Yunus

سورة يونس

සූරා 10 · මක්කා · 109 පද

10:1ජුස් 11 · පි. 208

الر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ الْحَكِيمِ1

අලිෆ් ලාම් රා. මෙය ප්‍රඥාවෙන් යුත් පුස්තකයේ වදන් වෙයි.
10:2ජුස් 11 · පි. 208

أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَا إِلَىٰ رَجُلٍ مِنْهُمْ أَنْ أَنْذِرِ النَّاسَ وَبَشِّرِ الَّذِينَ آمَنُوا أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِنْدَ رَبِّهِمْ ۗ قَالَ الْكَافِرُونَ إِنَّ هَٰذَا لَسَاحِرٌ مُبِينٌ2

‘නුඹ ජනයාට අවවාද කරනු. තවද විශ්වාස කළවුන් වන ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස සැබැවින්ම සැබෑ පෙරමුණක් ඇති බව ශුභාරංචි දන්වනු’ යැයි නියෝග කරමින් ඔවුන් අතුරින් වූ මිනිසෙකු වෙත අපි දේව පණිවිඩ දන්වා සිටීම ජනයා ව පුදුම කරවන්නක් වී ද? නියත වශයෙන්ම මොහු පැහැදිලි හූනියම්කරුවකු යැයි දේව ප්‍රතික්ෂේපකයෝ පැවසුවෝය.
10:3ජුස් 11 · පි. 208

إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ يُدَبِّرُ الْأَمْرَ ۖ مَا مِنْ شَفِيعٍ إِلَّا مِنْ بَعْدِ إِذْنِهِ ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ فَاعْبُدُوهُ ۚ أَفَلَا تَذَكَّرُونَ3

නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ් ඔහු අහස් හා මහපොළොව දින හයකින් මවා පසු ව ඔහු රාජාසනය මත ස්ථාපිත විය. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. ඔහුගේ අනුමැතියෙන් පසු ව මිස වෙනත් කිසිදු මැදිහත්කරුවකු නොමැත. ඔහුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. එබැවින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?
10:4ජුස් 11 · පි. 208

إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًا ۖ وَعْدَ اللَّهِ حَقًّا ۚ إِنَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ بِالْقِسْطِ ۚ وَالَّذِينَ كَفَرُوا لَهُمْ شَرَابٌ مِنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْفُرُونَ4

නුඹලා සියල්ලන් නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙතය. (එය) අල්ලාහ්ගේ සැබෑ ප්‍රතිඥාවක් ලෙසිනි. නියත වශයෙන්ම පූර්වාදර්ශයකින් තොර ව සියලු මැවීම් ඔහු බිහි කළේය. පසු ව, විශ්වාස කොට යහකම් කළවුනට යුක්ති සහගත ලෙසින් ප්‍රතිඵල පිරිනමනු පිණිස ඔහු එය(එම මැවීම්) නැවත ගෙන්වා ගනී. තවද ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔවුනට ලෝ දියෙන් යුත් පානයක් ද වේදනීය දඬුවමක් ද ඇත.
10:5ජුස් 11 · පි. 208

هُوَ الَّذِي جَعَلَ الشَّمْسَ ضِيَاءً وَالْقَمَرَ نُورًا وَقَدَّرَهُ مَنَازِلَ لِتَعْلَمُوا عَدَدَ السِّنِينَ وَالْحِسَابَ ۚ مَا خَلَقَ اللَّهُ ذَٰلِكَ إِلَّا بِالْحَقِّ ۚ يُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ5

ඔහු වනාහි වර්ෂ ගණනය හා කාලපරිච්ඡේද නුඹලා හඳුනා ගනු පිණිස හිරු ආලෝකය ලබා දෙන්නක් ලෙස ද සඳු ආලෝකය විහිදුවන්නක් ලෙස ද මවා එයට ස්ථාන නියම කළේය. එය සත්‍යයයෙන් යුතුව මිස අල්ලාහ් මැව්වේ නැත. දැනමුතුකම් ලබන ජනයාට මෙම වදන් ඔහු (මෙසේ) පැහැදිලි කරයි.
10:6ජුස් 11 · පි. 208

إِنَّ فِي اخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَمَا خَلَقَ اللَّهُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ لَآيَاتٍ لِقَوْمٍ يَتَّقُونَ6

රාත්‍රිය හා දහවල වෙනස් වීමෙහි ද අහස් හි හා මහාපොළොවේ අල්ලාහ් මැවූ දෑහි ද බියබැතිමත් ලෙස කටයුතු කරන ජනයාට සංඥාවන් ඇත.
10:7ජුස් 11 · පි. 209

إِنَّ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا وَرَضُوا بِالْحَيَاةِ الدُّنْيَا وَاطْمَأَنُّوا بِهَا وَالَّذِينَ هُمْ عَنْ آيَاتِنَا غَافِلُونَ7

අපගේ හමුව අපේක්ෂා නොකරන, මෙලොව ජීවිතය පිළිගෙන එහි පමණක් රැඳී සිටියවුන් හා අපගේ වදන් ගැන අනවධානී ව සිටියවුන් වනාහි…
10:8ජුස් 11 · පි. 209

أُولَٰئِكَ مَأْوَاهُمُ النَّارُ بِمَا كَانُوا يَكْسِبُونَ8

.. ඔවුහු වනාහි ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන්, ඔවුන්ගේ නවාතැන (නිරා) ගින්න වූ අය වෙති.
10:9ජුස් 11 · පි. 209

إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ يَهْدِيهِمْ رَبُّهُمْ بِإِيمَانِهِمْ ۖ تَجْرِي مِنْ تَحْتِهِمُ الْأَنْهَارُ فِي جَنَّاتِ النَّعِيمِ9

නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුනට ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ විශ්වාසය හේතුවෙන් ඔවුනට මඟ පෙන්වනු ඇත. (ඔවුනට සතු) සැපවත් ස්වර්ග උයන්හි ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති.
10:10ජුස් 11 · පි. 209

دَعْوَاهُمْ فِيهَا سُبْحَانَكَ اللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَامٌ ۚ وَآخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ10

එහි ඔවුන්ගේ පැතුම වනුයේ අහෝ අල්ලාහ් ! ඔබ සුපිවිතුරුය යන්නයි. තවද එහි ඔවුන්ගේ සුබ පැතුම වනුයේ සලාම් (ශාන්තිය) යන්නයි. ඔවුන්ගේ පැතුමෙහි අවසානය වනුයේ සියලු ප්‍රශංසා විශ්වයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සතුය යන්නයි.
10:11ජුස් 11 · පි. 209

۞ وَلَوْ يُعَجِّلُ اللَّهُ لِلنَّاسِ الشَّرَّ اسْتِعْجَالَهُمْ بِالْخَيْرِ لَقُضِيَ إِلَيْهِمْ أَجَلُهُمْ ۖ فَنَذَرُ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ11

ජනයා යහපත ඉක්මනින් පතනවාක් මෙන් අල්ලාහ් ද නපුර ඔවුනට ඉක්මන් කළේ නම් ඔවුන්ගේ අවසන් කාලය ඔවුන් වෙත තීන්දු කරනු ලබන්නට තිබුණි. එබැවින් අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් සීමාව ඉක්මවීමෙහි අයාලෙ යන්නට හරින්නෙමු.
10:12ජුස් 11 · පි. 209

وَإِذَا مَسَّ الْإِنْسَانَ الضُّرُّ دَعَانَا لِجَنْبِهِ أَوْ قَاعِدًا أَوْ قَائِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَنْ لَمْ يَدْعُنَا إِلَىٰ ضُرٍّ مَسَّهُ ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا يَعْمَلُونَ12

තවද මිනිසාට පීඩාව ස්පර්ශ වූ විට ඔහුගේ ඇලපැත්තට වී හෝ වාඩිවෙමින් හෝ සිටගනිමින් හෝ අපගෙන් පතයි. නමුත් අපි ඔහුගෙන් ඔහුගේ පීඩාව ඉවත් කළ කල්හි ඔහුට ඇති වූ පීඩාව සඳහා ඔහු අපගෙන් නොපැතුවාක් මෙන් ගමන් කරනු ඇත. සීමාව ඉක්මවූවන් හට තමන් කරමින් සිටින දෑ අලංකාරවත් කර පෙන්වන ලද්දේ එලෙසය.
10:13ජුස් 11 · පි. 209

وَلَقَدْ أَهْلَكْنَا الْقُرُونَ مِنْ قَبْلِكُمْ لَمَّا ظَلَمُوا ۙ وَجَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ وَمَا كَانُوا لِيُؤْمِنُوا ۚ كَذَٰلِكَ نَجْزِي الْقَوْمَ الْمُجْرِمِينَ13

තවද නුඹලාට පෙර විසූ පරම්පරාවන් ඔවුන් අපරාධ කළ කල්හි සැබැවින්ම අපි විනාශ කළෙමු. තවද ඔවුන් වෙත ඔවුන්ගේ දූතවරු පැහැදිලි සංඥා සමඟ පැමිණියහ. නමුත් ඔවුහු විශ්වාස කරන්නට නොවූහ. වැරදිකාරී ජනයාට අපි ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.
10:14ජුස් 11 · පි. 209

