සූරා 10 · ජුස් 11
Yunus · 10:27
وَالَّذِينَ كَسَبُوا السَّيِّئَاتِ جَزَاءُ سَيِّئَةٍ بِمِثْلِهَا وَتَرْهَقُهُمْ ذِلَّةٌ ۖ مَا لَهُمْ مِنَ اللَّهِ مِنْ عَاصِمٍ ۖ كَأَنَّمَا أُغْشِيَتْ وُجُوهُهُمْ قِطَعًا مِنَ اللَّيْلِ مُظْلِمًا ۚ أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
තවද කවරෙකු පාපකම් උපයා ගත්තේ ද පාපකමට ප්රතිවිපාකය ඒ හා සමානයක්ය. තවද අවමානය ඔවුන් වෙළා ගනී. අල්ලාහ්ගෙන් කිසිදු ආරක්ෂකයකු ඔවුනට නොමැත. ඔවුන්ගේ මුහුණු රාත්රියේ කළු කඩතුරු වසා ගත්තාක් මෙනි. ඔවුහු නිරා වාසීහුය. ඔවුහු එහි සදාතනිකයෝය.
තෆ්සීර්
දේව ප්රතික්ෂේපය, පාපකම් වැනි නපුරු ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුන් සිදු කළ නපුරුකමට ඒ හා සමාන අල්ලාහ්ගේ දඬුවමින් ප්රතිවිපාක මතුලොවෙහි හිමි වනු ඇත. අවමානය හා අපහාසය ඔවුන්ගේ මුහුණු වෙළා ගෙන තිබේ. අල්ලාහ්ගේ දඬුවම ඔවුනට පහළ වූ විට ඉන් ඔවුන් වළක්වාලන කිසිවකු ඔවුනට නොසිටිනු ඇත. ඔවුන්ගේ මුහුණු නිරා ගින්නේ දුමාරයෙන් හා කළු පැහැයෙන් අධික ලෙස වෙළා ඇති බැවින් කළු පැහැයක් ඇඳගත්තාක් මෙන් එම මුහුණු පවතී. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු නිරා ගින්නේ වැසියෝ වෙති. ඔවුහු එහි සදා වෙසෙනේනෝ වෙති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න