සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:134
وَلَوْ أَنَّا أَهْلَكْنَاهُمْ بِعَذَابٍ مِنْ قَبْلِهِ لَقَالُوا رَبَّنَا لَوْلَا أَرْسَلْتَ إِلَيْنَا رَسُولًا فَنَتَّبِعَ آيَاتِكَ مِنْ قَبْلِ أَنْ نَذِلَّ وَنَخْزَىٰ
මීට පෙර යම් දඬුවමකින් සැබැවින්ම අපි ඔවුන් විනාශ කළෙමු නම්, අපගේ පරමාධිපතියාණනි, අප වෙත ධර්ම දූතයකු ඔබ එවිය යුතු නොවේ ද? එවිට අප අවමානයට හා අපකීර්තියට පත් වීමට පෙර නුඹගේ වදන් පිළිපදින්නට තිබුණි යැයි ඔවුහු පවසනු ඇත.
තෆ්සීර්
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගැන බොරු පවසන ඔවුන් වෙත දූතයකු අපි එවීමට පෙර හෝ ඔවුන් වෙත පුස්තකයක් පහළ කිරීමට පෙර ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය හා මුරණ්ඩුකම හේතුවෙන් ඔවුන් වෙත දඬුවමක් පහළ කිරීමෙන් අපි ඔවුන් විනාශ කළේ නම්, ඔවුහු ඔවුන්ගේ දේව ප්රතික්ෂේපයට නිදහසට කරුණු දක්වමින්, "අපගේ පරමාධිපතියාණනි! මෙලොවෙහි අප වෙත දූතයකු ඔබ එවිය යුතු නොවේ ද? එසේ නම් අපි ඔහු විශ්වාස කරන්නෙමු. ඔබේ දඬුවමින් අපහට අත්වන අවමානය හා අපහාසයට පෙර ඔහු ගෙන ආ වදන් අපි පිළිපදින්නෙමු."යැයි පවසනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න