ثُمَّ جَعَلْنَاكُمْ خَلَائِفَ فِي الْأَرْضِ مِنْ بَعْدِهِمْ لِنَنْظُرَ كَيْفَ تَعْمَلُونَ14

ඔවුනට පසු ව නුඹලා කටයුතු කරනුයේ කෙසේ දැයි අපි නිරීක්ෂා කරනු පිණිස නුඹලා ව මහපොළොවේ නියෝජිතයන් බවට පත් කළෙමු.
10:15ජුස් 11 · පි. 210

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ ۙ قَالَ الَّذِينَ لَا يَرْجُونَ لِقَاءَنَا ائْتِ بِقُرْآنٍ غَيْرِ هَٰذَا أَوْ بَدِّلْهُ ۚ قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِنْ تِلْقَاءِ نَفْسِي ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰ إِلَيَّ ۖ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ15

තවද ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් කියවා පෙන්වනු ලබන විට, අපගේ හමුව අපේක්ෂා නොකරන්නන් ‘මේ හැර වෙනත් කුර්ආනයක් ගෙන එනු. නැතහොත් එය වෙනස් කරනු’ යැයි පවසති. මාගේ පැත්තෙන් එය වෙනස් කිරීමට මා හට (කිසිදු අයිතියක්) නැත. මා වෙත දන්වනු ලබන දෑ මිස මම අනුගමනය නොකරමි. මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අතිමහත් දිනයක දඬුවම පිළිබඳ ව සැබැවින්ම මම බිය වෙමි යැයි (නබිවරය) නුඹ පවසනු.
10:16ජුස් 11 · පි. 210

قُلْ لَوْ شَاءَ اللَّهُ مَا تَلَوْتُهُ عَلَيْكُمْ وَلَا أَدْرَاكُمْ بِهِ ۖ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًا مِنْ قَبْلِهِ ۚ أَفَلَا تَعْقِلُونَ16

අල්ලාහ් අභිමත කළේ නම් මම එය පාරායනය නොකරන්නට තිබුණි. තවද මම එය නුඹලාට නොදන්වන්නට තිබුණි. සැබැවින්ම මම මීට පෙර නුඹලා අතර ජීවිත කාලයක් රැඳී සිටියෙමි. නුඹලා වටහා ගත යුතු නොවේ ද?
10:17ජුස් 11 · පි. 210

فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْمُجْرِمُونَ17

එබැවින් අල්ලාහ් වෙත බොරු ගෙතූ අයට වඩා හෝ ඔහුගේ වදන් බොරු කළවුනට වඩා මහා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන්ම, වැරදිකරුවෝ ජය නොලබති.
10:18ජුස් 11 · පි. 210

وَيَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ وَيَقُولُونَ هَٰؤُلَاءِ شُفَعَاؤُنَا عِنْدَ اللَّهِ ۚ قُلْ أَتُنَبِّئُونَ اللَّهَ بِمَا لَا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ18

අල්ලාහ් හැර ඔවුනට පීඩාවක් නොකරන එමෙන්ම ඔවුනට ප්‍රයෝජනවත් නොවන දෑට ඔවුහු ගැතිකම් කරන්නෙහු ද? ‘මොවුහු අල්ලාහ් වෙතින් වූ අපගේ මැදිහත්කරුවෝ’ යැයි ඔවුහු පවසති. ‘අහස්හි හෝ මහපොළොවේ හෝ ඔහු නොදන්නා දෑ නුඹලා අල්ලාහ්ට දන්වන්නෙහු දැ’යි නුඹ අසනු. ඔහු සුපිවිතුරුය. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතරය.
10:19ජුස් 11 · පි. 210

وَمَا كَانَ النَّاسُ إِلَّا أُمَّةً وَاحِدَةً فَاخْتَلَفُوا ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَقُضِيَ بَيْنَهُمْ فِيمَا فِيهِ يَخْتَلِفُونَ19

මිනිස් සමූහය එකම සමූහයක් මිස නොවීය. පසු ව, ඔවුහු භේද වූහ. නුඹගේ පරමාධිපතිගෙන් වූ වදනක් පෙරටු නොවී නම් ඔවුහු කවර විෂයක මතභේද ඇති කර ගත්තෝ ද එහි ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි.
10:20ජුස් 11 · පි. 210

وَيَقُولُونَ لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۖ فَقُلْ إِنَّمَا الْغَيْبُ لِلَّهِ فَانْتَظِرُوا إِنِّي مَعَكُمْ مِنَ الْمُنْتَظِرِينَ20

ඔහු වෙත ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් පහළ විය යුතු නොවේ දැයි ඔවුහු පවසති. සියලු ගුප්ත දෑ අල්ලාහ් සතුය. එබැවින් නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මම නුඹලා සමඟ බලාපොරොත්තු වන්නන් අතුරින් වෙමි.
10:21ජුස් 11 · පි. 211

وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً مِنْ بَعْدِ ضَرَّاءَ مَسَّتْهُمْ إِذَا لَهُمْ مَكْرٌ فِي آيَاتِنَا ۚ قُلِ اللَّهُ أَسْرَعُ مَكْرًا ۚ إِنَّ رُسُلَنَا يَكْتُبُونَ مَا تَمْكُرُونَ21

ඔවුනට ඇති වූ පීඩාවන්ට පසු ජනයාට දයාවක් විඳවන්නට අපි සැලැස් වූ විට අපගේ වදන් වලට (බොරු කරමින්) කුමන්ත්‍රණයක් ඔවුහු යොදති. උපාය මාර්ග යෙදීමෙන් අල්ලාහ් අති වේගවත්ය. නියත වශයෙන්ම නුඹලා කුමන්ත්‍රණ කරන දෑ අපගේ දූතවරු සටහන් කරති. යැයි පවසනු.
10:22ජුස් 11 · පි. 211

هُوَ الَّذِي يُسَيِّرُكُمْ فِي الْبَرِّ وَالْبَحْرِ ۖ حَتَّىٰ إِذَا كُنْتُمْ فِي الْفُلْكِ وَجَرَيْنَ بِهِمْ بِرِيحٍ طَيِّبَةٍ وَفَرِحُوا بِهَا جَاءَتْهَا رِيحٌ عَاصِفٌ وَجَاءَهُمُ الْمَوْجُ مِنْ كُلِّ مَكَانٍ وَظَنُّوا أَنَّهُمْ أُحِيطَ بِهِمْ ۙ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ لَئِنْ أَنْجَيْتَنَا مِنْ هَٰذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ22

ගොඩබිමේ හා මුහුදේ නුඹලා ව ගමන් කරවනුයේ ඔහුය. නුඹලා නැවක සිටි විට එය නැවුම් සුළඟකින් ඔවුන් කැටු ව යාත්‍රා කරයි. තවද එමගින් ඔවුහු සතුටු වූහ. සුළි සුළඟක් ඒ වෙත පැමිණෙයි. තවද සෑම තැනකින්ම (මුහුදු) රැලිද ඔවුන් වෙත පැමිණෙයි. එවිට නියත වශයෙන්ම තමන් කොටු වී ඇතැයි ඔවුහු සිතති. නුඹ අප මෙයින් මුදවා ගත්තෙහි නම් නියත වශයෙන්ම අපි කෘතවේදීන් අතුරින් වෙමුයි පවසා දහම අල්ලාහ්ට පමණක් සතු කරමින් අවංකයින් ලෙසින් අල්ලාහ්ගෙන් ඇයැද සිටිති.
10:23ජුස් 11 · පි. 211

فَلَمَّا أَنْجَاهُمْ إِذَا هُمْ يَبْغُونَ فِي الْأَرْضِ بِغَيْرِ الْحَقِّ ۗ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا بَغْيُكُمْ عَلَىٰ أَنْفُسِكُمْ ۖ مَتَاعَ الْحَيَاةِ الدُّنْيَا ۖ ثُمَّ إِلَيْنَا مَرْجِعُكُمْ فَنُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ23

ඔහු ඔවුන් මුදවා ගත් කල්හි එවිට ඔවුහු යුක්තියෙන් තොර ව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරති. අහෝ ජනයිනි ! නුඹලාගේ සීමාව ඉක්මවීම නුඹලාට එරෙහිවමය. මෙලොව ජීවිතයේ අල්ප සැපයකි. පසු ව නුඹලා නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙතය. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ව අපි නුඹට දන්වන්නෙමු.
10:24ජුස් 11 · පි. 211

إِنَّمَا مَثَلُ الْحَيَاةِ الدُّنْيَا كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ مِمَّا يَأْكُلُ النَّاسُ وَالْأَنْعَامُ حَتَّىٰ إِذَا أَخَذَتِ الْأَرْضُ زُخْرُفَهَا وَازَّيَّنَتْ وَظَنَّ أَهْلُهَا أَنَّهُمْ قَادِرُونَ عَلَيْهَا أَتَاهَا أَمْرُنَا لَيْلًا أَوْ نَهَارًا فَجَعَلْنَاهَا حَصِيدًا كَأَنْ لَمْ تَغْنَ بِالْأَمْسِ ۚ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَتَفَكَّرُونَ24

