සූරා 10 · ජුස් 11
Yunus · 10:73
فَكَذَّبُوهُ فَنَجَّيْنَاهُ وَمَنْ مَعَهُ فِي الْفُلْكِ وَجَعَلْنَاهُمْ خَلَائِفَ وَأَغْرَقْنَا الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنْذَرِينَ
නමුත් ඔවුහු ඔහු ව ප්රතික්ෂේප කළෝය. එවිට අපි ඔහු හා ඔහු සමඟ වූවන් නැව තුළ මුදවාගෙන ඔවුන් ව (මහපොළොවේ) නියෝජිතයන් බවට පත් කොට අපගේ සංඥා බොරු කළවුන් ගිල් වූයෙමු. අවවාද දෙනු ලැබූවන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ බලනු.
තෆ්සීර්
ඔහුගේ ජනයා ඔහු ව බොරු කළෝය. ඔහු සත්ය බව විශ්වාස නොකළෝය. එහෙයින් ඔහු හා ඔහු සමග නැවෙහි සිටි විශ්වාසීන් අපි මුදවා ගත්තෙමු. ඔවුනට පෙර සිටියවුන් සඳහා වූ අනුප්රාප්තිකයන් බවට අපි ඔවුන් පත් කළෙමු. එමෙන්ම ඔහු ගෙන ආ සාක්ෂි හා සාධක බොරුකළවුන් මහා ජල ගැල්මකින් විනාශ කළෙමු. අහෝ දූතය! නූහ් (අලෙයිහිස් සලාම්) තුමාණන් ඔවුනට අවවාද කොට පසුව විශ්වාස නොකළ ජනයාගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න