සූරා 10 · ජුස් 11
Yunus · 10:39
بَلْ كَذَّبُوا بِمَا لَمْ يُحِيطُوا بِعِلْمِهِ وَلَمَّا يَأْتِهِمْ تَأْوِيلُهُ ۚ كَذَٰلِكَ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الظَّالِمِينَ
එසේ නොව, ඔවුහු ඒ පිළිබඳ දැනුමෙන් ග්රහණය නොකළ බැවින් ද එහි විග්රහය ඔවුන් වෙත නොපැමිණි බැවින් ද ඔවුහු බොරු කළෝය. මෙලෙසම ඔවුනට පෙර සිටියවුන්ද බොරු කළෝය. එබැවින් අපරාධකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ නිරීක්ෂාවෙන් බලනු.
තෆ්සීර්
එසේ නොව, ඔවුන් එයට පිළිතුරු නොදෙනු ඇත. නමුත් එය වටහා ගැනීමට හා පරිශීලනය කිරීමට පෙර එහි අවවාද කරනු ලැබූ දඬුවම ඇති වීමට පෙර ඔවුහු අල් කුර්ආනය බොරු කිරීමට ඉක්මන් වූහ. පෙර විසූ සමූහයා බොරු කළාක් මෙන් මෙවන් බොරු කිරීමක් ගෙන එන්නට බැලීය. නමුත් පහළ විය යුතු දඬුවම එමගින් පහළ විය. අහෝ දූතය! බොරුකාර සමූහයාගේ අවසානය කෙසේ වී දැයි මදක් සිතා බලනු. සැබැවින්ම අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න