මෙලොව ජීවිතයේ උපමාව වනුයේ අහසින් අපි පහළ කළ ජලය මෙනි. එවිට මිනිසුන් හා ගොවිපළ සතුන් ආහාරයට ගන්නා දැයින් මහපොළොවේ ඇති පැළෑටි ඒ සමඟ මුසු වෙයි. මහපොළොව එහි සරුසාරවත් භාවය ගෙන එය අලංකාරවත් වෙයි. එහි වැසියෝ නියත වශයෙන්ම ඒ මත තමන් බලය දරන්නන් බව සිතති. (එවිට) රාත්‍රියේ හෝ දහවලේ අපගේ නියෝගය ඒ වෙත පැමිණියේය. පසු ව එය නෙළනු ලැබූ පාළු භූමියක් බවට අපි එය පත් කළෙමු. එය පෙරදින කිසිදු ප්‍රයෝජනයක් නොගත්තාක් මෙන් විය. වටහා ගන්නා ජනයාට මෙම වදන් අපි පැහැදිලි කරනුයේ මෙලෙසය.
10:25ජුස් 11 · පි. 211

وَاللَّهُ يَدْعُو إِلَىٰ دَارِ السَّلَامِ وَيَهْدِي مَنْ يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ25

තවද අල්ලාහ් ශාන්තියේ නිවහන වෙත ඇරයුම් කරයි. තවද ඔහු අභිමත කරන අය ඍජු මාර්ගය වෙත මඟ පෙන්වයි.
10:26ජුස් 11 · පි. 212

۞ لِلَّذِينَ أَحْسَنُوا الْحُسْنَىٰ وَزِيَادَةٌ ۖ وَلَا يَرْهَقُ وُجُوهَهُمْ قَتَرٌ وَلَا ذِلَّةٌ ۚ أُولَٰئِكَ أَصْحَابُ الْجَنَّةِ ۖ هُمْ فِيهَا خَالِدُونَ26

දැහැමි කටයුතු කළවුනට දැහැමි දෑ ද ඊට අමතර දෑ ද ඇත. ඔවුන්ගේ මුහුණු අඳුර හෝ අවමානය හෝ වෙළා නොගනී. ඔවුහු ස්වර්ගවාසීහුය. ඔවුහු එහි සදාතනිකයෝය.
10:27ජුස් 11 · පි. 212

وَالَّذِينَ كَسَبُوا السَّيِّئَاتِ جَزَاءُ سَيِّئَةٍ بِمِثْلِهَا وَتَرْهَقُهُمْ ذِلَّةٌ ۖ مَا لَهُمْ مِنَ اللَّهِ مِنْ عَاصِمٍ ۖ كَأَنَّمَا أُغْشِيَتْ وُجُوهُهُمْ قِطَعًا مِنَ اللَّيْلِ مُظْلِمًا ۚ أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ27

තවද කවරෙකු පාපකම් උපයා ගත්තේ ද පාපකමට ප්‍රතිවිපාකය ඒ හා සමානයක්ය. තවද අවමානය ඔවුන් වෙළා ගනී. අල්ලාහ්ගෙන් කිසිදු ආරක්ෂකයකු ඔවුනට නොමැත. ඔවුන්ගේ මුහුණු රාත්‍රියේ කළු කඩතුරු වසා ගත්තාක් මෙනි. ඔවුහු නිරා වාසීහුය. ඔවුහු එහි සදාතනිකයෝය.
10:28ජුස් 11 · පි. 212

وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا مَكَانَكُمْ أَنْتُمْ وَشُرَكَاؤُكُمْ ۚ فَزَيَّلْنَا بَيْنَهُمْ ۖ وَقَالَ شُرَكَاؤُهُمْ مَا كُنْتُمْ إِيَّانَا تَعْبُدُونَ28

තවද එදින අපි ඔවුන් සියල්ල රැස් කරන්නෙමු. පසු ව නුඹලා හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලාගේ ස්ථානයේම සිටිනු යැයි ආදේශ තැබූවන්ට අපි පවසන්නෙමු. පසු ව ඔවුන් අතර අපි වෙන් කරන්නෙමු. තවද ‘නුඹලා අපට ගැතිකම් කරමින් නොසිටියෙහු යැ’යි ඔවුන්ගේ හවුල්කරුවන් පවසති.
10:29ජුස් 11 · පි. 212

فَكَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنَنَا وَبَيْنَكُمْ إِنْ كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَافِلِينَ29

අප හා නුඹලා අතර සාක්ෂිකරුවකු වශයෙන් සිටීමට අල්ලාහ් ප්‍රමාණවත්ය. නුඹලා කළ නැමදුම පිළිබඳ අප අනවධානීන් ලෙස සිටිය ද …
10:30ජුස් 11 · පි. 212

هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَا أَسْلَفَتْ ۚ وَرُدُّوا إِلَى اللَّهِ مَوْلَاهُمُ الْحَقِّ ۖ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ30

එහි සෑම ආත්මයක්ම එය ඉදිරිපත් කළ දෑ විඳවයි. තවද ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙත ඔවුන් යොමු කරනු ලැබේ. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් නැති වී යයි.
10:31ජුස් 11 · පි. 212

قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ أَمَّنْ يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ وَمَنْ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَمَنْ يُدَبِّرُ الْأَمْرَ ۚ فَسَيَقُولُونَ اللَّهُ ۚ فَقُلْ أَفَلَا تَتَّقُونَ31

අහසින් හා පොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරු ද? ශ්‍රවණය හා දෘෂ්ටීන් සතු වන්නේ කාහට ද? මළ දැයින් ජීවී දෑ මතු කොට ජීවී දැයින් මළ දෑ මතු කරන්නේ කවරෙකු ද? සියලු කරුණු සැලසුම් කරන්නේ කවරෙකු දැයි (නබිවරය) නුඹ විමසනු. එවිට ‘අල්ලාහ්’ යැයි ඔවුන් පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත්ව කටයුතු කළ යුතු නොවේ දැයි නුඹ විමසනු.
10:32ජුස් 11 · පි. 212

فَذَٰلِكُمُ اللَّهُ رَبُّكُمُ الْحَقُّ ۖ فَمَاذَا بَعْدَ الْحَقِّ إِلَّا الضَّلَالُ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ32

ඔහුමය නුඹලාගේ සැබෑ පරමාධිපති වූ අල්ලාහ්. සත්‍යයෙන් පසු මුළාව මිස වෙන කුමක් ද? එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
10:33ජුස් 11 · පි. 212

كَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى الَّذِينَ فَسَقُوا أَنَّهُمْ لَا يُؤْمِنُونَ33

පාපකම් කළවුනට නුඹගේ පරමාධිපතිගේ වදන නියම වූයේ එලෙසය. නියත වශයෙන්ම ඔවුහු විශ්වාස නොකරති.
10:34ජුස් 11 · පි. 213

قُلْ هَلْ مِنْ شُرَكَائِكُمْ مَنْ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ۚ قُلِ اللَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ34

මැවීම් උත්පාදනය කොට පසු ව එය නැවත ගෙන එන කවරෙකු හෝ නුඹලාගේ හවුල්කරුවන් අතුරින් සිටිත් දැ?යි නුඹ අසනු. මැවීම් උත්පාදනය කොට පසු ව එය නැවත ගෙන එන්නේ අල්ලාහ්ය. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේදැ?යි නුඹ අසනු.
10:35ජුස් 11 · පි. 213

قُلْ هَلْ مِنْ شُرَكَائِكُمْ مَنْ يَهْدِي إِلَى الْحَقِّ ۚ قُلِ اللَّهُ يَهْدِي لِلْحَقِّ ۗ أَفَمَنْ يَهْدِي إِلَى الْحَقِّ أَحَقُّ أَنْ يُتَّبَعَ أَمَّنْ لَا يَهِدِّي إِلَّا أَنْ يُهْدَىٰ ۖ فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ35

සත්‍යය වෙත මඟ පෙන්වන නුඹලාගේ හවුල්කරුවන්ගෙන් කිසිවෙකුත් සිටිත් දැ?යි නුඹ අසනු. සත්‍යය වෙත මඟ පෙන්වන්නා අල්ලාහ් යැයි නුඹ පවසනු. පිළිපදිනු ලබන්නට වඩාත් සුදුසු වන්නේ සත්‍යය වෙත මඟ පෙන්වන්නා ද එසේ නැතහොත් මඟ පෙන්වනු ලැබීමෙන් මිස යහ මඟ ගමන් නොකරන අය ද? නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු දෙනුයේ කෙසේ ද?
10:36ජුස් 11 · පි. 213

وَمَا يَتَّبِعُ أَكْثَرُهُمْ إِلَّا ظَنًّا ۚ إِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَفْعَلُونَ36

ඔවුන් බහුතරයක් දෙනා අනුමානය මිස අනුගමනය නොකරති. නියත වශයෙන්ම අනුමානය සත්‍යයට එරෙහිව, කිසිවකට ඵලක් නොවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
10:37ජුස් 11 · පි. 213

وَمَا كَانَ هَٰذَا الْقُرْآنُ أَنْ يُفْتَرَىٰ مِنْ دُونِ اللَّهِ وَلَٰكِنْ تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ الْكِتَابِ لَا رَيْبَ فِيهِ مِنْ رَبِّ الْعَالَمِينَ37

