සූරා 10 · ජුස් 11
Yunus · 10:71
۞ وَاتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِ يَا قَوْمِ إِنْ كَانَ كَبُرَ عَلَيْكُمْ مَقَامِي وَتَذْكِيرِي بِآيَاتِ اللَّهِ فَعَلَى اللَّهِ تَوَكَّلْتُ فَأَجْمِعُوا أَمْرَكُمْ وَشُرَكَاءَكُمْ ثُمَّ لَا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةً ثُمَّ اقْضُوا إِلَيَّ وَلَا تُنْظِرُونِ
(නබිවරය!) නුඹ ඔවුනට නූහ්ගේ පුවත කියවා පෙන්වනු. ඔහුගේ සමූහයාට මාගේ ජනයිනි ! ‘මා (නුඹලා අතර) සිටීමත් අල්ලාහ්ගේ වදන් මා සිහිපත් කිරීමත් නුඹලාට බරක් වී නම් එවිට මම අල්ලාහ් වෙත භාර කරමි. පසු ව නුඹලාගේ තීරණය හා නුඹලාගේ හවුල්කරුවන් නුඹලා රැස් කර ගනු. පසු ව නුඹලාගේ තීරණය නුඹලාට එරෙහි ව මුළාවක් වශයෙන් නොවිය යුතුය. පසු ව නුඹලා මට (එරෙහි ව) තීන්දු කරනු. තවද මට නුඹලා අවකාශ නොදෙනු.
තෆ්සීර්
අහෝ දූතය! නූහ් (අලය්හිස් සලාම්) තුමා තම ජනයාට පවසා සිටි තොරතුරු දෙවියන්ට ආදේශ තබන මෙම බොරුකාරයින්ට කියා පෙන්වනු. හෙතෙම: “මාගේ ජනයිනි! නුඹලා ඉදිරියේ මාගේ ස්ථාවරය නුඹලාට බරක් වී නම්, අල්ලාහ්ගේ වදන් මා මෙනෙහි කිරීම හා මාගේ උපදෙස නුඹලාට පීඩාවක් නම්, නුඹලා මා ඝාතනය කිරීමට ස්තීර කර ගත්තා නම්, නුඹලා කරන කුමන්ත්රණය වළක්වාලීමට මම අල්ලාහ් මත පමණක් රැඳෙමි. නුඹලාගේ කටයුත්ත නුඹලාම තීන්දු කරනු. මා විනාශ කිරීමට නුඹලා ස්ථීර කර ගනු. උදව් ලබා ගැනීම සඳහා නුඹලාගේ දෙවිවරුන් කැඳවා ගනු. පසුව නුඹලාගේ කුමන්ත්රණය සැඟවුණු රහසක් නොවනු ඇත. පසුව මා ඝාතනය කිරීම සඳහා නුඹලා සැලසුම් යෙදීමෙන් පසු ව නුඹලා සඟවමින් සිටින දෑ මත ගමන් කරනු. මොහොතක් හෝ මට කල් නොදෙනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න