සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:94
قَالَ يَا ابْنَ أُمَّ لَا تَأْخُذْ بِلِحْيَتِي وَلَا بِرَأْسِي ۖ إِنِّي خَشِيتُ أَنْ تَقُولَ فَرَّقْتَ بَيْنَ بَنِي إِسْرَائِيلَ وَلَمْ تَرْقُبْ قَوْلِي
අහෝ ! මාගේ මවගේ පුතණුවනි, මාගේ රැවුලෙන් හා මාගේ හිසින් නුඹ නොඅල්ලනු. ‘නුඹ ඉස්රාඊල් දරුවන් අතර භේද ඇති කළෙහිය. නුඹ මාගේ වචනය බලා පොරොත්තු නොවූයෙහිය යැයි නුඹ පැවසීම ගැන සැබැවින්ම මම බිය වූයෙමි.
තෆ්සීර්
මූසා තම සහෝදරයා කළ ක්රියාව හෙළා දකිමින් ඔහුගේ යටි රැවුලෙන් හා ඔහුගේ හිසෙන් අල්ලා ඔහු වෙත ඇද ගත් කල්හි, හාරූන් බැගෑපත්ව ඔහුට, "මාගේ යටි රැවුලෙන් හෝ මාගේ හිසකෙසින් හෝ නොඅල්ලනු. ඔවුන් සමගම මා රැඳී සිටීමට නිදහසට කරුණක් විය. සැබැවින්ම මම ඔවුන් අතහැර දමා, ඔවුන් වෙන්වී ගියහොත් සැබැවින්ම මම ඔවුන් අතර වෙන් කළ බවටත්, ඔවුන් විෂයයෙහි ඔබගේ උපදෙස මා ආරක්ෂා නොකළ බවටත් ඔබ මට කරන චෝදනාවට බියවීමි." යැයි පැවසීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න