මෙම කුර්ආනය අල්ලාහ්ගෙන් තොර ව (වෙනත් කිසිවකු විසින්) ගොතනු ලැබූවක් නොවීය. එනමුත් මෙය තමන් අතර ඇති දෑ සත්‍ය කරවන්නක් ද ලේඛනය විග්‍රහ කරන්නක් ද විය. ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූවක් බවට කිසිදු සැකයක් නැත.
10:38ජුස් 11 · පි. 213

أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ فَأْتُوا بِسُورَةٍ مِثْلِهِ وَادْعُوا مَنِ اسْتَطَعْتُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ38

නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුන් පවසන්නේද? එසේ නම් මෙවැනිම පරිච්ඡේදයක් ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් අල්ලාහ්ගෙන් තොර ව නුඹලා හැකි අය (ඒ සඳහා) කැඳවා ගනු.
10:39ජුස් 11 · පි. 213

بَلْ كَذَّبُوا بِمَا لَمْ يُحِيطُوا بِعِلْمِهِ وَلَمَّا يَأْتِهِمْ تَأْوِيلُهُ ۚ كَذَٰلِكَ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَ39

එසේ නොව, ඔවුහු ඒ පිළිබඳ දැනුමෙන් ග්‍රහණය නොකළ බැවින් ද එහි විග්‍රහය ඔවුන් වෙත නොපැමිණි බැවින් ද ඔවුහු බොරු කළෝය. මෙලෙසම ඔවුනට පෙර සිටියවුන්ද බොරු කළෝය. එබැවින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ නිරීක්ෂාවෙන් බලනු.
10:40ජුස් 11 · පි. 213

وَمِنْهُمْ مَنْ يُؤْمِنُ بِهِ وَمِنْهُمْ مَنْ لَا يُؤْمِنُ بِهِ ۚ وَرَبُّكَ أَعْلَمُ بِالْمُفْسِدِينَ40

ඒ ගැන විශ්වාස කරන්නන් ද ඔවුන් අතුරින් වෙති. එමෙන්ම ඒ ගැන විශ්වාස නොකරන්නන් ද ඔවුන් අතුරින් වෙති. තවද නුඹේ පරමාධිපති කලහකාරීන් පිළිබඳ මැනවින් දන්නාය.
10:41ජුස් 11 · පි. 213

وَإِنْ كَذَّبُوكَ فَقُلْ لِي عَمَلِي وَلَكُمْ عَمَلُكُمْ ۖ أَنْتُمْ بَرِيئُونَ مِمَّا أَعْمَلُ وَأَنَا بَرِيءٌ مِمَّا تَعْمَلُونَ41

තවද ඔවුහු නුඹ ව බොරු කළේ නම් ‘මාගේ ක්‍රියාව මට සතුය නුඹලාගේ ක්‍රියාව නුඹලාට සතුය. නුඹලා මම කරන දැයින් මිදෙන්නන් වෙති. මාද නුඹලා කරන දැයින් මිදෙන්නෙකු වෙමි’ යැයි එවිට නුඹ පවසනු.
10:42ජුස් 11 · පි. 213

وَمِنْهُمْ مَنْ يَسْتَمِعُونَ إِلَيْكَ ۚ أَفَأَنْتَ تُسْمِعُ الصُّمَّ وَلَوْ كَانُوا لَا يَعْقِلُونَ42

තවද ඔවුන් අතුරින් නුඹ වෙත සවන් දෙන්නන් (මෙන් රඟපාන්නන්)ද වෙති. ඔවුන් වටහා නොගනිමින් සිටිය ද නුඹ බිහිරාට සවන් වැටෙන්නට සලස්වන්නෙහි ද?
10:43ජුස් 11 · පි. 214

وَمِنْهُمْ مَنْ يَنْظُرُ إِلَيْكَ ۚ أَفَأَنْتَ تَهْدِي الْعُمْيَ وَلَوْ كَانُوا لَا يُبْصِرُونَ43

තවද ඔවුන් අතුරින් නුඹ වෙත බලන්නන් (මෙන් රඟපාන්නන්)ද වෙති. ඔවුන් නොබලමින් සිටිය ද නුඹ අන්ධයාට මඟ පෙන්වන්නට සලස්වන්නෙහි ද?
10:44ජුස් 11 · පි. 214

إِنَّ اللَّهَ لَا يَظْلِمُ النَّاسَ شَيْئًا وَلَٰكِنَّ النَّاسَ أَنْفُسَهُمْ يَظْلِمُونَ44

නියත වශයෙන්ම අල්ලාහ් ජනයාට කිසිවකින් හෝ අපරාධ නොකරයි. එනමුත් ජනයා තමන්ටම අපරාධ කර ගනිති.
10:45ජුස් 11 · පි. 214

وَيَوْمَ يَحْشُرُهُمْ كَأَنْ لَمْ يَلْبَثُوا إِلَّا سَاعَةً مِنَ النَّهَارِ يَتَعَارَفُونَ بَيْنَهُمْ ۚ قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُوا بِلِقَاءِ اللَّهِ وَمَا كَانُوا مُهْتَدِينَ45

ඔහු ඔවුන් රැස් කරන දින දහවලින් එක් මොහොතක් මිස රැඳී නොසිටියාක් මෙන් පවතී. ඔවුන් අතර ඔවුන් එකිනෙකා හඳුනා ගනිති. අල්ලාහ්ගේ හමුව බොරුකළවුන් සැබැවින්ම පරාජයට පත් වූහ. තවද ඔවුහු යහ මඟ ලැබූවන් ලෙස නොසිටියහ.
10:46ජුස් 11 · පි. 214

وَإِمَّا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ اللَّهُ شَهِيدٌ عَلَىٰ مَا يَفْعَلُونَ46

අපි ඔවුන්ට ප්‍රතිඥා දුන් ඇතැම් දේ අප නුඹට පෙන්වුවද, නැතහොත් අප නුඹ ව මරණයට පත් කළ ද ඔවුන් නැවත යොමු කරනු ලබන ස්ථානය අප වෙතමය. පසු ව ඔවුන් කරන දෑ කෙරෙහි අල්ලාහ් සාක්ෂිකරුවකු ව සිටී.
10:47ජුස් 11 · පි. 214

وَلِكُلِّ أُمَّةٍ رَسُولٌ ۖ فَإِذَا جَاءَ رَسُولُهُمْ قُضِيَ بَيْنَهُمْ بِالْقِسْطِ وَهُمْ لَا يُظْلَمُونَ47

සෑම සමූහයකටම දහම් දූතයකු විය. ඔවුන්ගේ දහම් දූතයා පැමිණි විට ඔවුන් අතර යුක්ති ගරුක ව තීන්දු දෙන ලදී. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
10:48ජුස් 11 · පි. 214

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ48

නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදාදැ?යි (දහම් දූතයින්ගෙන්) ඔවුහු විමසති.
10:49ජුස් 11 · පි. 214

قُلْ لَا أَمْلِكُ لِنَفْسِي ضَرًّا وَلَا نَفْعًا إِلَّا مَا شَاءَ اللَّهُ ۗ لِكُلِّ أُمَّةٍ أَجَلٌ ۚ إِذَا جَاءَ أَجَلُهُمْ فَلَا يَسْتَأْخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ49

අල්ලාහ් අභිමත කළ දෑ මිස මාහට කිසිදු හානියක් හෝ ප්‍රයෝජනයක් හෝ කිරීමට මා සතු නොවන බව නුඹ පවසනු. සෑම සමූහයකටම නියමිත කාලයක් ඇත. ඔවුන්ගේ නියමිත කාලය පැමිණි විට ඔවුන් මොහොතක් හෝ ප්‍රමාද නොවෙති. එමෙන්ම ඔවුහු ඉක්මන් ද නොවෙති.
10:50ජුස් 11 · පි. 214

قُلْ أَرَأَيْتُمْ إِنْ أَتَاكُمْ عَذَابُهُ بَيَاتًا أَوْ نَهَارًا مَاذَا يَسْتَعْجِلُ مِنْهُ الْمُجْرِمُونَ50

රාත්‍රිය ගත කරන විට හෝ දහවල් කාලයේ හෝ ඔහුගේ දඬුවම නුඹලා වෙත පැමිණියේ නම් (ඒ ගැන) නුඹලා කුමක් පවසන්නෙහු ද? ඒ ගැන වැරදිකරුවෝ ඉක්මන් වනුයේ ඇයි දැයි නුඹ අසනු.
10:51ජුස් 11 · පි. 214

أَثُمَّ إِذَا مَا وَقَعَ آمَنْتُمْ بِهِ ۚ آلْآنَ وَقَدْ كُنْتُمْ بِهِ تَسْتَعْجِلُونَ51

එය සිදු වූ පසු ව ද දැන් නුඹලා ඒ ගැන විශ්වාස කරනුයේ?. නුඹලා ඒ ගැන ඉක්මන් විය යුතු යැයි පතමින් සිටියෙහුය.
10:52ජුස් 11 · පි. 214

ثُمَّ قِيلَ لِلَّذِينَ ظَلَمُوا ذُوقُوا عَذَابَ الْخُلْدِ هَلْ تُجْزَوْنَ إِلَّا بِمَا كُنْتُمْ تَكْسِبُونَ52

පසු ව ‘නුඹලා සදාතනික දඬුවම විඳවනු. නුඹලා උපයමින් සිටි දෑ සඳහා මිස නුඹලා ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත් දැ?’යි අපරාධ කළවුනට පවසනු ලැබේ.
10:53ජුස් 11 · පි. 214

