සූරා 10 · ජුස් 11
Yunus · 10:109
وَاتَّبِعْ مَا يُوحَىٰ إِلَيْكَ وَاصْبِرْ حَتَّىٰ يَحْكُمَ اللَّهُ ۚ وَهُوَ خَيْرُ الْحَاكِمِينَ
තවද නුඹ වෙත දන්වනු ලබන දෑ නුඹ අනුගමනය කරනු. තවද අල්ලාහ් තීන්දු දෙන තෙක් ඉවසීමෙන් සිටිනු. තවද ඔහු තීන්දු දෙන්නන්ගෙන් අති ශ්රේෂ්ඨය.
තෆ්සීර්
අහෝ දූතය! නුඹගේ පරමාධති නුඹ වෙත දන්වා ඇති දෑ පිළිපදිනු. ඒ අනුව ක්රියා කරනු. නුඹේ සමූහයා අතරින් නුඹට විරුද්ධව කටයුතු කරන නුඹ ඇරයුම් කරන දෑට එරෙහි ව ප්රචාරය කරන අය සම්බන්ධයෙන් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. අල්ලාහ් තම ප්රඥාව අනුව මෙලොවෙහි ඔවුනට එරෙහි ව නුඹට ජය ලබා දීමෙන් හා ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මතම ඔවුන් මිය ගියේ නම් මතුලොවෙහි ඔවුන් දඬුවමට භාජනය කිරීමෙන් අල්ලාහ් ඔවුන් අතර තීන්දු ලබා දෙන තෙක් ඒ මත අඛණ්ඩව සිටිනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න