සූරා 10 · ජුස් 11
Yunus · 10:74
ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَاءُوهُمْ بِالْبَيِّنَاتِ فَمَا كَانُوا لِيُؤْمِنُوا بِمَا كَذَّبُوا بِهِ مِنْ قَبْلُ ۚ كَذَٰلِكَ نَطْبَعُ عَلَىٰ قُلُوبِ الْمُعْتَدِينَ
ඔහුගෙන් පසු ව දහම් දූතවරු ඔවුන්ගේ ජනයා වෙත අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝය. මීට පෙර ඔවුන් කවර දෙයක් බොරු කළේ ද එය විශ්වාස කරන්නට ඔවුහු නොවූහ. සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ගේ හදවත් මත අප මුද්රා තබනුයේ එලෙසමය.
තෆ්සීර්
අනතුරුව, ටික කලකට පසුව නූහ්ගෙන් පසු ඔවුන්ගේ ජනයා වෙත දූතවරු එව්වෙමු. ඔවුන්ගේ සමූහයන් වෙත පැහැදිලි සාක්ෂි හා සාධක සමග එම දූතවරු පැමිණියෝය. දහම් දූතවරුන් බොරු කිරීම පෙර සිටම ඔවුන්ගේ නොපසුබට උත්සාහය නිසා විශ්වාස කිරීමට සිතක් ඔවුනට පහළ නොවීය. අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තැබීය. පෙර සිටි දහම් දූතවරුන් අනුගමනය කළවුන්ගේ සිත් මත අපි මුද්රා තැබුවාක් මෙන් කවර කාලයක හෝ වේවා ස්ථානයක හෝ වේවා අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් ඔහුගේ සීමාව ඉක්මවා යන දේව ප්රතික්ෂේපකයින්ගේ හදවත් මත ද මුද්රා තබන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න