۞ وَيَسْتَنْبِئُونَكَ أَحَقٌّ هُوَ ۖ قُلْ إِي وَرَبِّي إِنَّهُ لَحَقٌّ ۖ وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ53

එය සත්‍යය දැයි ඔවුහු නුඹගෙන් තොරුතුරු විමසති. එසේය, මාගේ පරමාධිපතිගේ නාමයෙන්. නියත වශයෙන්ම ඔහුමය සත්‍යය වනුයේ. නුඹලා අබිබවා යන්නන් නොවෙති. යැයි නුඹ පවසනු.
10:54ජුස් 11 · පි. 215

وَلَوْ أَنَّ لِكُلِّ نَفْسٍ ظَلَمَتْ مَا فِي الْأَرْضِ لَافْتَدَتْ بِهِ ۗ وَأَسَرُّوا النَّدَامَةَ لَمَّا رَأَوُا الْعَذَابَ ۖ وَقُضِيَ بَيْنَهُمْ بِالْقِسْطِ ۚ وَهُمْ لَا يُظْلَمُونَ54

අපරාධ කළ සෑම ආත්මයකටම මහපොළොවේ ඇති දෑ තිබේ නම් එය වන්දි වශයෙන් ගෙවනු ඇත. තවද ඔවුහු එම දඬුවම දුටු කල්හි පසුතැවිල්ල (තම සිත් තුළ) වසන් කර ගත්හ. තවද ඔවුන් අතර යුක්ති ගරුක ලෙසින් තීන්දු කරනු ලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
10:55ජුස් 11 · පි. 215

أَلَا إِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ أَلَا إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ55

අහස්හි හා පොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් සතු බව දැන ගනු මැනව. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව ද සැබෑවක් බව දැන ගනු මැනව. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
10:56ජුස් 11 · පි. 215

هُوَ يُحْيِي وَيُمِيتُ وَإِلَيْهِ تُرْجَعُونَ56

ඔහු ජීවය දෙයි. තවද මරණයට පත් කරයි. තවද නුඹලා නැවත යොමු කරනු ලබන්නේ ඔහු වෙතටය.
10:57ජුස් 11 · පි. 215

يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَتْكُمْ مَوْعِظَةٌ مِنْ رَبِّكُمْ وَشِفَاءٌ لِمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ57

අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ අනුශාසනයක් ද නුඹලාගේ හදවත් තුළ ඇති දෑට සුවයක් ද දේව විශ්වාසවන්තයින්ට මඟ පෙන්වීමක් හා දයාවක් ද සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත.
10:58ජුස් 11 · පි. 215

قُلْ بِفَضْلِ اللَّهِ وَبِرَحْمَتِهِ فَبِذَٰلِكَ فَلْيَفْرَحُوا هُوَ خَيْرٌ مِمَّا يَجْمَعُونَ58

(මෙය පැමිණ ඇත්තේ) අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ දයාව තුළිනි. මෙමගින් ඔවුන් සතුටු වෙත්වා ! යැයි නුඹ පවසනු. එය ඔවුන් රැස් කරන දෑට වඩා ශ්‍රේෂ්ඨය.
10:59ජුස් 11 · පි. 215

قُلْ أَرَأَيْتُمْ مَا أَنْزَلَ اللَّهُ لَكُمْ مِنْ رِزْقٍ فَجَعَلْتُمْ مِنْهُ حَرَامًا وَحَلَالًا قُلْ آللَّهُ أَذِنَ لَكُمْ ۖ أَمْ عَلَى اللَّهِ تَفْتَرُونَ59

පෝෂණයෙන් අල්ලාහ් නුඹලාට පහළ කළ දෑ පිළිබඳ ව නුඹලා කුමක් පවසන්නෙහු ද? එවිට නුඹලා එයින් (අතැම් දෑ) තහනම් ලෙසත් (ඇතැම් දෑ) අනුමත ලෙසත් පත් කර ගත්තෙහුය. (ඒ සඳහා) නුඹලාට අවසර දුන්නේ අල්ලාහ් දැ?යි නුඹ අසනු. එසේ නැතහොත් නුඹලා අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නෙහු දැ?යි අසනු.
10:60ජුස් 11 · පි. 215

وَمَا ظَنُّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ يَوْمَ الْقِيَامَةِ ۗ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ60

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන්ගේ අනුමාන සිතුවිලි කුමක් වේවි ද? නියත වශයෙන්ම අල්ලාහ් ජනයා කෙරෙහි භාග්‍ය සම්පන්නය. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.
10:61ජුස් 11 · පි. 215

وَمَا تَكُونُ فِي شَأْنٍ وَمَا تَتْلُو مِنْهُ مِنْ قُرْآنٍ وَلَا تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ ۚ وَمَا يَعْزُبُ عَنْ رَبِّكَ مِنْ مِثْقَالِ ذَرَّةٍ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاءِ وَلَا أَصْغَرَ مِنْ ذَٰلِكَ وَلَا أَكْبَرَ إِلَّا فِي كِتَابٍ مُبِينٍ61

තවද නුඹ කවර කරුණක (නිරත ව) සිටින්නේ ද තවද කුමන දැයක් කුර්ආනයෙන් නුඹ පාරායනය කරන්නේ ද තවද (මිනිසුනි !) යම් කිසි ක්‍රියාවක් නුඹලා කරන්නේ ද නුඹලා එහි නිරත වන විට නුඹලා වෙත සාක්ෂිකරුවන් ලෙසින් අපි සිටියා මිස නැත. අහසෙහි හෝ මහපොළොවෙහි හෝ අණුවක තරම් දෙයක් වුව ද එය ඊටත් වඩා කුඩා වුව ද විශාල වුව ද පැහැදිලි පුස්තකයේ (සටහන්ව) මිස නුඹගේ පරමාධිපතිගෙන් සැඟවෙන්නේ නැත.
10:62ජුස් 11 · පි. 216

أَلَا إِنَّ أَوْلِيَاءَ اللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ62

නියත වශයෙන්ම අල්ලාහ්ගේ සමීපතයින් වන ඔවුන් කෙරෙහි කිසිදු බියක් නොමැත. එමෙන්ම ඔවුහු දුකට පත්වන්නන් ද නොවෙති.
10:63ජුස් 11 · පි. 216

الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ63

ඔවුන් වනාහි ඔවුහු විශ්වාස කළහ. තවද බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් වූහ.
10:64ජුස් 11 · පි. 216

لَهُمُ الْبُشْرَىٰ فِي الْحَيَاةِ الدُّنْيَا وَفِي الْآخِرَةِ ۚ لَا تَبْدِيلَ لِكَلِمَاتِ اللَّهِ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ64

මෙලොව ජීවිතයේ හා මතු ලොවෙහි ඔවුනට සුබාසිරි ඇත. අල්ලාහ්ගේ ප්‍රකාශයන්හි කිසිදු වෙනස් කිරීමක් නොමැත. එයමය අතිමහත් ජයග්‍රහණය වනුයේ.
10:65ජුස් 11 · පි. 216

وَلَا يَحْزُنْكَ قَوْلُهُمْ ۘ إِنَّ الْعِزَّةَ لِلَّهِ جَمِيعًا ۚ هُوَ السَّمِيعُ الْعَلِيمُ65

ඔවුන්ගේ ප්‍රකාශය නුඹ ව දුකට පත් නොකළ යුතුය. නියත වශයෙන්ම සියල්ලෙහි ගෞරවය අල්ලාහ්ට හිමිය. ඔහු සර්ව ශ්‍රාවකය. සර්වඥානීය.
10:66ජුස් 11 · පි. 216

أَلَا إِنَّ لِلَّهِ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ ۗ وَمَا يَتَّبِعُ الَّذِينَ يَدْعُونَ مِنْ دُونِ اللَّهِ شُرَكَاءَ ۚ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ66

අහස්හි ඇති දෑද මහපොළොවෙහි ඇති දෑද නියත වශයෙන්ම අල්ලාහ් සතු යැයි දැන ගනු. අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් ඇරයුම් කරන, සමානයන් අනුගමනය කරන්නන් ඔවුන් අනුගමනය කරනුයේ අනුමානය මිස නොමැත. තවද ඔවුන් උපකල්පනය කරනු මිස නැත.
10:67ජුස් 11 · පි. 216

هُوَ الَّذِي جَعَلَ لَكُمُ اللَّيْلَ لِتَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَسْمَعُونَ67

නුඹලා එහි සැනසුම ලබනු පිණිස රාත්‍රිය ද, පෙනෙන්නට ආලෝකමත් ලෙසින් දහවල ද නුඹලාට ඇති කළේ ඔහුය. සැබැවින්ම සවන් දෙන ජනයාට මෙහි සංඥාවන් ඇත.
10:68ජුස් 11 · පි. 216

قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا ۗ سُبْحَانَهُ ۖ هُوَ الْغَنِيُّ ۖ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ إِنْ عِنْدَكُمْ مِنْ سُلْطَانٍ بِهَٰذَا ۚ أَتَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ68

