සූරා 10 · ජුස් 11
Yunus · 10:54
وَلَوْ أَنَّ لِكُلِّ نَفْسٍ ظَلَمَتْ مَا فِي الْأَرْضِ لَافْتَدَتْ بِهِ ۗ وَأَسَرُّوا النَّدَامَةَ لَمَّا رَأَوُا الْعَذَابَ ۖ وَقُضِيَ بَيْنَهُمْ بِالْقِسْطِ ۚ وَهُمْ لَا يُظْلَمُونَ
අපරාධ කළ සෑම ආත්මයකටම මහපොළොවේ ඇති දෑ තිබේ නම් එය වන්දි වශයෙන් ගෙවනු ඇත. තවද ඔවුහු එම දඬුවම දුටු කල්හි පසුතැවිල්ල (තම සිත් තුළ) වසන් කර ගත්හ. තවද ඔවුන් අතර යුක්ති ගරුක ලෙසින් තීන්දු කරනු ලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
තෆ්සීර්
අල්ලාහ්ට ආදේශ තබන සෑම කෙනෙකු සතුවම මහපොළොවේ ඇති වටිනා සම්පත් සියල්ල තිබුණොත් අල්ලාහ්ගේ දඬුවමින් මිදීමට ඔහු ඔවුන්ට අවස්ථාව දුන්නේ නම් ඉන් මිදීම සඳහා ඔවුන් ඒවා ඔහු ඉදිරියේ වන්දි වශයෙන් තබනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දෙවියන්ට ආදේශ තබන්නන් එම දඬුවම දෑසින් දකින කල්හි ඔවුන්ගේ ප්රතික්ෂේපය මත පිහිටන පසතැවිල්ල ඔවුහු සඟවා ගනිති. ඔවුන් අතර ඉතා සාධාරණ අයුරින් අල්ලාහ් තීන්දු පිරිනමනු ඇත. කිසිදු අසාධාරණයක් සිදු කරනු නොලැබේ. ඔවුනට ප්රතිඵල පිරිනමනු ලබනුයේ ඔවුන්ගේ ක්රියාවන්ට අනුකූලවය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න