සූරා 10 · ජුස් 11
Yunus · 10:22
هُوَ الَّذِي يُسَيِّرُكُمْ فِي الْبَرِّ وَالْبَحْرِ ۖ حَتَّىٰ إِذَا كُنْتُمْ فِي الْفُلْكِ وَجَرَيْنَ بِهِمْ بِرِيحٍ طَيِّبَةٍ وَفَرِحُوا بِهَا جَاءَتْهَا رِيحٌ عَاصِفٌ وَجَاءَهُمُ الْمَوْجُ مِنْ كُلِّ مَكَانٍ وَظَنُّوا أَنَّهُمْ أُحِيطَ بِهِمْ ۙ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ لَئِنْ أَنْجَيْتَنَا مِنْ هَٰذِهِ لَنَكُونَنَّ مِنَ الشَّاكِرِينَ
ගොඩබිමේ හා මුහුදේ නුඹලා ව ගමන් කරවනුයේ ඔහුය. නුඹලා නැවක සිටි විට එය නැවුම් සුළඟකින් ඔවුන් කැටු ව යාත්රා කරයි. තවද එමගින් ඔවුහු සතුටු වූහ. සුළි සුළඟක් ඒ වෙත පැමිණෙයි. තවද සෑම තැනකින්ම (මුහුදු) රැලිද ඔවුන් වෙත පැමිණෙයි. එවිට නියත වශයෙන්ම තමන් කොටු වී ඇතැයි ඔවුහු සිතති. නුඹ අප මෙයින් මුදවා ගත්තෙහි නම් නියත වශයෙන්ම අපි කෘතවේදීන් අතුරින් වෙමුයි පවසා දහම අල්ලාහ්ට පමණක් සතු කරමින් අවංකයින් ලෙසින් අල්ලාහ්ගෙන් ඇයැද සිටිති.
තෆ්සීර්
අහෝ ජනයිනි! නුඹලා පා ගමනින් හා නුඹලාගේ වාහන මත නුඹලා ගමන් කරවනුයේ අල්ලාහ් ය. එමෙන්ම මුහුදේ නැව් තුළ නුඹලාව යාත්රා කරවනුයේ ද ඔහුය. නුඹලා මුහුදේ නැව් තුළ සිටිය දී යහපත් සුළඟක් මගින් නුඹලා රැගෙන, එම නැව් යාත්රා කරනු ඇත. එම ආරෝග්යමත් සුළඟ හේතුවෙන් මගීන් සතුටට පත් වන්නේය. ඔවුන් සතුටින් සිටියදී දැඩි සුළි සුළඟක් ඔවුන් වෙත හමන්නට පටන් ගනී. සෑම පැතිකඩකින්ම මුහුදු රල නැගී පැමිණෙයි. සැබැවින්ම තමන් විනාශ වන බවට ඔවුන්ගේ සිත් විශ්වාස කරයි. ඔවුන් කිසිවකු අල්ලාහ් සමග හවුල් නොකර ඔහුව පමණක් ඇරයුම් කරමින් “මෙම ව්යසනකාරී තත්ත්වයෙන් ඔබ අප මුදවා ගත්තෙහි නම් නුඹ අපට පිරිනමන ආශිර්වාදය සඳහා අපි ද නුඹට කෘතඥවන්නන් අතරට පත්වන්නෙමු" යැයි පවසයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න