අල්ලාහ් දරුවකු ගත්තේ යැයි ඔවුහු පවසති. ඔහු (ඔවුන් පවසන දැයින්) සුපිවිතුරුය. ඔහු පොහොසත් (අවශ්‍යතාවන්ගෙන් තොර)ය. අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු සතුය. (නුඹලා පවසන) ඒ ගැන කිසිදු සාධකයක් නුඹලා වෙත නැත. නුඹලා නොදන්නා දෑ අල්ලාහ් කෙරෙහි පවසන්නෙහු ද?
10:69ජුස් 11 · පි. 216

قُلْ إِنَّ الَّذِينَ يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ لَا يُفْلِحُونَ69

නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන් ජය නොලබනු ඇතැයි (නබිවරය) නුඹ පවසනු.
10:70ජුස් 11 · පි. 216

مَتَاعٌ فِي الدُّنْيَا ثُمَّ إِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِيقُهُمُ الْعَذَابَ الشَّدِيدَ بِمَا كَانُوا يَكْفُرُونَ70

(මෙය) මෙලොවෙහි භුක්ති විඳීමකි. පසු ව ඔවුන්ගේ නැවත යොමු වීමේ ස්ථානය අප වෙතය. පසු ව ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් දරුණු දඬුවම ඔවුන් විඳවන්නට අපි සලස්වන්නෙමු.
10:71ජුස් 11 · පි. 217

۞ وَاتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِ يَا قَوْمِ إِنْ كَانَ كَبُرَ عَلَيْكُمْ مَقَامِي وَتَذْكِيرِي بِآيَاتِ اللَّهِ فَعَلَى اللَّهِ تَوَكَّلْتُ فَأَجْمِعُوا أَمْرَكُمْ وَشُرَكَاءَكُمْ ثُمَّ لَا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ اقْضُوا إِلَيَّ وَلَا تُنْظِرُونِ71

(නබිවරය!) නුඹ ඔවුනට නූහ්ගේ පුවත කියවා පෙන්වනු. ඔහුගේ සමූහයාට මාගේ ජනයිනි ! ‘මා (නුඹලා අතර) සිටීමත් අල්ලාහ්ගේ වදන් මා සිහිපත් කිරීමත් නුඹලාට බරක් වී නම් එවිට මම අල්ලාහ් වෙත භාර කරමි. පසු ව නුඹලාගේ තීරණය හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලා රැස් කර ගනු. පසු ව නුඹලාගේ තීරණය නුඹලාට එරෙහි ව මුළාවක් වශයෙන් නොවිය යුතුය. පසු ව නුඹලා මට (එරෙහි ව) තීන්දු කරනු. තවද මට නුඹලා අවකාශ නොදෙනු.
10:72ජුස් 11 · පි. 217

فَإِنْ تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُمْ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ72

නමුත් නුඹලා පිටුපෑවෙහු නම් (එය නුඹලාට එරෙහිවය.) එබැවින් (ඒ සඳහා) මම කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා සිටියේ නැත. මාගේ කුලිය අල්ලාහ් මත මිස නැත. තවද මුස්ලිම්වරුන් අතුරින් වීමට මා නියෝග කරනු ලැබුවෙමි.’
10:73ජුස් 11 · පි. 217

فَكَذَّبُوهُ فَنَجَّيْنَاهُ وَمَنْ مَعَهُ فِي الْفُلْكِ وَجَعَلْنَاهُمْ خَلَائِفَ وَأَغْرَقْنَا الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنْذَرِينَ73

නමුත් ඔවුහු ඔහු ව ප්‍රතික්ෂේප ක‍ළෝය. එවිට අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ මුදවාගෙන ඔවුන් ව (මහපොළොවේ) නියෝජිතයන් බවට පත් කොට අපගේ සංඥා බොරු කළවුන් ගිල් වූයෙමු. අවවාද දෙනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ බලනු.
10:74ජුස් 11 · පි. 217

ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَاءُوهُمْ بِالْبَيِّنَاتِ فَمَا كَانُوا لِيُؤْمِنُوا بِمَا كَذَّبُوا بِهِ مِنْ قَبْلُ ۚ كَذَٰلِكَ نَطْبَعُ عَلَىٰ قُلُوبِ الْمُعْتَدِينَ74

ඔහුගෙන් පසු ව දහම් දූතවරු ඔවුන්ගේ ජනයා වෙත අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝය. මීට පෙර ඔවුන් කවර දෙයක් බොරු කළේ ද එය විශ්වාස කරන්නට ඔවුහු නොවූහ. සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ගේ හදවත් මත අප මුද්‍රා තබනුයේ එලෙසමය.
10:75ජුස් 11 · පි. 217

ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِمْ مُوسَىٰ وَهَارُونَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ بِآيَاتِنَا فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا مُجْرِمِينَ75

අනතුරු ව ඔවුන්ගෙන් පසු ව අපි අපගේ පැහැදිලි සාධක සමග මූසා හා හාරූන් ව ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත එව්වෙමු. නමුත් ඔවුහු උඩඟුකම් පෑහ. තවද ඔවුහු අපරාධකාරී පිරිසක් බවට පත් වූහ.
10:76ජුස් 11 · පි. 217

فَلَمَّا جَاءَهُمُ الْحَقُّ مِنْ عِنْدِنَا قَالُوا إِنَّ هَٰذَا لَسِحْرٌ مُبِينٌ76

අප වෙතින් ඔවුනට සත්‍යය පැමිණි කල්හි ‘නියත වශයෙන්ම මෙය පැහැදිලි හූනියමකි’ යැයි ඔවුහු පැවසුවෝය.
10:77ජුස් 11 · පි. 217

قَالَ مُوسَىٰ أَتَقُولُونَ لِلْحَقِّ لَمَّا جَاءَكُمْ ۖ أَسِحْرٌ هَٰذَا وَلَا يُفْلِحُ السَّاحِرُونَ77

නුඹලා වෙත සත්‍යය පැමිණි කල්හි එයට ‘මෙය හූනියමක්’ යැයි නුඹලා කියන්නෙහු ද? තවද හූනියම්කරුවෝ ජය නොලබති යැයි මූසා පැවසුවේය.
10:78ජුස් 11 · පි. 217

قَالُوا أَجِئْتَنَا لِتَلْفِتَنَا عَمَّا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا وَتَكُونَ لَكُمَا الْكِبْرِيَاءُ فِي الْأَرْضِ وَمَا نَحْنُ لَكُمَا بِمُؤْمِنِينَ78

අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවේ ද එයින් ඔබ අප වෙනතකට යොමු කිරීමටත් මහපොළොවේ උසස්කම නුඹලා හිමි කර ගන්නටත් නුඹලා අප වෙත පැමිණියේ ද? නමුත් නුඹලා දෙදෙනා ව අපි විශ්වාස කරන්නන් නොවෙමු යැයි ඔවුහු පැවසූහ.
10:79ජුස් 11 · පි. 218

وَقَالَ فِرْعَوْنُ ائْتُونِي بِكُلِّ سَاحِرٍ عَلِيمٍ79

තවද ‘මනා දැනුම ඇති සෑම හූනියම්කරුවකුම මා වෙත නුඹලා ගෙන එනු’යි ෆිර්අවුන් පැවසුවේය.
10:80ජුස් 11 · පි. 218

فَلَمَّا جَاءَ السَّحَرَةُ قَالَ لَهُمْ مُوسَىٰ أَلْقُوا مَا أَنْتُمْ مُلْقُونَ80

හූනියම්කරුවෝ පැමිණි කල්හි ‘නුඹලා හෙළන්නට සිටින දෑ නුඹලා හෙළනු’ යැයි මූසා ඔවුනට කීවේය.
10:81ජුස් 11 · පි. 218

فَلَمَّا أَلْقَوْا قَالَ مُوسَىٰ مَا جِئْتُمْ بِهِ السِّحْرُ ۖ إِنَّ اللَّهَ سَيُبْطِلُهُ ۖ إِنَّ اللَّهَ لَا يُصْلِحُ عَمَلَ الْمُفْسِدِينَ81

ඔවුන් හෙළු කල්හි ‘නුඹලා කවර දෙයක් ගෙන ආවද එය හූනියමකි. නියත වශයෙන්ම අල්ලාහ් එය නිෂ්ඵල කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් කලහකාරීන්ගේ ක්‍රියාව විධිමත් නොකරනු ඇත’ යැයි මූසා පැවසුවේය.
10:82ජුස් 11 · පි. 218

وَيُحِقُّ اللَّهُ الْحَقَّ بِكَلِمَاتِهِ وَلَوْ كَرِهَ الْمُجْرِمُونَ82

වැරදිකරුවෝ පිළිකුල් කළද අල්ලාහ් ඔහුගේ ප්‍රකාශයන් මගින් සත්‍යය සනාථ කරනු ඇත.
10:83ජුස් 11 · පි. 218

فَمَا آمَنَ لِمُوسَىٰ إِلَّا ذُرِّيَّةٌ مِنْ قَوْمِهِ عَلَىٰ خَوْفٍ مِنْ فِرْعَوْنَ وَمَلَئِهِمْ أَنْ يَفْتِنَهُمْ ۚ وَإِنَّ فِرْعَوْنَ لَعَالٍ فِي الْأَرْضِ وَإِنَّهُ لَمِنَ الْمُسْرِفِينَ83

