සූරා 20 · ජුස් 16
Ta-Ha · 20:80
يَا بَنِي إِسْرَائِيلَ قَدْ أَنْجَيْنَاكُمْ مِنْ عَدُوِّكُمْ وَوَاعَدْنَاكُمْ جَانِبَ الطُّورِ الْأَيْمَنَ وَنَزَّلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَىٰ
අහෝ ! ඉස්රාඊල් දරුවනි, නුඹලාගේ සතුරන්ගෙන් අපි නුඹලා ව මුදවා ගත්තෙමු. තවද දකුණු තූර් කන්ද දෙසින් අපි නුඹලාට ප්රතිඥා දුනිමු. තවද නුඹලා වෙත මන්නු හා සල්වා (නමැති ස්වර්ග ආහාර) පහළ කළෙමු.
තෆ්සීර්
ෆිර්අවුන් හා ඔහුගේ සේනාවෙන් අපි ඉස්රාඊල් දරුවන් මුදවා ගත් පසු අපි ඔවුනට, "අහෝ ඉස්රාඊල් දරුවනි! සැබැවින්ම අපි නුඹලාව නුඹලාගේ සතුරාගෙන් මුදවා ගත්තෙමු. තූර් කන්ද අසල පිහිටි මිටියාවතේ දකුණු දෙසින් මූසා සමග අපි කතා කරන බවට අපි නුඹලාට ප්රතිඥාවක් දුනිමු. අපගේ ආශිර්වාදයෙන් තීහ් හි නුඹලා වෙත මී පැණි මෙන් රසවත් පානයක් හා වටු කුරුල්ලන්ට සමාන නැවුම් මසින් යුත් කුඩා පක්ෂීන් පහළ කළෙමු." යැයි පවසා සිටියේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න