සූරා 10 · ජුස් 11
Yunus · 10:38
أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ فَأْتُوا بِسُورَةٍ مِثْلِهِ وَادْعُوا مَنِ اسْتَطَعْتُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ
නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුන් පවසන්නේද? එසේ නම් මෙවැනිම පරිච්ඡේදයක් ගෙන එනු. තවද නුඹලා සත්යවාදීන් ව සිටියෙහු නම් අල්ලාහ්ගෙන් තොර ව නුඹලා හැකි අය (ඒ සඳහා) කැඳවා ගනු.
තෆ්සීර්
සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් විසින්ම මෙය ගොතා ඇති බවත් ඔහු එය අල්ලාහ් වෙත ඈදා පවසන බවත් දෙවියන්ට ආදේශ තබන මොවුන් ප්රකාශ කර සිටින්නේ ද? අහෝ දූතය, ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. සැබැවින්ම අල් කුර්ආනය බොරුවෙන් ගොතන ලද්දක් බව නුඹලා වාද කරමින් සිටින දෑහි නුඹලා සත්යවාදීන් නම් එමෙන්ම මා ද නුඹලා මෙන් මිනිසෙකු ව සිටිය දී එවැන්නක් මා විසින් ගෙනැවිත් තිබුණා නම් නුඹලා ද එවැනි පරිච්ඡේදයක් ගෙනැවිත් ප්රසිද්ධියේම නුඹලා ඇරයුම් කරනු. නමුත් නුඹලා එයට හැකියාව නොදරන්නේමය. (නුඹලා චතුර ලෙස කතා කරන්නන් හා දක්ෂයින් ලෙස සිටිය ද) නුඹලා ඒ සඳහා ශක්තිය නොදරනු ඇත. සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් පහළ වූවක් බව එය පෙන්වා දෙයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න