සූරා 10 · ජුස් 11
Yunus · 10:108
قُلْ يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَكُمُ الْحَقُّ مِنْ رَبِّكُمْ ۖ فَمَنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَنْ ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَا أَنَا عَلَيْكُمْ بِوَكِيلٍ
අහෝ මිනිසුනි ! නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සත්යය නුඹලා වෙත සැබැවින්ම පැමිණ ඇත. එබැවින් කවරෙකු මග ලබන්නේ ද එසේ ඔහු මග ලබනුයේ ඔහු වෙනුවෙන්මය. තවද කවරෙකු නොමග ගියේ ද එසේ ඔහු නොමග යනුයේ ඔහුටම එරෙහිවය. තවද මම නුඹලා වෙත වූ භාරකරුවකු නොවෙමි.
තෆ්සීර්
අහෝ දූතය! නුඹ ජනයාට මෙසේ පවසනු. “අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලා වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමක් වශයෙන් අල් කුර්ආනය පැමිණ ඇත. එහෙයින් කවරෙකු එය විශ්වාස කොට යහමග ලබන්නේ ද එහි යහපත ඔහුටම නැවත හැරී එනු ඇත. ඊට හේතුව සැබැවින්ම තම ගැත්තන්ගේ අවනතභාවය ගැන අල්ලාහ්ට කිසිදු අවශ්යතාවක් නොමැති බැවිණි. කවරෙකු නොමඟ යන්නේ ද ඔහු නොමඟ යෑමේ බලපෑම ඔහුට එරෙහිව පිහිටනු ඇත. අල්ලාහ් වනාහි, තම ගැත්තන්ගේ පිටුපෑම ඔහුට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැත. එමෙන්ම මා නුඹලාගේ ක්රියාවන් ආරක්ෂා කරන හෝ ඒ සඳහා නුඹලා ව ගණන් බලන ආරක්ෂකයකු නොවෙමි.”
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න