සූරා 10 · ජුස් 11
Yunus · 10:55
أَلَا إِنَّ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ أَلَا إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
අහස්හි හා පොළොවේ ඇති දෑ නියත වශයෙන්ම අල්ලාහ් සතු බව දැන ගනු මැනව. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්රතිඥාව ද සැබෑවක් බව දැන ගනු මැනව. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.
තෆ්සීර්
අහස්හි ඇති දෑහි ආධිපත්යයත් මහපොළොවේ ඇති දෑහි ආධිපත්යයත් අල්ලාහ්ට පමණක් සතු බව දැනගනු. දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට අල්ලාහ් ප්රතිඥා කළ දඬුවම කිසිදු සැකයකින් තොර ව සිදු වන බවත් දැනගනු. නමුත් ඔවුන් අතර සිටින බහුතරයක් දෙනා ඒ බව නොදනිති. ඔවුන් ඒ ගැන සැක කරති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න