සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:135

قُلْ كُلٌّ مُتَرَبِّصٌ فَتَرَبَّصُوا ۖ فَسَتَعْلَمُونَ مَنْ أَصْحَابُ الصِّرَاطِ السَّوِيِّ وَمَنِ اهْتَدَىٰ

සියලු දෙනා බලාපොරොත්තු වන්නන්ය. එහෙයින් නුඹලාත් බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට ඍජු මාර්ගයේ සගයින් කවුරුන්දැයි ද යහ මග ගියවුන් කවුරුන්දැයිද නුඹලා මතු දැන ගනු ඇතැයි නුඹ පවසනු.

තෆ්සීර්

අහෝ දූතය! මෙම බොරුකාරයින්ට, "අප හා නුඹලා අතරින් සෑම කෙනෙකුම අල්ලාහ් තමන්ට ගෙනැවිත් දෙන දෑ බලාපොරොතුත්වෙන් සිටියි. එහෙයින් නුඹලා ද බලාපොරොත්තුවෙන් සිටිනු. කිසිදු සැකයකින් තොරව ඍජු මාර්ගයේ සිටින්නේ කවුරුන් දැයි ද යහමඟ සිටින්නේ කවුරුන් දැයි ද අප ද නුඹලා ද යන්න වග නුඹලා මතු දැන ගනු ඇත" යැයි පවසනු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න