නුඹ බිය නොවනු. මුහුදේ ගිලීම ගැන ද නුඹ බිය නොවනු" යැයි අපි මූසාට දේව පණිවිඩ පහළ කළෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න