සූරා 10 · ජුස් 11
Yunus · 10:72
فَإِنْ تَوَلَّيْتُمْ فَمَا سَأَلْتُكُمْ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ
නමුත් නුඹලා පිටුපෑවෙහු නම් (එය නුඹලාට එරෙහිවය.) එබැවින් (ඒ සඳහා) මම කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා සිටියේ නැත. මාගේ කුලිය අල්ලාහ් මත මිස නැත. තවද මුස්ලිම්වරුන් අතුරින් වීමට මා නියෝග කරනු ලැබුවෙමි.’
තෆ්සීර්
"මාගේ ඇරයුමට නුඹලා සැබැවින්ම පිටුපාමින් සිටියෙහු නම්, මාගේ පරමාධිපතිගේ දූත පණිවිඩය නුඹලාට දන්වා සිටීම සඳහා කිසිදු කුලියක් නුඹලාගෙන් මා නොපැතූ බව නුඹලා මැනවින් දන්නෙහුය. මාගේ කුසල් අල්ලාහ් මත මිස රැඳී නැත. නුඹලා මා විශ්වාස කරන්නෙහු ද එසේ නැතහොත් මා ප්රතික්ෂේප කරන්නෙහුද? අල්ලාහ්ට අවනත වෙමින් හා දැහැමි ක්රියාවන්හි නිරතවෙමින් ඔහුට යටහත් වන මෙන් ඔහු මට නියෝග කර ඇත."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න