ෆිර්අවුන්ගෙන් හා ඔහුගේ ප්‍රධානීන්ගෙන් තමන්ට කලහකම් සිදු වනු ඇතැයි යන බිය හේතුවෙන් ඔහුගේ ජනයාගෙන් පරපුරක් හැර මූසා ව විශ්වාස නොකළේය. තවද නියත වශයෙන්ම ෆිර්අවුන් මහපොළොවේ මැරවරයෙක් විය. තවද නියතවශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතුරිනි.
10:84ජුස් 11 · පි. 218

وَقَالَ مُوسَىٰ يَا قَوْمِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللَّهِ فَعَلَيْهِ تَوَكَّلُوا إِنْ كُنْتُمْ مُسْلِمِينَ84

‘මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ් ව විශ්වාස කර සිටියෙහු නම්, නුඹලා අවනතවන්නන් ව සිටියෙහු නම් නුඹලා ඔහු වෙතම (සියල්ල) භාර කරනු’ යැයි මූසා කීවේය.
10:85ජුස් 11 · පි. 218

فَقَالُوا عَلَى اللَّهِ تَوَكَّلْنَا رَبَّنَا لَا تَجْعَلْنَا فِتْنَةً لِلْقَوْمِ الظَّالِمِينَ85

එවිට ‘අපි අල්ලාහ් වෙත භාර කළෙමු. අපගේ පරමාධිපතියාණනි ! අපරාධකාරී ජනයාට පරීක්ෂාවක් ලෙස අප පත් නොකරනු මැනව!’ යැයි ඔවුහු පවසා ප්‍රාර්ථනා කළහ.
10:86ජුස් 11 · පි. 218

وَنَجِّنَا بِرَحْمَتِكَ مِنَ الْقَوْمِ الْكَافِرِينَ86

තවද ඔබේ දයාවෙන් දේව ප්‍රතික්ෂේපිත ජනයාගෙන් අප මුදවා ගනු මැනව.
10:87ජුස් 11 · පි. 218

وَأَوْحَيْنَا إِلَىٰ مُوسَىٰ وَأَخِيهِ أَنْ تَبَوَّآ لِقَوْمِكُمَا بِمِصْرَ بُيُوتًا وَاجْعَلُوا بُيُوتَكُمْ قِبْلَةً وَأَقِيمُوا الصَّلَاةَ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ87

තවද ‘මිසරය නුඹලා දෙදෙනාගේ ජනයා වෙනුවෙන් වාසස්ථාන ලෙසට නුඹලා දෙදෙනා ගනු. තවද නුඹලාගේ වාසස්ථාන (නැමදුම්) දිශාව බවට නුඹලා පත් කර ගනු. තවද සලාතය විධිමත් ලෙස ඉටු කරනු. තවද දේව විශ්වාසවන්තයින්ට ශුභාරංචි දන්වනු’ යැයි අපි මූසා හා ඔහුගේ සහෝදරයා වෙත දන්වා සිටියෙමු.
10:88ජුස් 11 · පි. 218

وَقَالَ مُوسَىٰ رَبَّنَا إِنَّكَ آتَيْتَ فِرْعَوْنَ وَمَلَأَهُ زِينَةً وَأَمْوَالًا فِي الْحَيَاةِ الدُّنْيَا رَبَّنَا لِيُضِلُّوا عَنْ سَبِيلِكَ ۖ رَبَّنَا اطْمِسْ عَلَىٰ أَمْوَالِهِمْ وَاشْدُدْ عَلَىٰ قُلُوبِهِمْ فَلَا يُؤْمِنُوا حَتَّىٰ يَرَوُا الْعَذَابَ الْأَلِيمَ88

අපගේ පරමාධිපතියාණනි! නුඹ ෆිර්අවුන්ට හා ඔහුගේ ප්‍රධානීන් හට නුඹගේ මාර්ගයෙන් ඔවුන් නොමඟ යනු පිණිස මෙලොව ජීවිතයේ වස්තුව හා අලංකාරය පිරිනැමුවෙහිය. අපගේ පරමාධිපතියාණනි! ඔවුන්ගේ වස්තුව විනාශ කරනු. තවද ඔවුන්ගේ හදවත් බැඳ දමනු. ඔවුන් එම වේදනීය දඬුවම දකින තුරු විශ්වාස නොකරනු ඇත.
10:89ජුස් 11 · පි. 219

قَالَ قَدْ أُجِيبَتْ دَعْوَتُكُمَا فَاسْتَقِيمَا وَلَا تَتَّبِعَانِّ سَبِيلَ الَّذِينَ لَا يَعْلَمُونَ89

සැබැවින්ම නුඹලා දෙදෙනාගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දෙනු ලැබීය. එහෙයින් නුඹලා දෙදෙනා ස්ථාවරව සිටිනු. තවද දැනුම නොමැති අයගේ මාර්ගය නුඹලා දෙදෙනා අනුගමනය නොකරනු යැයි ඔහු පැවසුවේය.
10:90ජුස් 11 · පි. 219

۞ وَجَاوَزْنَا بِبَنِي إِسْرَائِيلَ الْبَحْرَ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُودُهُ بَغْيًا وَعَدْوًا ۖ حَتَّىٰ إِذَا أَدْرَكَهُ الْغَرَقُ قَالَ آمَنْتُ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا الَّذِي آمَنَتْ بِهِ بَنُو إِسْرَائِيلَ وَأَنَا مِنَ الْمُسْلِمِينَ90

අපි බනූ ඉස්රාඊල්වරුන් ව මුහුද තරණය කෙරෙව්වෙමු. එවිට ෆිර්අවුන් හා ඔහුගේ සේනාව සීමාව ඉක්මවමින් හා සතුරුකමින් ඔවුන් පසුපස හඹා ගියෝය. අවසානයේ ගිලී යාම ඔහු ව ග්‍රහණය කළ විට ‘සැබැවින්ම බනූ ඉස්රාඊල්වරු කවරෙකු පිළිබඳ විශ්වාස කළේ ද ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම විශ්වාස කළෙමි. තවද මම අවනත වන්නන් අතුරින් කෙනෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේය.
10:91ජුස් 11 · පි. 219

آلْآنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنْتَ مِنَ الْمُفْسِدِينَ91

දැන් ද (නුඹ විශ්වාස කරනුයේ)? මීට පෙර නුඹ සැබැවින්ම පිටුපෑවෙහිය. තවද නුඹ කලහකාරීන් අතුරින් වූයෙහිය.
10:92ජුස් 11 · පි. 219

فَالْيَوْمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنْ خَلْفَكَ آيَةً ۚ وَإِنَّ كَثِيرًا مِنَ النَّاسِ عَنْ آيَاتِنَا لَغَافِلُونَ92

එබැවින් නුඹගෙන් පසු පැමිණෙන්නන් හට නුඹ සංඥාවක් වනු පිණිස මෙදින අපි නුඹේ දේහය සුරක්ෂිත ව තබන්නෙමු. තවද නියත වශයෙන්ම ජනයා අතුරින් බහුතරයක් දෙනා අපගේ සංඥාවන් පිළිබඳ අනවධානීන් ලෙස සිටිති.
10:93ජුස් 11 · පි. 219

وَلَقَدْ بَوَّأْنَا بَنِي إِسْرَائِيلَ مُبَوَّأَ صِدْقٍ وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ فَمَا اخْتَلَفُوا حَتَّىٰ جَاءَهُمُ الْعِلْمُ ۚ إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ93

තවද සැබැවින්ම අපි ඉස්රාඊල් දරුවන් ව සැබෑ වාසස්ථාන වල පදිංචි කෙරෙව්වෙමු. තවද යහපත් දැයින් අපි ඔවුනට පෝෂණය ලබා දුනිමු. ඔවුන් වෙත ඥානය පැමිණෙන තෙක් ඔවුහු මත භේද ඇති කර නොගත්හ. ඔවුන් කවර විෂයක මත භේද වෙමින් සිටියේ ද ඒ සම්බන්ධයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹගේ පරමාධිපති නියත වශයෙන්ම ඔවුන් අතර තීන්දු දෙනු ඇත.
10:94ජුස් 11 · පි. 219

فَإِنْ كُنْتَ فِي شَكٍّ مِمَّا أَنْزَلْنَا إِلَيْكَ فَاسْأَلِ الَّذِينَ يَقْرَءُونَ الْكِتَابَ مِنْ قَبْلِكَ ۚ لَقَدْ جَاءَكَ الْحَقُّ مِنْ رَبِّكَ فَلَا تَكُونَنَّ مِنَ الْمُمْتَرِينَ94

නුඹ වෙත අපි පහළ කළ දැයින් යම් සැකයක නුඹ පසුවන්නෙහි නම් එවිට මීට පෙර පුස්තකය කියවමින් සිටින අයගෙන් (ඒ ගැන) විමසනු. නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත සැබැවින්ම සත්‍යය පැමිණ ඇත. එබැවින් නුඹ සැකකරන්නන් අතුරින් නොවනු.
10:95ජුස් 11 · පි. 219

وَلَا تَكُونَنَّ مِنَ الَّذِينَ كَذَّبُوا بِآيَاتِ اللَّهِ فَتَكُونَ مِنَ الْخَاسِرِينَ95

