සූරා 20 · ජුස් 16

Ta-Ha · 20:81

كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَلَا تَطْغَوْا فِيهِ فَيَحِلَّ عَلَيْكُمْ غَضَبِي ۖ وَمَنْ يَحْلِلْ عَلَيْهِ غَضَبِي فَقَدْ هَوَىٰ

අපි නුඹලාට පෝෂණය කළ දෑහි පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. එහි නුඹලා සීමාව ඉක්මවා නොයනු. එහෙයින් මාගේ කෝපය නුඹලා වෙත පහළ වනු ඇත. තවද කවරෙකු වෙත මාගේ කෝපය පහළ වන්නේ ද සැබැවින්ම ඔහු විනාශ වනු ඇත.

තෆ්සීර්

අපි නුඹලා වෙත පෝෂණය කළ, අනුමත ආහාරයෙන් ප්රනීත දෑ අනුභව කරනු. අපි නුඹලාට අනුමත කළ දෑ ඉක්මවා ගොස් අපි නුඹලාට තහනම් කළ දෑ වෙත නොයනු. එවිට නුඹලා වෙත මාගේ උදහස පහළ වනු ඇත. කවරෙකු කෙරෙහි මාගේ උදහස පහළ වන්නේ ද සැබැවින්ම ඔහු මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි විනාශ වී යයි. අභාග්යවන්ත භාවයට පත් වෙයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න