සූරා 10 · ජුස් 11
Yunus · 10:10
دَعْوَاهُمْ فِيهَا سُبْحَانَكَ اللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَامٌ ۚ وَآخِرُ دَعْوَاهُمْ أَنِ الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ
එහි ඔවුන්ගේ පැතුම වනුයේ අහෝ අල්ලාහ් ! ඔබ සුපිවිතුරුය යන්නයි. තවද එහි ඔවුන්ගේ සුබ පැතුම වනුයේ සලාම් (ශාන්තිය) යන්නයි. ඔවුන්ගේ පැතුමෙහි අවසානය වනුයේ සියලු ප්රශංසා විශ්වයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සතුය යන්නයි.
තෆ්සීර්
ස්වර්ගයේ ඔවුන්ගේ පැතුම අල්ලාහ් ව ශුද්ධත්වයට පත් කිරීම හා පිවිතුරු කිරීමය. ඔවුන් සඳහා වූ අල්ලාහ්ගේ ආචාරය මලක්වරුන්ගේ ආචාරය හා ඇතැමෙකු විසින් ඇතැමෙකුට දක්වන ආචාරය සලාම් නොහොත් ශාන්තියේ ආචාරයයි. ඔවුන්ගේ අවසන් පැතුම සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් පැසසුමට ලක් කිරීමය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න