තවද අල්ලාහ්ගේ වදන් බොරු කළවුන් අතුරින් නුඹ නොවනු. එවිට නුඹ අලාභවන්තයින් අතුරින් වනු ඇත.
10:96ජුස් 11 · පි. 219

إِنَّ الَّذِينَ حَقَّتْ عَلَيْهِمْ كَلِمَتُ رَبِّكَ لَا يُؤْمِنُونَ96

නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම වූවන් ඔවුන් වෙත සියලු සංඥාවන් පැමිණිය ද ඔවුහු වේදනීය දඬුවම දකින තෙක් විශ්වාස නොකරති.
10:97ජුස් 11 · පි. 219

وَلَوْ جَاءَتْهُمْ كُلُّ آيَةٍ حَتَّىٰ يَرَوُا الْعَذَابَ الْأَلِيمَ97

අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ කවුරුන් සතු දැ යි නුඹ අසනු. සියල්ල අල්ලාහ් සතුය යැයි පවසනු. (අල්ලාහ්) තමන් වෙත කරුණාව නියම කර ගත්තේය. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු නුඹලා ව එක් රැස් කරනු ඇත. එහි කිසිදු සැකයක් නැත. තමන් තමන්ටම අලාභහානි කර ගත්තවුන් වන ඔවුහු විශ්වාස නොකරති.
10:98ජුස් 11 · පි. 220

فَلَوْلَا كَانَتْ قَرْيَةٌ آمَنَتْ فَنَفَعَهَا إِيمَانُهَا إِلَّا قَوْمَ يُونُسَ لَمَّا آمَنُوا كَشَفْنَا عَنْهُمْ عَذَابَ الْخِزْيِ فِي الْحَيَاةِ الدُّنْيَا وَمَتَّعْنَاهُمْ إِلَىٰ حِينٍ98

යූනුස්ගේ ජනයා හැර විශ්වාස කොට එහි විශ්වාසය ඵලක් වූ ගම්මානයක් වෙනත් නොවීය. ඔවුහු විශ්වාස කළ කල්හි මෙලොව ජීවිතයේ අවමානයේ දඬුවම අපි ඔවුන්ගෙන් ඉවත් කොට මද කලකට ඔවුනට භුක්ති විඳින්නට සැලැස්සුවෙමු.
10:99ජුස් 11 · පි. 220

وَلَوْ شَاءَ رَبُّكَ لَآمَنَ مَنْ فِي الْأَرْضِ كُلُّهُمْ جَمِيعًا ۚ أَفَأَنْتَ تُكْرِهُ النَّاسَ حَتَّىٰ يَكُونُوا مُؤْمِنِينَ99

නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මහපොළොවේ සිටින ඔවුන් සියලු දෙනා මුළුමණින්ම විශ්වාස කරන්නට තිබුණි. එසේ තිබිය දී ඔවුන් දේව විශ්වාසවන්තයින් වන තෙක් නුඹ ජනයාට බල කරන්නෙහි ද?
10:100ජුස් 11 · පි. 220

وَمَا كَانَ لِنَفْسٍ أَنْ تُؤْمِنَ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَيَجْعَلُ الرِّجْسَ عَلَى الَّذِينَ لَا يَعْقِلُونَ100

අල්ලාහ්ගේ අනුමැතියෙන් මිස විශ්වාස කිරීමට කිසිදු ආත්මයකට නොවීය. වටහා නොගන්නා අයට ඔහු කිලිට ඇති කරයි.
10:101ජුස් 11 · පි. 220

قُلِ انْظُرُوا مَاذَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَا تُغْنِي الْآيَاتُ وَالنُّذُرُ عَنْ قَوْمٍ لَا يُؤْمِنُونَ101

අහස්හි හා මහපොළොවේ කුමක් ඇත්තේ දැයි නුඹලා සිතා බලනු. විශ්වාස නොකරන ජනයාට සංඥාවන් හා අවවාදයන් ප්‍රයෝජනවත් නොවනු ඇතැයි (නබි මුහම්මද්!) නුඹ පවසනු.
10:102ජුස් 11 · පි. 220

فَهَلْ يَنْتَظِرُونَ إِلَّا مِثْلَ أَيَّامِ الَّذِينَ خَلَوْا مِنْ قَبْلِهِمْ ۚ قُلْ فَانْتَظِرُوا إِنِّي مَعَكُمْ مِنَ الْمُنْتَظِرِينَ102

ඔවුනට පෙර සිටියවුන් අතුරින් ඉකුත් ව ගියවුන්ගේ දින වලට සමාන(විනාශ)යක් මිස වෙනෙකක් බලාපොරොත්තු වන්නෝ ද? එසේ නම් නුඹලා ද බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මම ද නුඹලා සමඟ බලාපොරොත්තුවන්නන් අතුරින් වෙමි යැයි (නබි මුහම්මද් !) නුඹ පවසනු.
10:103ජුස් 11 · පි. 220

ثُمَّ نُنَجِّي رُسُلَنَا وَالَّذِينَ آمَنُوا ۚ كَذَٰلِكَ حَقًّا عَلَيْنَا نُنْجِ الْمُؤْمِنِينَ103

පසු ව අපි අපගේ දහම් දූතයින් හා විශ්වාස කළවුන් ආරක්ෂා කරමු. එලෙස දේව විශ්වාසවන්තයින් මුදවා ගැනීම අප වෙත නියම කර ගත් වගකීමකි.
10:104ජුස් 11 · පි. 220

قُلْ يَا أَيُّهَا النَّاسُ إِنْ كُنْتُمْ فِي شَكٍّ مِنْ دِينِي فَلَا أَعْبُدُ الَّذِينَ تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ وَلَٰكِنْ أَعْبُدُ اللَّهَ الَّذِي يَتَوَفَّاكُمْ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُؤْمِنِينَ104

අහෝ ජනයිනි ! මාගේ දහම පිළිබඳ සැකයෙහි නුඹලා පසුවන්නෙහු නම් එවිට (දැන ගනු) අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ගැතිකම් කරන අයට මම ගැතිකම් නොකරමි. නමුත් නුඹලා ව මරණයට පත් කරන අල්ලාහ්ට ගැතිකම් කරමි. දේව විශ්වාසවන්තයින් අතුරින් මා වන්නට මම අණ කරනු ලැබුවෙමි.
10:105ජුස් 11 · පි. 220

وَأَنْ أَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ105

තවද නුඹගේ මුහුණ අවංක ලෙසින් දහම වෙත ස්ථාපිත කරනු. තවද නුඹ ආදේශ තබන්නන් අතුරින් නොවනු.
10:106ජුස් 11 · පි. 220

وَلَا تَدْعُ مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُكَ وَلَا يَضُرُّكَ ۖ فَإِنْ فَعَلْتَ فَإِنَّكَ إِذًا مِنَ الظَّالِمِينَ106

අල්ලාහ්ගෙන් තොර ව නුඹට සෙතක් කළ නොහැකි එමෙන්ම නුඹට හිංසාවක් කළ නොහැකි දෑට නුඹ ඇරයුම් නොකරනු. එසේ නුඹ කළෙහි නම් එවිට සැබැවින්ම නුඹ අපරාධකරුවන් අතුරින් වනු ඇත.
10:107ජුස් 11 · පි. 221

وَإِنْ يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ ۖ وَإِنْ يُرِدْكَ بِخَيْرٍ فَلَا رَادَّ لِفَضْلِهِ ۚ يُصِيبُ بِهِ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ ۚ وَهُوَ الْغَفُورُ الرَّحِيمُ107

අල්ලාහ් නුඹට යම් හානියක් ස්පර්ශ කරවන්නේ නම් එවිට ඔහු හැර එය ඉවත් කරන කිසිවකු නැත. තවද ඔහු නුඹට යම් යහපතක් අපේක්ෂා කරන්නේ නම් එවිට ඔහුගේ භාග්‍යය වළක්වන කිසිවකු ද නොමැත. ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට එය සිදු කරයි. තවද ඔහු අතික්ෂමාශීලීය. අසමසම කරුණා ගුණයෙන් යුක්තය.
10:108ජුස් 11 · පි. 221

قُلْ يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمُ الْحَقُّ مِنْ رَبِّكُمْ ۖ فَمَنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَنْ ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَا أَنَا عَلَيْكُمْ بِوَكِيلٍ108

අහෝ මිනිසුනි ! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය නුඹලා වෙත සැබැවින්ම පැමිණ ඇත. එබැවින් කවරෙකු මග ලබන්නේ ද එසේ ඔහු මග ලබනුයේ ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නොමග ගියේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුටම එරෙහිවය. තවද මම නුඹලා වෙත වූ භාරකරුවකු නොවෙමි.
10:109ජුස් 11 · පි. 221

وَاتَّبِعْ مَا يُوحَىٰ إِلَيْكَ وَاصْبِرْ حَتَّىٰ يَحْكُمَ اللَّهُ ۚ وَهُوَ خَيْرُ الْحَاكِمِينَ109

තවද නුඹ වෙත දන්වනු ලබන දෑ නුඹ අනුගමනය කරනු. තවද අල්ලාහ් තීන්දු දෙන තෙක් ඉවසීමෙන් සිටිනු. තවද ඔහු තීන්දු දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න

Muhammad Ayyub - Yunus · Tlawati