සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:105

وَيَسْأَلُونَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنْسِفُهَا رَبِّي نَسْفًا

කඳු පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. මාගේ පරමාධිපති එය සුනු විසුනු කොට සුළඟේ පාවී යන්නට ඉඩ හරියි.

තෆ්සීර්

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කඳුවල තත්ත්වය පිළිබඳ ඔවුහු නුඹෙන් විමසති. එහෙයින් නුඹ ඔවුනට, "මාගේ පරමාධිපති එම කඳු ඒවායෙහි මුල් සමගම උගුලා විසිරුවා හරියි. එවිට ඒවා දූවිලි බවට පත් වනු ඇත." යැයි පවසනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න